සජිත් මේනියාවේ 'රස රහස' මෙන්න.


(මඩ කිං -2019.ජූලි.22, ප.ව.12.30)

71 හා 89 කැරලිවලට හේතුව ඇති-හැකි, නැති-බැරි පරතරය බව සජිත් පේ‍්‍රමදාස පවසයි.

කැරලි මගින් එම පරතරය නැති කල නොහැකි බවත් ආර්ථිකය වර්ධනය වන්නේ නම් ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ සමසේ බෙදී යා යුතු බවත් ඇමතිවරයා කියයි.

ඔහු මේ කතා කිව්වේ ජනහමුවක් අවස්ථාවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පුද්ගලයන්ගේ ප‍්‍රාග්ධන ශක්තිය වර්ධනය කල යුතු බව තමන් ආර්ථික විද්‍යාවට ඉගෙන ගත් බවත් එය තමන් විසින් ක‍්‍රියාවට නංවන විට ඊට අද ඊර්ෂ්‍යා කරන බවත් පැවසීය.

රණසිංහ ප්‍රේමදාස ගේ  පුතා වන තමන්ගේ අරමුණ මෙරට සියුළුම දෙනා දශ ලක්‍ෂපතියන්, කෝටිපතියන්, ප‍්‍රකෝටිපතියන් බවට පත් කිරීම බවත් ඒ සදහා වන සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාස බවත් ඔහු සදහන් කලේය.

සජිත් ප්‍රේමදාසගේ ඉහත ප්‍රකාශය සත්‍යයෙන් බොහෝ දුර බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නැතිනම් සජිත්ගේ මේ කතාවේ බරපතලව ගත යුක්තක් නෑ .

සජිත් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු ඇයි ?

 ඒත් සජිත් ඔහේ කියවගෙන යනවා. මේ කතා මිනිස්සු විශ්වාස කරයි කියලා සජිත් හිතනවද දන්නෙ නෑ. ඒක දන්නෙ සජිත්. නමුත් එක දෙයක් මේ තුළ පැහැදිලි වෙනවා.

ඒ තමයි සජිත් කියන්නේ ලංකාවේ ජාතික අභිලාෂ ගැන කිසිම දැනුමක් නැති හිස් ප්‍රාණියෙක් බව. ඒ හිස්කම කොච්චරක්ද කිව්වොත් " දිනන්න පුලුවන් නායකයා සජිත් " කියලා කියන කෙරුමන්ටත් " ඇයි සජිත්ව ජනාධිපති කරන්න ඕන ?" කියන ප්‍රශ්නයට උත්තර නැති බවක් පෙන්නුම් කරනවා.

ප්‍රශ්නයේ මුල කොතනද ?

ලංකාව 2015 දී මහා බලාපොරොත්තු කන්දක් සමග ආණ්ඩු පෙරළියක් සිදුවුවත්, එහි අස්වැන්න ජනතාවට ලැබුණේ නෑ . විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ට. ඒ සිරිසේන ජනාධිපතිගේ ගුණමකු බල තණ්හාව නිසා බවට වාදයක් නෑ. ඒ වගේම තමයි ඔහුට තිබූ හීනමානය.

ග්‍රාම්‍ය පසුගාමී මොළයක් උරුම සිරිසේනට unp නායකයන් ගේ ලිබරල් සංස්කෘතික හැසිරීම දරාගන්න බැරි වෙනවා. උදාහරණයක් ගත්තොත් කැබිනට් මණ්ඩල හමුවේ දී අමාත්‍යවරුන් ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගැනීම. Unp අමාත්‍යවරුන් ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්න කොට ඒ කතා වෙන්නේ මොනවාද කියලා හිතාගන්න බැරි සිරිසේන ජනාධිපති ට නිකං  දෝදු වගේ හැඟීමක් ඇතිවීම පැහැදිලියි .

