සජිත් - මෛත්‍රී ආණ්ඩුවක් - පක්ෂ විපක්ෂ කිහිපදෙනකු රිමාන්ඩ්!


ඇඟ කිළිපොලා යන දේශපාලන කුමන්ත්‍රණය සැප්තැම්බර් මාසයේ!


බොහෝ දෙනෙක් සුදු ඇඳගෙන මඩ ගහමින් අපි මඩ ගහන්නේ නෑ කියයි. ඇත්ත ඇති සැටියෙන් අනාවරණය කළ විට ඒ මඩ කියයි. ඒ නිසා අපි "මඩකිං" වුනා.

මඩකිං - කිව්වොත් කිව්වා තමයි !

මේ කතාව කිව්වේ හේතුවක් ඇතිව. ඒ තමයි එජාප ප්‍රමුඛ සන්ධානය බිහිකිරීමේ පළමු අවස්ථාවේ සජිත් එය අල කිරීමේ දේශපාලන උපක්‍රමය මොකක්ද කියලා හිතාගන්න බැරුව හුගාක් අය හිරවෙලා ඉන්න කොට ඒ ගේම මොකක්ද කියලා අපි සිදුකළ අනාවරණය. බොහෝ අය අපිට කිව්වේ ඒ මඩක් කියලා. (සජිත් ජනාධිපති - මෛත්‍රී අගමැති )

නමුත් දැන් ඇත්ත ඇති සැටියෙන් අනාවරණය වෙලා. සජිත් - මලික් කුහක කල්ලියේ දේශපාලනය නැවතත් උත්සාහය මෛත්‍රී කියන පසුගාමී සහ කුහක දේශපාලන ප්‍රතිමූර්තිය අස්සේ එජාපය හිරකිරීම.

අපි දැන් කරන්න යන්නේ එහි දෙවැනි අනාවරණය. ඒ තමයි යළිත් පාර්ලිමේන්තුව තුල දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කිරීම. 

අලුත් කුමන්ත්‍රණය සැප්තැම්බර් මාසයේ !

පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය දියත් කලේ මෛත්‍රී - මහින්ද සුසංයෝගය. ඒත් මෙවර කුමන්ත්‍රණය දියත් කරන්න සූදානම් වෙන්නේ මෛත්‍රී - සජිත් සුසංයෝගයෙන්.

දැනට අනාවරණය කරගෙන ඇති කරුණු අනූව මෙවර උත්සාහය සජිත් අගමැති ධූරයට පත්කිරීම. සජිත් අගමැති ලෙස පත්ව  පළමුව සිදුකරන්නේ  වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ව අරලියගහ මන්දිරය තුළින් එළියට දැමීම. ඒ මෛත්‍රීපාල සිරිසේනගේ ආශාව ඉටුකිරීමට. මොකද රනිල් මේ ගේම ගහගෙන ඉන්නෙ අරලියගහ මන්දිරයේ ඇති බලයක් නිසා කියන මිත්‍යාවේ මෛත්‍රීපාල දැඩිව වෙලිලා ඉන්නවා. ඒ වගේම තමයි රනිල් සමග මෛත්‍රීපාල ට තියන දරාගත නොහැකි වෛරය.

සජිත් ජනාධිපති අපේක්ෂකයා වුනත් නොවුනත් කුමන්ත්‍රණය ශුවර් !

දැන් අපි නැවතත් කාරනයට බහිමු. සජිත් අගමැති කරන්න සූදානම් වන්නේ ඔහුට එජාප ප්‍රමුඛ සන්ධානය හරහා ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුනොත් කියන සැකය නිසා. මෛත්‍රීපාල පාර්ශවය වගේම සජිත් පාර්ශවය ගණන් බලා තියන විදිහට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරය ගන්න සජිත්ට පුලුවන්. හැබැයි ඒ වත්මන් අගමැති රනිල් ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කරලා නෙවෙයි.

රනිල්ට යන එන මං නැති කිරීමට !

දේශපාලන කුමන්ත්‍රණයක් හරහා මෙය සිදුකිරීමට තමයි සූදානම. එහිදී සජිත් අගමැති කරලා පාර්ලිමේන්තු සභාවාරය කල් තියන්න මෛත්‍රීපාල කටයුතු කරනවා. පස්සෙ රනිල්ට අග්‍රාමාත්‍ය කාර්‍යාලය සහ අරලියගහ මන්දිරය අහිමි කරවනවා. ඒ හරහා  රනිල් පාර්ශවයට නැවත සංවිධානය වෙන්න තැනක් හෝ පාක්ෂිකයන් දැනුවත් කිරීමට තැනක් නැති කරනවා.

