ඔලු තුනේ බූරුවෝ! ලයිට් කැපිල්ල පවා සාමකාමීව සමරමු නේද? හා 😃


(මඩ කිං -2019.අප්‍රේල්.10, පෙ.ව.12.30)

ඔලු තුනේ බූරුවන්ගේ කතාව ලංකා දේශපාලන ඉතිහාසයේ එන්නේ මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරම්භයේදී මය. එදා පැරණි වම මේ චෝදනාව නැගුවේ පලමු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි ස්වාධීන මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙනය.

එදා වමේ ඒ ඔලු තුනේ බූරු කතාව ඉතිහාසයේ සදහන්ව ඇත්තේ වමේ බූරු කතාවක් ලෙසය. ඒ එදා පාර්ලිමේන්තුවේ සිටි වමේ උදවිය මේ ඔලු තුනේ බූරුවෝ කතාව වෙනුවට ස්වාධීන මන්ත්‍රීවරුන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරානම් වමේ ආන්ඩුවක් හදන්න තරම් අවස්ථාව තිබූ නිසාය.

ඒ අනුව ඉතිහාස විනිශ්චය වන්නේ සැබෑ ඔලු තුනේ බූරූවා එදා වම අස්සේ සිටි බවය. ඒ බූරූවා අනවශ්‍ය සුජාත බවක් වමට දෙන්න ගිහින් වමේ බලයක් ගොඩදාන්න තිබූ අවස්ථාව කනේ යැවූ ලෙසය.

ඔලු තුනේ බූරුවන් තේරුම් ගැනීමේ නිවැරදි දේශපාලන මානය ඒ අනුව ඉතිහාසය අපට නිර්මාණය කරදී ඇත.

අජිත්. පී පෙරේරා ගේ කතාව !

පසුගිය දිනක කැබිනට් නොවන  අමාත්‍ය අජිත් පී. පෙරේරා දෙරණ දිලිත්ගේ අරුණ පුවත්පතට අපූරු කතාවක් පවසා තිබිණ. ඒ යහපාලන ආණ්ඩුව තිබුණේ නම් අද මෙන් ලයිට් කැපිල්ලක්ද නොමැති බවය. එසේම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමනුත් කැබිනට් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය ත් නිවැරැදි පාලනයක් ගෙන ගිය නිසා ලයිට් කැපීමේ අවස්ථාවක් නොතිබූ බවත් එහෙත් 2018 කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් පසුව තමන් අනුගමනය කල නිවැරැදි ප්‍රතිපත්ති වෙනස් වීම හමුවේ ලයිට් කැපීමට සිදුව ඇති බවද ඔහු සදහන් කර ඇත.

ඉතා පැහැදිලිව එම සම්මුඛ සාකච්ඡාව කියවන ඕනෑම අයෙකුට දැනෙන්නේ කැබිනට් නොවන  අමාත්‍ය අජිත් පී පෙරේරා හීනියට නොව දැනෙන්නම මේ වන විට තිබෙන විදුලි බල අර්බුදයේ වගකීම වත්මන් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක වෙත යොමුකර ඇති බවය.

අජිත් පී = ඔලු තුනේ බූරූවා 

මෙහිදී අදාල සම්මුඛ සාකච්ඡාව තුල මාධ්‍යවේදියා අජිත් නොදැන අජිත් ව එතැනට ඇද්දා යැයි කියන්නටද නොහැකිය. ඒ ඊට පසුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද අජිත් පී පෙරේරා මේ කතාවම කී නිසාය.

එපමණක් නොව එහිදී අජිත් පී පෙරේරා ඇමතිතුමා කී තවත් අපූරු ප්‍රකාශයක් තිබේ. ඒ විදුලිබල අර්බුදයට විසදුම තමන් සහ සියඹලාපිටිය අමාත්‍යවරයා දැන සිටි බවය.