 ඔන්න ඔය විදියට ගොඩනැගුණු සමාජ , සංස්කෘතික , භාෂා සහ ඒ මත රිදුම් දෙන්න ගත්ත , පෞරුෂය විසින් තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැන්නෙකු පේන්න බැරි , දුටුවත් තරහා යන සිරිසේන ජනාධිපතිව බිහිකරන්නේ. පාලන බලය ගෙන වසර දෙකක් වගේ කාලයක් තුළ තමන්ව බලයට ගෙනා බලවේග වෙත වෛර කරන ජනාධිපති මතුවුනේ අන්න එහෙමයි.

සජිත් කවුද ? මොනවද කරන්නේ ?

අපි දැන් සජිත් වෙත හැරෙමු. සජිත් ප්‍රේමදාස කිසිම දවසක රටේ ජාතික ප්‍රශ්න ගැන අවධානයෙන් යුතුව කරුණු දක්වනවා අපි අහලා නෑ. ජාතික ප්‍රශ්නය අරගෙන බලන්න , ඒ ගැන සජිත්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නෑ. රටේ මේ ගැන බරපතල ලෙස සංවාද මතුවූ  තීරණාත්මක අවස්ථා වලදී සජිත් හිටියේ නිහඩව.

ඒ විතරක් නෙවෙයි , මේ රටේ ඉඩම් පරිභෝජනය ගැන සජිත්ගේ අදහස බලන්න. මිනිසුන්ට නිවාස දෙනවා, ශ්‍රීමත් අප්පච්චි දුන්නා වගේ දෙනවා, කියලා මහ හයියෙන් කෑ ගැහුවට, ජාතියේ නිවාස පියා වීමේ දොලදුකින් වගේ හැසිරුනාට, ගිනිපෙට්ටි වගේ නිවාස ගම් බිහිකිරීම තවදුරටත් සුදුසු නෑ . ඉඩම් පරිභෝජන රටාව සහ මෙරට ඉඩම් සම්බන්ධ අනාගත අභියෝගය නිවැරැදිව කියවා ගත්තා නම් සජිත් වුනත් මෙහෙම පිස්සු නටන්නේ නෑ.

ඒ වගේම ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් වීම සහ එහි ඇති සාර්ව ආර්ථික තර්කය පවා සජිත්ට මැජික්. නැත්නම් ඒ කිසිවක්  තේරුම් ගන්න සජිත්ට බැරි බව ඔහු නිතර ඔප්පු කරනවා.

කොටින්ම කිව්වොත් නූතන රාජ්‍ සහ එහි කාර්‍ය භාරය ගැන සජිත්ට තියෙන්නේ නොදැනුමක්. ඔහුගේ මනස තවමත් තියෙන්නේ රාජ්‍ය ඒකාධිකාරි ධනවාදය තුළයි. අන්න ඒකයි සජිත් "පාසල් ළමුන්ට බෝතල් දෙනවා, බනිස් දෙනවා, සපත්තු දෙනවා, වගේ කතා වල ඉඳලා සර්ව සාධාරණ ලෙස ධනය බෙදීමක් කරන රටක් ගැන විකාර කියන්නේ. 

හිස් මිනිසකුගේ විලාපය !

 සජිත්ගේ දැනුම සීමා සහිතයි. ඔහු තාර්කික පුරෝකතනය සම්බන්ධව අසමත්. ඒ නිසා  හැමෝටම එක වගේ ධනය බෙදීම , මරණ දඩුවමට පක්ෂ වීම, පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතෝලික පල්ලි සමග පමණක් ගනුදෙනු කිරිම වගේ සිඟිති වැඩ ගොඩක් සජිත් කරන්නේ.

අපි මෙහෙම කියන්නම්, ඔය සාහිත්‍ය කතා වල, චිත්‍රපට , ටෙලිනාට්‍ය වල  ඉන්න සල්ලිකාර අප්පොච්චිලාගේ පිස්සු කෙළින පුත්තු ගැන මතකරලා බලන්න.

ඒ ගොඩක් පුත්තු තාත්තාගේ හයියෙන් කාලයක් දුවනවා. තාත්තාගේ සල්ලි බලය මත සැලකිය යුතු මදාව් දිවියකට හිමිකම් කියනවා. අධ්‍යයනයට , වෘත්තිය ක්ශේත්‍රයේ ඔවුන් දුර්වලයි.

