සජිත් කල්ලියෙන් බාර් ලයිෂන් දීලා නෑ: ඒ දුන්නේ එතනෝල් ලයිෂන්!


මෙච්චර කාලයක් එතනෝල් ජාවාරම්කරුවන් ලෙස චෝදනා ලබා සිටියේ රාජපක්ෂ කඳවුරේ උදවියයි. ඒත් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එතනෝල් ජාවාරම්කරුවන් බවට පත්වෙලා.  

මේ වෙනකොටත් මීඩියා කිහිපයක්  මේ තොරතුරු අනාවරණය කරගෙන ඉවරයි. වැඩේ ලීක් වෙන්න අරගෙන තියෙන්නේ බාර් ලයිෂන් දුන්න බවට විස්තරේ මීඩියා වල ගියාට පස්සේ.

එක පැත්තකින් මන්ත්‍රීවරයෙක් මාට්ටු වෙන්නේ ඒ බාර් ලයිෂන් නෙවෙයි බං.. යාළුවෙක් දාලා ගත්ත එතනෝල් ලයිෂන් එකක් කියලා. අනිත් පැත්ත ගැන ලියන්න බෑ , මොකද විස්තරේ තාම අරගෙන ඉවර නෑ.

එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එතනෝල් ජාවාරම්කරුවන් බවට පත්වුණේ කොහොමද ? දැන් ප්‍රශ්නය ඒක නේද ? උත්තරය වෙනදා වගේම සරලයි.

වෙන මොකක්ද සජිත්ගේ ජනාධිපති අපේක්ෂක වලිප්පුව හොඳ කරගන්න මිසක්.

රාජපක්ෂ කඳවුරේ උදවියට එතනෝල් ජාවාරම්කරුවන් කියා වැටෙන්න ගහපු මේ අහිංසක මන්ත්‍රීවරුන් අද පක්ෂයේ නායකයන් වෙත මඩ ගහන තැනට ඇදලා දාලා.එහි අවසන් ඉලක්කය එජාප නියෝජ්‍ය නායක සජිත් ට පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය ඇති බව පෙන්නුම් කරන්න.

මඩකිං මේ ගැන මුලින්ම අනාවරණය කළා ඔබට මතකද ? ඒ ප්‍රශ්නය ඇදුණු පළවෙනි අවස්ථාවේ. එහිදී අපි අඩමානයට තොරතුරු දුන්නේ නෑ. අපිට ලැබුණු තොරතුර වුණේ, මත්පැන් බලපත්‍ර කියලා. ඒ එක්කම නම් 4 ක් සඳහන් වුනා.

1. හේෂා විතානගේ 
2. හෙක්ටර් අප්පුහාමි 
3. නිරෝෂන් පෙරේරා 
4. චමින්ද විජේසිරි 

නමුත් අපි අනාවරණය කරන අවස්ථාව වෙනකොට මේ ගැන තහවුරු කරගන්න පුළුවන් වුණේ නම් තුනයි. ඒ අනුව තමයි අපි හේෂා විතානගේ , නිරෝෂන් පෙරේරා සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් ගැන නම් සහිතව හෙළිකළේ.

මේ ගැන වැඩි විස්තර හොයපු මඩකිං කණ්ඩායමට ලැබුණු අලුත් හෝඩුවාව තමා මේ සෙට් එක දිනාගෙන  තියෙන්නේ මත්පැන් බලපත්‍ර (බාර් ලයිෂන් ) වලින් නොවන බව. 

එහෙනම් මොනවා දීලද සජිත් කල්ලිය තමන්ගේ ගොඩ වැඩිකරගන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් බාගෙන තියෙන්නේ ? 

එතනෝල් බලපත්‍ර , එතනෝල් ආනයනය කිරීමේ බලපත්‍ර දීලා තමයි මේ සෙට් එක බාගෙන තියෙන්නේ.

දැන් ලැබිලා තියන තොරතුරු අනූව නම් එතනෝල් ආනයනය කිරීමේ බලපත්‍ර අරගෙන සජිත්ගේ කල්ලිය දිනාගෙන තියන මන්ත්‍රීවරුන් ගණන 6 යි.

1. හේෂා විතානගේ 
2. හෙක්ටර් අප්පුහාමි 
3. නිරෝෂන් පෙරේරා  
4. චමින්ද විජේසිරි 
5. හර්ෂණ රාජකරුණා 
6. තුෂාර ඉඳුනිල් 

මේ තුප්පහි වැඩේ ගැන කැබිනට් එකේ ඇදුනත් විෂය භාර ඇමැති වූ මංගල හීනියට මාරු වුණෙර්, "ඉල්ලීම් ලැබිලා තියනවා. ඒත් දෙන්න අවසන් තීරණයක් අරගෙන නෑ" කියලා.

ඒත් එතනෝල් බලපත්‍ර දීම ගැන නම් තවමත් මංගල මොකුත්ම කියලා නෑ. දැන් මේ අය අබ කාපු ගොළුවන් වගේ මාධ්‍ය ඉස්සරහා හිටියට මොකද උන් කාපු අබ අනිත් එවුන්ටත් කවන්න උත්සාහ දරණ බවයි දැනගන්න තියෙන්නේ.

ඒ " සජිත්ට සෙට් වෙයං, ලොක්කා අපිව දැන් ඉඳලා බලාගන්නවා" කියාගෙන.

මේ ගැන අපි තවදුරටත් විස්තර හොයනවා. ඒ හොයාගෙන රටටම කියනවා. ඒ අතරේ මුදල් අමාත්‍යාංශය වෙත කියන්න දෙයක් තියනවා.

බොලා දැන් ලිබරල් සළු ගලෝගෙන ඉවරයි. ඒත් මේ ගැන රටට ඇත්ත කියන යුතුකම තියනවා. ඒ යහපාලන ආණ්ඩුවේ රෙදි ඇත්තටම ගැලවෙන්නේ බැඳුම්කර වගේ මෙගා බොරු වලින් නෙවෙයි , මෙන්න මේ වගේ බලය ගන්නත් පෙර නවක මන්ත්‍රීවරුන් දූෂිතයන් කරන අල්ලස් වැඩ නිසා. ඒ නිසා කැමති නම් කියපල්ලා.

මේ වැඩේදි අපි සජිත් කල්ලියේ හෘදසාක්ෂිය ගැන ප්‍රශ්න අහන්න එන්නේ නෑ. මොකද එහෙම එකක් සජිත්ගේ කල්ලියේ කාටවත් නැති බව අපි හොදටම දන්නවා.

සජිත් කල්ලියෙන් බාර් ලයිෂන් දීලා නෑ: ඒ දුන්නේ එතනෝල් ලයිෂන්! සජිත් කල්ලියෙන් බාර් ලයිෂන් දීලා නෑ: ඒ දුන්නේ එතනෝල් ලයිෂන්! Reviewed by Admin on 4:44 AM Rating: 5

No comments

Top Gossip

gossip