ඇත්තටම  රවී කරුණානායක විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පත්ව දින 75ක් නැත. ඒ හමුවේ බලාගාරයක් ඉදිකිරීමට කාලයක් නැති බවත් ඕනම අයෙකුට පැහැදිලිය.

එහෙත් සිය අමාත්‍යාංශ විෂය පථය ආශ්‍රිතව මතුව තිබෙන අවධානම රවී කරුණානායක අමාත්‍යවරයා දුටුවේය. පලමුව වහාම බලාගාර ඉදිකිරීමට අදාල ටෙන්ඩර් නිකුතූන් කඩිනම් කිරීමට උපදෙස් නිකුත්කර සිටියේ ඒ අනුවය. එසේම වලාකුළු සහිත වැසි රහිත අවස්ථාවල කෘතීම වැසි ඇති කිරීම ගැන ත් අමාත්‍යවරයා සාර්ථක අත්හදා බලවන්න කටයුතු යෙදුවේය. 

ඩීසල් බලාගාර මාෆියාව පමණක් නොව කුඩා ජලවිදුලි නඩෙත් ඉංජිනේරු මාෆියාවත් ඇමැතිට ගහන්න පොරොන්දම් බැලුවේ ඒ හමුවේය. එපමණක් නොව් විදුලිබල බලශක්ති මාෆියාවේ ආරක්ෂාව සහතික කරන්නට රවී කරුණානායක අමාත්‍යවරයාගේ දරුවන්ට පවා අපහාස කරවන මිනිස් වෙසින් සිටින අමුනුෂ්‍යයින් කිහිපදෙනකු ද සිය නියම ස්වරූපයෙන් සමාජය හමුවට පැමිණෙමින් සිටියි. (අප ඔවුන් හදුනා ගනිමින් සිටින අතර ඒ උදවිය ගැන නම් ගම් සහිත අනාවරණයක්  ලගදීම බලාපොරොත්තු වන්න. 

ඒ පසුබිමේ අජිත් පී පෙරේරා මේ කියන්නේ කුමක්ද ? කොහොම නමුත් අජිත් පී පෙරේරා ඇමැතිගේ මේ කතා නිසාම ඉතා පැහැදිලිව ඔහු හරහා අපට අපේ කාලයේ ඔලු තුනේ බූරුවෙක් අත්දකින්නට හැකිව තිබේ.

සියඹලා වන්නමේ රහස !

ඊට අදාල පළමු කරුණ වන්නේ තමන් සහ සියඹලාපිටිය අමාත්‍යවරයා සිටියා නම් විදුලි කප්පාදුවක් නැතැයි කියන අජිත් පී ඇමැති ඒ සමග පල් බොරුවක් කීමය. එනම් 2016 මාර්තු 14 වනදා සහ ඊට ආසන්න දින වල පෑවිල්ල හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවීම සැගවීමය.

දෙවන කරුණ වන්නේ සියඹලාපිටිය ඇමැති සහ අජිත් පී ඇමති සමයේ එක මෙගා වොට් එකක් ජාතික පද්ධතියට එක්කර නොතිබීමය. 

මෙතැනදී හරි නම් ඇමැති අජිත් පී විසින් රවී කරුණානායක අමාත්‍යවරයා වෙතින් සමාව ගත යුතුව ඇත. නමුත් ඔලු තුනේ බූරු ස්වභාවය වන්නේ මෙයයි. එනිසා සිය පක්ෂයේ නායකයකු වන රවී කරුණානායක අමාත්‍යවරයා මුහුණ දුන් දුෂ්කරතාව අදාල නොවන අතර අජිත් පී ට අදාල සියඹලා ඇමති වන්දනාව විතරය.

තෙවන කරුණ වන්නේ විදුලිබල මණ්ඩලයට ඉවක් බවක් නොමැතිව රංජිත් සියඹලාපිටිය ඇමති කෑගල්ලේ 4000ක් ඔබා නිකමෙක් ලෙස ඉවත්ව යන විට ඉතා සුලු රැකියා කිහිපයක් සදහා ඇමැති අජිත් පී ටත් අවස්ථාව ලබාදී තිබීමය. ඇමැති අජිත් පී ඒ රැකියා සියල්ල බණ්ඩාරගම ට දුන්නාද නැද්ද අප දන්නේ නැත.

