බැඳුම්කරයෙන් ගොඩයන්න හදන, සජිත් කල්ලියේ සූකරයන්ට පිළිතුරක්!


ඌරෙක් වුවත් එක වරක් වැටුණු වලේ යළි යළිත් වැටෙන්න සූදානම් නැති බව ගැමියන් දනියි. එහෙත් අශූචි කන්න හුරුවූ ඌරන් එහෙම නැත. හොයාගෙන ගොස් ඕනෑම වලකට පැණීම උන්ගේ සිරිත වන අතර ඒ තිබෙන ඕන වලක් අශූචි වලක් ලෙස සිතන නිසාය.


ඉහත සටහන තබා ඇති තැනැත්තා එවැනි අශූචි සඳහා ලොබ බැඳී අංක එකේ ඌරෙක් බව තහවුරු වෙයි. ඒ බැඳුම්කර ගනුදෙනුව කියන්නේ යහපාලනය වනසන්න  මෛත්‍රී  - රාජපක්ෂ කල්ලිය විසින් ගොඩදානු ලැබූ පොදු වැසිකිළියක අශූචි වලක් බව රටම දන්නා නිසාය.

මේ සූදානම ඒ බව ඔප්පු කිරීමටය. ප්‍රශ්නගත  බැඳුම්කර ගනුදෙනුව ගැන මාර කතා රැසක් ගොබෙල්ස් න්‍යායට අනූව සමාජ ගතවූ බව ඇත්තය. රාජපක්ෂ කඳවුර 2018 පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි ජයක් ලැබුවේ ඒ මොහොතේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව තිබූ සමාජ මිත්‍යාව දුරු කිරීමට එජාපය ප්‍රමුඛ ආණ්ඩුවේ අසමත් භාවය නිසාය. විකල්ප ධාරාවේ මාධ්‍ය හරහා බැඳුම්කර ගනුදෙනුව ගැන සත්‍ය අනාවරණය කිරීමට යම් උත්සාහයක් ගැනුණත් එය අසාර්ථක  වූයේ ප්‍රධාන ධාරාවේ ජඩමාධ්‍ය දිගින් දිගටම බැඳුම්කර ගනුදෙනුව කරේ තියාගෙන මිත්‍යාව වැපිරූ නිසාය. ඊට තවත් ජවයක් ලැබුණේ යහපාලනය වෙනුවෙන් බිහිකළ ජනාධිපති මෛත්‍රී ද තම දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් එම මිත්‍යාව ගෙන දේශපාලන වේදිකාව දෙවනත් කළ නිසාය.

 බැඳුම්කර ජනාධිපති කොමිසම පත්කිරීමට ජනාධිපති මෛත්‍රී කටයුතු කළේද ඒ වෙනුවෙන් බව අමුතුවෙන් කියන්න ඕන නැත. එහෙත් එහිදී අනාවරණය වූයේ කුමක්ද? පහත දැක්වෙන්නේ ඒ ගැන අති සරල අනාවරණයකි. මේ ගැන මීට වඩා සීරියස් ලිවීමට හැකි වුවත් සජිත් කල්ලියේ මොළේ පරිමාව රටම දන්න බැවින් එසේ ලියා තේරුමක් නැත.

දැනටමත් බැදුම්කර ගනුදෙනුවට අදාලව නීතිපති විසින් නඩු පවරා ඇත. අපි එතැන සිට මෙය කියවා ගනිමු.

අගමැති රනිල් සහ එවකට මුදල් ඇමති සම්බන්ධ නැද්ද?

මෙම සිදුවීමට අදාළ වැදගත්ම කාරණාව නම් අදාළ බැඳුම්කර සිද්ධිය පිළිබඳව චෝදනා ලැබූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එවකට මුදල අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය මලික් සමරවික්‍රම වැනි කිසිවෙකු මේ නඩුවේ චූදිතයන් නොවීමය. සරළ අර්ථයෙන් ගතහොත් නම් ඔවුන් ඒ කිසිවකු මේ ගනුදෙනුවට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් ඔවුන් සම්බන්ධව නැගු චෝදනා සියල්ල හුදු අවලාද සහ දේශපාලන මඩ පමණක් වී ඇති බවය.