පස්සෙ සජිත් එජාප නායකයා ලෙස නම් කරලා පක්ෂයේ බලය ඇල්ලූ බව රටටම ප්‍රසිද්ධ කරනවා. මේ කාලය තුළ ව්‍යාජ පුවත් වැහි වහිනවා. එයින් එකක් දැනටමත් නිර්මාණය කරමින් තියනවා. ඒ රනිල් පාර්ශවයේ ප්‍රබලයන් මහින්ද ප්‍රමුඛ පොහොට්ටුවේ සහයට පිල් මාරු කළ බවට. අනෙක තමයි රනිල්  සජිත්ට පක්ෂ නායකත්වය දුන්න බවට.

එජාපයේ සියළු තනතුරු වෙනස් වෙයි !

අගමැති වූ සජිත් එජාප මහ ලේකම් ධූරයේ සිට සියළු පක්ෂ තනතුරු සඳහා ඔහුට හිතවත් විශ්වාසවන්ත පිරිස් පත්කරනවා.

පසුව පාර්ලිමේන්තුව තුළ එජාප - ශ්‍රිලනිප සම්මුති ආණ්ඩුවක් පිහිටුවමින් අමාත්‍ය ධූර ප්‍රමාණය වැඩි කරගන්නවා. ඒ තුළ අමාත්‍යවරුන් බවට පත්වෙන්නේ අලුත් මුහුණු. එහෙමත් නැත්නම් දැන් ඉන්න එජාප මන්ත්‍රීවරුන් පිරිසක් අලුත් කැබිනට් මණ්ඩලය වෙත පත්වෙනවා.

රනිල් - පොහොට්ටු කුමන්ත්‍රණයක් ගැන අලි බොරුවක් !

එතැන් සිට මේ දේශපාලන කුමන්ත්‍රණය සාධාරණීකරණය වෙන්නේ ඊට එරෙහිව පොහොට්ටු පාර්ශවය වගේම ද්‍රවිඩ සන්ධානය , රනිල් පාර්ශවය අදහස් දක්වන්න ගැනීම තුළ.

මෛත්‍රීපාල මේ සඳහා දැනටමත් සෘජු ගණුදෙනු අරඹා ඇත්තේ ගෙදර ජන්දයවත් ගන්න බැරි මලික් සමරවික්‍රම කියන ලෝකපාළුවා සමග. මෛත්‍රීපාල පසුගිය සමයේ විදෙස් ගතවී සිටියදීත් අගෝස්තු 21ට පෙර සජිත්ව කෙසේ හෝ එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා කරවන ලෙස උපදෙස් නිකුත් කෙරුනේ මේ මලික් කියන ලෝකපාළුවා හරහා යි.

එජාප නවකයන්ට කැරට් අමාත්‍ය ධූර !

මේ වෙනකොට සාකච්ඡා කර ඇති ආකාරයට ශ්‍රීලනිපය අතැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමේ සූදානමින් සිටින මන්ත්‍රීවරුන් එසේ යානොදී රඳවා ගැනීමත් සජිත් පාර්ශ්වයට සහාය නොදුන් එජාප මන්ත්‍රීවරුන්ගේ සහාය සජිත්ට ලබාගැනීමත් සඳහා ඔවුන්ට ඇමති ධුර පිරිනැමීමට නියමිතයි.

ඒ අනූව සජිත් - මෛත්‍රී ආණ්ඩුවේ සියළු  අමාත්‍යාංශ 93 ක් කැබිනට් මණ්ඩලය සදහා අමාත්‍යවරුන් 48ක් නියෝජ්‍ය 45ක් ඇතුලත් කරන්නයි සූදානම. ඒ සියල්ල ව්‍යවස්ථාව අනූව හරි නිසා මේ මහා පාවාදීම මාධ්‍ය හරහා සාධාරණීකරණය කිරීමට පහසු බව ඔවුන්ගේ අදහස වී තියනවා.

මේ සැලැස්ම දියත් කිරීම පිටුපස ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි , කිලී මහරාජා. කවුරු ජනාධිපති වුනත් කවුරු අගමැති වුනත් නිල නොලත් පාලකයා ඔහු වෙනවා. ඒ සඳහා තමයි දැක්මක් නැති මුග්ධ බවින් පිරුණු ඩබලක් රටේ මුල් පුටුවලට ගේන්න සූදානම් කරන්නේ. 