සිව්වන කරුණ වන්නේ ජාතික විදුලි පද්ධතියට එක මෙගා වොට් එකක් එක් කරන්න සියඹලා - අජිත් අසමත් වුවත් හදිසි විදුලි මිලදී ගැනීම හරහා ඩීසල් විදුලි මාෆියාවේ සුරතලෙකු ලෙස ලැබූ සැප සිහිවීමය. ( මේ සම්බන්ධව හොද බ්ලොග් ලියන්නකු වන අජිත් පී ඇමතිට අපි අභියෝග කරන්නේ "කොන්දක් තියනවා නම් මේ ගැන සයිබර් විවාදයකට එන ලෙසය".)

ලැජ්ජයි අජිත් පී !

සියඹලා වන්නමේ රහස එහෙමය. ඒ සමග සිහිපත් කල යුතු තවත් කතා ඇත. බණ්ඩාරගම වැව් තාවුල්ලේ රහස වගේම ඉන්ධන හල් කතා ඒ අතර පෙරමුණේ ඇත. ඒත් අපි ඒ ගැන ලියන්න යන්නෙ නැත.

පක්ෂ නායකත්වයට ගැරහීම !

එහෙත් නොලියා සිටීමට බැරි දෙයක් ඇත. ඒ කැබිනට් අමාත්‍ය ධුරයක් වෙනුවෙන් ඇමැති අජිත් පී එක්සත් ජාතික පක්ෂය දුෂ්කරතාවට පත්කරමින් සිටීමය. ඒ නින්දිත උත්සාහය කොතරම්ද කියනවා නම් පක්ෂ නායකත්වය සයිබර් අවකාශය තුල ප්‍රසිද්ධියේ සංඛේතීයව ඝාතනය කරවන්න ඇමැති අජිත් පී කටයුතු කලේය.

ඒ, ෆේස් බුක් පෝල් එකක් දමා බුකියේ පාක්ෂික මතය ලෙස ඔහු අගමැති, පක්ෂ නායක රනිල් පරාජය කරවා වැඩි ඉල්ලුම නියෝජ්‍ය නායක සජිත් ට බව පෙන්වමින් ය.

එපමණක් නොව ඇමැති රාජිත කියන්නේ ඔරිජිනල් UNP නොවන බවත් දිස්ත්‍රික් නායකත්වයට වඩාත් සුදුසු තමන් බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලෙස කොන්සර්වේටිව් UNP පොඩ්ඩන්ට දන්වන්නද ඇමැති අජිත් පී නිතර කියයි.

නමුත් ඇමැති අජිත් පී නොදන්නේ අඩු වයසින් කොටහලු වෙන කෙල්ලන් ඉක්මනින් බඩ වෙන බවට විශ්වාසයක් ජන වහරේ ඇති බවය. කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ ජයග්‍රහණය සාමකාමීව සමරන්න කියමින් ඇමැති අජිත් පී පච වූයේ ඒ නිසාය. 

ඒ නිසා දැනට ඇමැති අජිත් පී  දෙන ආතල් වලට "හරි බං එළ"  සීමාවෙන් එහාට අපි යන්නේ නැත. ඒත් ඇමැති අජිත් පී, ඉන්න ලකුණු කරගෙන බැට් කරන්න. 

ලයිට් කැපිල්ල පවා  සාමකාමීව සමරමු නේද? හා
ඔලු තුනේ බූරුවෝ! ලයිට් කැපිල්ල පවා සාමකාමීව සමරමු නේද? හා 😃 ඔලු තුනේ බූරුවෝ! ලයිට් කැපිල්ල පවා සාමකාමීව සමරමු නේද? හා 😃 Reviewed by Admin on 12:01 PM Rating: 5

No comments

Top Gossip

gossip