කෙසේ නමුත් මෙම අසත්‍ය චෝදනා නිසා වැඩිම අවලාද නැගුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය රවී කරුණානායක වෙත ය. එම අවලාද සහ මඩ කොතරම් ප්‍රබල වී ද කියනවා නම් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අමාත්‍ය රවී කරුණානායක එවකට මුදල් අමාත්‍ය ධූරයෙන් පවා ඉල්ලා අස්වුයේ නිර්දෝෂී පුද්ගලයෙකු ලෙසය.

මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව!

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව කෙරෙහි ද අවධානය යොමු කළ යුතුව ඇත. එහි දී අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව පුද්ගලයන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර එහි දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී නීතියක් උල්ලංඝනය කර තිබේද, කිසියම් පනතක් උල්ලංඝනය කර තිබේද, එමඟින් කොපමණ පාඩුවක් සිදුව තිබේද, යන්න සම්බන්ධයෙන් ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අසමත් විය. ඒ නිසා ඔවුන්ගේ පෙත්සම ඉවතට විසි විය. ඒ අනුව මෙරට නීතියෙන් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිවෙකු වැරැදිකරුවකු කර නොමැත.

කන්දක් විළිලා මීයෙක් වැදූ පාඩුව!

මෙහිදී රජයට සිදුවූ පාඩුව ලෙස දක්වා ඇත්තේ රුපියල් 688,762,100 ක් නැතිනම්, හැට අට කෝටි අසූහත් ලක්ෂ හැට දෙදහස් එකසීයකි.

ඒ අනුව මෙතෙක් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව ගැන කියූ " ගණනය කළ නොහැකි" පාඩුවක්, බිලියන 23ක්, 46ක් ආදී ලෙස කියූ කතා සියල්ල අසත්‍ය චෝදනා බවට පත් වී ඇත.

පාඩුව කෝටි 68යි: දැනටත් සමාගමේ මුදල් කෝටි 120 ක්  මහ බැංකුවේ!

මේ සම්බන්ධව නැගුනු ප්‍රශ්න වලදී මහ බැංකුව මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද දිගින් දිගටම සඳහන් කර සිටියේ පර්පෙචුවල් සමාගමේ රු.මිලියන 1200 ක් හෙවත් රුපියල් කෝටි 120 ක මුදලක් මහ බැංකුව විසින් රඳවා ගෙන තිබෙන බැවින් රජයට මේ හරහා පාඩුවක් සිදුවීමට ඉඩ නොතබන බවය. ඒ අනුව දැන් නීතිපති තක්සේරුවට වඩා එනම් පාඩුව මෙන් දෙගුණයකට ආසන්න මුදලක් රජය සතුව පවතී.

යහපාලනයට එරෙහිව ගැසූ දේශපාලන ගේමක්!

මෙහිදී වූ අවාසනාව වන්නේ මෙකී චෝදනාව සම්බන්ධව සමාජයට තිබු දැනුම අඩු බව නිසා ඒ සම්බන්ධව එල්ල කරන චෝදනා සියල්ල සත්‍ය වැනි හැගීමක් සමාජයට යාමය. විශේෂයෙන් මෙකී චෝදනාව සම්බන්ධව නිවැරදි තතුවිති අනාවරණය කිරීමට එදා රාජ්‍ය මාධ්‍ය සමත්වුයේද නැත.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත්වූ අවස්ථාවේ ජනාධිපති සිරිසේන ද රටට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එහි තිබෙන සියල්ල අනාවරණය කළොත් මහත් ආන්දෝලනයක් ඇති විය හැකි බවය. එසේම එකී පාර්ශවයෙන්ම පුවත් නිර්මාණය කර සමාජය නොමග යැව්වේ බැඳුම්කර ජනාධිපති කොමිසන් වාර්තාවේ රහස්‍ය ලේඛන ප්‍රමාණයක් ජනතාවට අනාවරණය නොකරන බවය.

මෛත්‍රීපාල  සහ රාජපක්ෂ සමාගම!