ඒත් සිංදු කියනවා, ඩ්‍රම් ගහනවා , ලක්ෂ ගණන් කැමරා වලින් ෆොටෝ ගහමින් නිකරුණේ කාලය ගෙවනවා. ඒත් පියාගේ බලය අහිමිවීමත් සමග මේ හාදයා දරාගන්න බැරි අසහනයකට පත්වෙනවා. නළල් රැළි ගැහිලා, ඇස් වටේ කළුවෙලා දැඩි මානසික ආතතිගත ලක්ෂණ මුහුනෙන් පවා පෙන්නුම් කරනවා.

ළමාවියේ නැවතුණු අසරණයා !

ඔහු සිරුරෙන් මුහුකුරා ගියත් වැඩ වලදී ළමා ගති පෙන්නුම් කරන්නේ. ඔහු කැමති මේ අනාරක්ෂිත තරුණ හෝ වැඩිහිටි අවධියට වඩා අර අහිමිවූ ළමා වියට. ඒ හීනමානයෙන් ඔහු නිතර පීඩා විඳිනවා. පෞරුෂය කෑලි කරගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා.

අප්පොච්චිගේ හයිය !

 අපි නැවතත් දන්න කියන සාහිත්‍ය ට යමු. මේ වගේ තරුණයන්ගේ සමාජ බලය නැතිනම් ප්‍රභූ පවුල් පසුබිම දඩමීමා කරගෙන ගොඩයන කතාත් ඔය අතරේ තියනවා ඔබ අහලා කියවලා මතක ඇති.

දැන් සජිත් දිහා බලන්න. සජිත්ව ජනාධිපති අපේක්ෂකයා  කරන්න වෙහෙසෙන අය හැමෝම දන්නවා සජිත්ගේ කෙරුවාව. ආර්ථිකය ගැන සජිත් දන්න මගුලක් නෑ . නිදහස් සංස්කෘතික හැසිරීම් ගැන පවා එහෙමයි. එහෙනම් මොකක්ද මේ සජිත් unp අපේක්ෂකත්වය ලබාදීමට දියත් වන කුමන්ත්‍රණ ?

පැරනි රසාංග !

ඒ මොකුත්ම නෙවෙයි , ගමේ දළ මදාව් පුතා එක්ක එකතුවෙලා කුපාඩිකමේ යන, ඔහුගේ හයියෙන් හැම දහදුරා වැඩක්ම කරන තක්කඩි ගැන මතකද ? අන්න එයාලගෙයි, සජිත්ව යෝජනා කරන අයගෙයි කිසිම වෙනසක් නෑ . සාහිත්‍ය කතා වල වගේම  උන් කොච්චර හයිය තියන දළ කාරයෙක්ගේ පුතාලත් එක්ක එකතු වෙලා උන්ට දෙයක් කරගන්නවා හෝ පස්සේ ඒ නිසා ගමටම කෙළවනවා මිසක් වෙන වැදගත් දෙයක් වෙන්නේ නෑ වගේ තමයි.. ඔය සජිත් තමයි ඕනා කියන්නේ රටට ජනතාවට අඩුම ගාණේ unp සාමාජිකයන් ට දෙයක් කරන්න නෙවෙයි උන්ගේ දෙයක් උන්ට කරගන්නයි. පස්සේ ඉතිං කෙළවෙන්නේ රටටයි, ජනතාවටයි.

බොරු නම් සජිත් තමයි ඕන කියලා කියන අයගෙන් අහන්න, "සජිත් ගෙනල්ලා මොකක්ද කරන්නේ ?" කියන සරල ප්‍රශ්නය. අන්න එතකොට එයාලත් ඒකාබද්ධ විපක්ෂය , ජනාධිපති සිරිසේන මෙච්චර කල් unp එකට කෙලවන්න ගහපු මඩ සේරම අතට අරගෙන කියයි, " මේ නිසයි ඕන සජිත් " කියලා.


(විශේෂ ලියුම්කරුවෙක් විසිණි)

සජිත් මේනියාවේ 'රස රහස' මෙන්න. සජිත් මේනියාවේ 'රස රහස' මෙන්න. Reviewed by Admin on 12:24 AM Rating: 5

No comments

Top Gossip

gossip