යන එන මං නැතිව දේශපාලන කුණු කූඩය වාටියේ ඉන්න මෛත්‍රීපාල ව කොහොම හරි අගමැති කරන්න යන්නේ.

ගෝඨා - රනිල් ඇතුළු පිරිසක් හිරේ ?

ඒ වගේම ජනතා මුදල් අවභාවිත කිරීම සහ අපරාධ චෝදනා ගොනුකර ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් ජනාධිපතිවරණය අවසන් වනතුරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියමිත බවත් දැනගන්නට තියනවා. (නමුත් ඒ ගැන කරුණු තවම තහවුරු කර ගන්න අපේ ගවේෂණ කණ්ඩායම සමත්ව නෑ )

ඒත් මේ  කුමන්ත්‍රණයේ B ප්ලෑන් දෙකක් ගැනත් අපිට වාර්තා වෙලා තියනවා. 

1: අලුත් ආණ්ඩුවේ අගමැති ලෙස සජිත්ව පත්නොකිරීම 

ඒ දේශපාලන කුමන්ත්‍රණයට සහය දීම නිසා ඔහුව විවේචනය වනු ඇති බවට එදා සිට සජිත්ට දේශපාලන උපදෙස් දෙන එජාප ජේෂ්ඨයකු දැඩි ස්ථාවරයක සිටීම නිසා. ඒ වගේම මේ කුමන්ත්‍රණයට එම ජේෂ්ඨයා විරුද්ධ බවටත් තොරතුරු තිබෙනවා.

ඒ නිසා එක මොහොතක් හෝ අගමැති වීමට පෙරුම් පුරන අයෙකුට අගමැති තනතුර දෙන්න සූදානම් බව තමයි දැනගන්න තියෙන්නේ.

ඒ වගේම මුදල් අමාත්‍ය මංගල සමරවීර එම ධූරයෙන් ඉවත්කර ඔහුට විදේශ කටයුතු සහ වරාය , සිවිල් ගුවන් , විදුලිබල බලශක්ති යන අමාත්‍යාංශ එක්කළ බලගතු අමාත්‍යාංශයක් ලබාදීමට සජිත් - මෛත්‍රී යුගය තීරණය කර තිබෙනවා.

ඒත් මේ යෝජනාවට මංගල අකමැති වෙයි කියන පූර්ව නිගමනය නිසා නව ලිබරල් ආර්ථික දැක්මට සජිත් යොදවා කුඩු වෙන්න ගැස්සවීමක් දියත් කර අවසන්. ඒ ගැනත් මුලින්ම වාර්තා කළේ මඩකිං විසින්. 

ඒ විතරක් නෙවෙයි අලුත් මුහුණු සදහා අමාත්‍ය මන්ඩලයේ වැඩි ඉඩක් දීම හරහා එජාප පසුපෙළ මාස කිහිපයකට කඩේ යැවීමත් මේ සැලැස්මේ කොටසක්.

B ප්ලෑන් 2

මේ සැලැස්ම අනුව එජාප ජේෂ්ඨ අමාත්‍යවරයකුට අගමැති ධූරය ලබාදීමට නියමිතයි. ඒ සඳහා මේ වන විට රනිල් පාර්ශවය නියෝජනය කරන අයෙකු පත්කරන සූදානමක් තියෙන්නෙ.

ඒ වගේම ජනාධිපතිවරණයට පසුව එන මහ මැතිවරණය තෙක් එජාපය නියෝජනය කරන සජිත් කල්ලියේ පිරිස අමාත්‍ය මන්ඩලයට නොපැමිනෙනු ඇති. ඒ හරහා ඔවුන් පෙන්වීමට සූදානම් වෙන්නේ තමන් කොච්චර පරිත්‍යාගශීලි ද යන්නයි.

ඒත් ඒ සියළු සෙල්ලම් සජිත් ජනාධිපති කර සජිත් ජනාධිපති - මෛත්‍රී අගමැති වෙනතුරු පමණයි.

සජිත් - මෛත්‍රී ආණ්ඩුවක් - පක්ෂ විපක්ෂ කිහිපදෙනකු රිමාන්ඩ්! සජිත් - මෛත්‍රී ආණ්ඩුවක් - පක්ෂ විපක්ෂ කිහිපදෙනකු රිමාන්ඩ්! Reviewed by Admin on 1:17 AM Rating: 5

No comments

Top Gossip

gossip