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණට එරෙහිව ජන මතයක් නිර්මාණය කරගත්තේ මේ පට්ටපල් බොරු මිනිසුන් සත්‍ය ලෙස භාරගත් නිසාය. ජනාධිපති මෛත්‍රී  මෙන්ම මහින්ද රාජපක්ෂ හිතවාදීන් ගොබෙල්ස් න්‍යාය අනුව යමින් ඒ මැතිවරණය ගොඩදාගන්න වෙහෙසුන අතර අවසානයේ එහි වාසිය හිමිවුයේ රාජපක්ෂ කඳවුර වෙතය.

ගේම ඇදපු අයට සිරිසේනගෙන් තනතුරු!

මෙම ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම ගොබෙල්ස් න්‍යාය අනුව සමාජ ගත කිරීම මුළුමනින්ම ඉලක්ක කර තිබුණේ යහපාලන ආණ්ඩුව වෙත සමාජ අපවාදයක් නිර්මාණය කර ඒ සම්බන්ධව පැවති ජනතා විශ්වාසය පළුදු කිරීමය. ඒ බව තහවුරු කරන්නේ ඊට අදාළ පළමු පැමිණිල්ල අල්ලස් කොමිසමට සිදුකරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ය. අනතුරුව එය කරේ තබාගෙන ඇද්දේ මහින්ද පාර්ශවය සහ ජනතා විමුක්ති පෙරමුණ ය. සිවිල් සංවිධාන පැත්තෙන් මීට සහභාගීව සිටියේ රජිත් කීර්ති තෙන්නකෝන් වැන්නවුන් ය. රජිත් කීර්ති තෙන්නකෝන් අද දකුණු පළාත් ආණ්ඩුකාර ය.  බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙය වූ එවකට ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා දැන් නීතිපතිය.

මහ බැංකු බැදුම්කර සිද්ධිය ගැන ඔබ දැන ගත යුතුම කරුණු 4ක්.

1: කවුද මේ පර්පෙචුවල් ට්‍රේසරීස් (Perpetual Treasuries ?)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවට ණය ලබාගන්නා ආයතනයක් ලෙස කටයුතු කිරීමට අවසර ලබන්නේ 2013 වසරේදී වන අතර මෙම ආයතනය පර්පචුවල් සමූහ සමාගම් ජාලයේ තවත් එක් සමාගමකි. මෙම පර්පචුවල් ව්‍යාපාර ජාලයේ හිමිකරවා වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ කෝටිපති ව්‍යාපරිකයෙකු වූ ඇලෝසියස්ගේ මුණුපුරා වන අර්ජුන් ඇලෝසියස් ය.

2: වැරදුනේ කොතනද?

යහපාලන රජය බලයට පැමිනි පසු තිබූ ප්‍රබලතම අභියෝගය වූවේ පසුගිය රජය සමයේ ගිලිහී ගිය විදේශ සබඳතා යලි ගොඩනංවා විදේශ ආයෝජන රට තුලට ගෙන ඒමය. එහිදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  ධූරයෙන් ඉක්මනින් ඉවත් කිරීමේ අවශ්‍යතාව මතුව තිබුනේ රු කොටි 24,000ක පමණ අලාභයක් රජයට සිදුකරමින් වරින්වර  සිදුකල ග්‍රීක බැඳුම්කර ගනුදෙණු ඇතුල අක්‍රමිකතා නිසාවෙනි.

ඉන්පසු එම තනතුර භාර ගැනීමට අර්ජුන මහෙන්ද්‍රන් ලංකාවට පැමිණියත්, ධූරයට පත්වීම ගැටලුවක් වන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට මහ බැංකුවට ණය සපයන ආයතනයක හිමිකාරීත්වය තිබීම නිසාවෙනි. එනම් එහිදී අර්ජුන මහේන්ද්‍රන්ගේ ස්වාධීනතාව ගැටළුවක් වන බැවිනි. එය විසඳාගැනීම වෙනුවෙන් අර්ජුන ඇලෝසියස් අදාල ආයතනය කලමණාකරණය වන අධ්‍යක්ෂක මණ්ලයෙන් ඉවත් විය.

3: බැඳුම්කර යනු කුමක්ද?

බැඳුම්කර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්‍රමවේදයකි.

උදාහරණය:

මහබැංකුවට රු. 1000ක් ණය ලබාගැනීමට අවශ්‍ය යැයි සිතමු.
මහ බැංකුව එවිට රු100 බැගින් වූ බැඳුම්කර නිකුත් කරන්නේ නම් සහ 10% පොලිය මත එවා නිකුත් කරයි නම්, මහ බැංකුව රු 100 බැඳුම්කරයක් දී , රු 90ක් ලබාගනී. (at maturity)

රු 10ක් පොලිය ලෙස රජයට ගෙවීමට සිදුවේ.

ඒ අනූව රජයට රු. 1000ක් ණය ලබාගැනීමේ මුලු පාඩුව රු. 100කි.
එනම් පොලිය රු. 100/1000= 10%කි.

රජය රු 100 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 10කි
රජය රු 1,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 100කි
රජය රු 10,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 1,000කි
රජය රු 100,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 10,000කි
රජය රු 1,000,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 100,000කි
රජය රු 10,000,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 1,000,000කි
රජය රු 100,000,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 10,000,000කි
රජය රු 1,000,000,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 100,000,000කි
රජය රු 10,000,000,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 1,000,000,000කි
රජය රු 100,000,000,000 ණයට ගත්තොත්, පාඩුව (පොලිය) රු. 10,000,000,000කි

ප්‍රාථමික ගැනුම් කරුවෙකු ලාභ ලබන ප්‍රධාන ක්‍රම දෙකක් ඇත.

01. ඉහත පොලී ලාභය
02. බැඳුම්කර ද්විතීයික වෙළඳපලේ විකුණා ලබන ලාභය. ආයතනයක ලාභය තීරණය වන්නේ අදාල ආයතනය රජයට ලබාදුන ණය ප්‍රමාණය හා පොලිය මත වේ. වැඩියෙන් දුන් අය වැඩි ලාභයක්ද, අඩුවෙන් දුන් අය අඩු ලාභයක්ද ලබයි.

4: කාටද පාඩුව උනේ?

රජය කාගෙන් ණය ලබාගත්තද ඊට අදාල පොලිය ගෙවීමට රජයට සිදුවේ.එනම් පාඩුවක් සිදුවේ. කිසිවෙකු නිකම් ම මුදල් ලබාදෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයට ණය සැපයීමට සුදුසුකම් ඇති ආයතන 16ක් පමණ ඇත. මෙම 16 දෙනාගෙන්ම රජය වරින් වර බැඳුම්කර නිකුත් කර ණය ලබාගනී. 

මෙම ගනුදෙනුව සඳහා උදාහරණයක්!

මහ බැංකුවට රු 10,000ක් අවශ්‍ය යැයි සිතමු.

ඒ අනූව රු 10,000/-ක් වටිනා බැඳුම්කර වෙන්දේසියට නිකුත් කරන බව දැනුම්දේ.

එක් ආයතනයක් (1) රු. 2000ක් 10% පොලියට දීමට කැමැත්ත පලකරයි.
තවත් ආයතනයක් (2) රු. 5000ක් 12% පොලියට දීමට කැමැත්ත පලකරයි
තුන්වන ආයතනය (3) රු. 10,000ක් 13% පොලියට දීමට කැමැත්ත පලකරයි
හතරවන ආයතනය(4) රු 200ක් 9% පොලියට දීමට කැමැත්ත පලකරයි.
සිද්ධියට අදාල ආයතනය (5) රු 50,000ක් 12% පොලියට දීමට කැමැත්ත පලකරයි.
ඒ අනූව මහ බැංකුව කැඳවූ රු. 10,000/- වෙනුවෙන් රු. 67,200ක් සඳහා අයදුම් පත් ලැබේ.
මහ බැංකුව රු 20,000ක් දක්වා ඉල්ලුම් පිලිගනී. ඒ අනූව
ආයතනය (4) රු 200 පොලිය 9% = 18 පොලී ආදායම
ආයතනය (1) රු 2000 පොලිය 10% =200 පොලී ආදායම
ආයතනය (2) රු 5000 පොලිය 12%=600 පොලී ආදායම
ආයතනය (5) රු 12,800 පොලිය 12% (සිද්ධියට අදාල ආයතනය)=1536 පොලී ආදායම

සැලකිය යුතු කරුණු.

*එක් ආයතනයක් පමණක් විශාල මුදලක් සඳහා අයදුම් කර ඇත. එයට නීතිමය බාධාවක් නැති අතර එය එම ආයතනයේ ව්‍යාපරික ක්‍රම උපාය විය හැකියි. තවද අදාල ආයතනය විශාල ප්‍රමාණයකට ලංසු තැබූ එකම අවස්ථාව මෙය නොවේ.

*මහ බැංකුව ඇයි ඉල්ලූ ප්‍රමාණයට වඩා පිළිගත්තේ. ඉතිහාසයේ සිට බැලූවිට පෙර පැවති සියලු ආණ්ඩු යටතේ ඉල්ලූ ප්‍රමාණයට වඩා පිලිගත් අවස්ථා ඌනෑ තරම් තිබේ. රජයේ අවශ්‍යතාව අනූව මහ බැංකුව පිළිගන්නා ප්‍රමාණය වැඩි වී තිබේ.

*රජයට වැඩිම ණය ප්‍රමාණය සැපයූ ආයතනයට වැඩිම ලාභය ලැබී ඇත. තවද ද්විතීයික වෙළඳපල තුල සක්‍රීයතාව මත එම සමාගමට තම ලාභය වැඩිකරගත හැක.

*පාඩුවක් වී නම්, එසේ වී ඇත්තේ අනෙකුත් ආයතන වලට පමණි. නමුත් එම ආයතන  විශාල ප්‍රමාණයක් රජයට ණය සැපයීමට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් තිබුනේ නැත. ඔවුන් ඉදිරිපත් කළ ප්‍රමාණයට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත.

අශූචි වලට ලොබ බැඳී සජිත්ගේ සූකරයන්ට !

අශූචි වලට ලොබ බැඳී සජිත්ගේ සූකරයන්ට දැන් තේරුනාද? 

 මෛත්‍රීපාල සමග එකතුව  හඳ පානේ පක්ෂයේ බලය කිලීට අල්ලගන්න ලොක්කෝ ගහපු ගේම අනාවරණය කළ අපි ඉදිරියටත් සාක්ෂි සහිතව තවත් බොහෝ දෑ අනාවරණය කරන්න සූදානම්. 

පැජට් පාරේ කුස්සියේ සිට කක්කුස්සිය දක්වා විතැන්ව ඇති බොලගේ කුමන්ත්‍රණය නින්දිත සහ ෆැසිස්ට් බව මේ වන විට එජාප පාක්ෂිකයන් තේරුම් ගනිමින් සිටියි. ඒ පසුබිමේ කලිසන් සූට් අඳින සූකර පොව්වන් කිපී ඇති බවත් පෙනෙන්නට තිබේ.

එහෙව් සූකරයන්ට අපට කියන්න ඇත්තේ පොඩි වචන කිහිපයක් පමනි.

මොලේ කළඳක් සූකර  හෙංචයියලා වූ බොලා සූකරයන් බැවින් අශූචි කෑමේ නිදහස බොලා සතුය. අපි ඊට බාධා කරන්නේ නැත. ඒත් ඒ අශූචි අහල පහළ විසිකර හාත්පස ගඳ ගස්සන්න ආවොත් අපේ ලිවීම මීට වෙනස් වනු ඇත.

මීට වඩා බැඳුම්කර ගනුදෙනුව ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් බනානා සුජී, බාර් අප්පුහාමී සහ ශෙඩ් පී. පෙරේරා යන ෆුට්නෝට් කල්ලියෙන් අසා දැනගන්න. පොතක් ලෙස අවශ්‍ය නම් බනානා සුජී ලියලා තියෙන්නේ ඉල්ලා ගන්න

බැඳුම්කරයෙන් ගොඩයන්න හදන, සජිත් කල්ලියේ සූකරයන්ට පිළිතුරක්! බැඳුම්කරයෙන් ගොඩයන්න හදන, සජිත් කල්ලියේ සූකරයන්ට පිළිතුරක්! Reviewed by Admin on 11:50 PM Rating: 5

No comments

Top Gossip

gossip