'බනානා සුජී - බාර් හේෂා' එජාප හෘදසාක්ෂිය අවදිකරයි: වෙස් මුහුණු ගැලවූ ''හිරු''



බනානා සුජී ගැන කදිම අනාවරණයක් ලංකාඊනිව්ස් වෙබ් අඩවිය විසින් සිදුකර තිබේ.

පහතින් එය කියවන්න පුළුවන් .👇

https://facebook.com/story.php?story_fbid=2605191836212632&id=219430344788805

මේ දින වල මහා කෙරුමෙකු ලෙසින් මාධ්‍ය ඉස්සරහා රඟන බනානා සුජී ගේ ඇත්ත ජීවිතය එහෙමයි. ඒ විතරක් නොවෙයි එජාප පසුපෙළ කියමින් මරු කියවන හේෂා විතානගේ, හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා ඒ පව්කාර මල් වට්ටියට අතගසා ඇත්තේ ඔවුන්ට බාර් ලයිෂන් හිමිවන නිසා බව මේ වෙනකොටත් තහවුරුයි.

එජාප අපේක්ෂකයා ලෙස සජිත් නම් නොකළහොත් විකල්ප සොයන්නට සිදුවන බව කියා පක්ෂයට තර්ජනය කරන්නේ එහෙව් හේෂා ලායි.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී වැදගත් ප්‍රකාශයක් සිදුකළා.

ඒ මෛත්‍රීපාල සමග ඩීල් දාන කිසිවෙකුටත් තමන් සහය නොදෙන බව පවසමින්. මෙතෙක් සජිත් කල්ලියේ බවට ලකුනුව සිටි හිරුණිකා ගේ මේ හදිසි වෙනස අන් කිසිවක් නොව සජිත් - මෛත්‍රීපාල ගැන්සියේ සූදානම කිලීට රට විකිණීම බව කරුණු ඇතිව තහවුරු වීමයි.

මේ පසුබිමේ එජාප හෘදසාක්ෂිය අවදිව තිබේ. එජාප ක්‍රියාකාරී සාමාජිකයකු අප වෙත එවා ඇති මේ ලිපිය ඊට සාක්ෂි දරයි.

වෙස් මුහුණු ගැලවූ ''හිරු''

වහෙන්හොරෝ නැතිව අමුවෙන් උනත් තිත්ත ඇත්ත කියන මිනිසුන් සමාජයේ අඩුය.ඉදිරි ජනපතිවරණය වෙනුවෙන් පිටිය සැකසෙන අවදියක පසුගියදා එ.ජා.ප මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදු කළ ප්‍රකාශයක් සම්භන්ධව සමාජයේ දැඩි කතාබහක් මේ වනවිට නිර්මාණය වෙමින් ඇත.

ඒ වෙන කිසි දෙයක් නිසා නොව ජනපති සිරිසේන ගැන කී කෙලින් කතාව නිසාය.මේ ආණ්ඩුව අපහසුතාවයට පත්කළ ආණ්ඩුවේ ප්‍රධානියා වන සිරිසේන සමඟ ඩීල් දාන කිසිවෙකුට ඇය සහය නොදක්වන බව ඍජුව පැවසීම සැබවින්ම එ.ජා.පයේ සාමාජිකයින් වැඩි දෙනෙකුගේ ප්‍රසාදයට හේතු විය.

සිරිසේන යනු විෂ බීජයක් බවත් ඔහු සමඟ ගමනක් යන්නට කවුරුන් හෝ සැරසෙන්නේ නම් ලැබෙන්නට තිබෙන ඡන්ද පවා අහිමිවීමේ අවදානමක් ඇති බව ඇය වැඩි දුරටත් පැවසීය.එල්ලෙන්න වැල් නැතිව ඉන්න ඔහු පොහොට්ටුව සමඟද සාකච්චා කරන අතර හොරෙන් හොරෙන් එක්සත් ජාතික පක්ශයේ ඇතැමුන් සමඟද සාකච්චා කර අගමැතිකම දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් මාව අහවල් තැනට පත් කරන්න කියමින් එ.ජා.පක්ශය කඩන්න සැලසුම් කරන සිරිසේනගේ ලනු කන එ.ජා.පයේ ඇතැමුන්ද වැරදි මාර්ගයේ යන බව කී ඇය එ.ජා.පය කඩන්න සැරසෙන සිරිසේනගේ කුමන්ත්‍රණයට හසු වුවහොත් එය පක්ශයට වන දැඩි බලපෑමක් බව පැවසීය. 

මේ ප්‍රකාශ සමඟ බොහෝ එ.ජා.පාක්ශිකයින්ගේ ඇස් ඇරුණු බවක් දැන් දැන් දක්නට ඇත.මෙතුවක් කළ් නින්දේ සිටියාක් මෙන් සිටි බොහෝ අය ඇහැරුනේ මේ සිරිසේනගේ කුමන්ත්‍රණය ගැන සිදු කළ හිරුනිකාගේ හෙලිදරව්වත් සමඟය.

ඇත්තෙන්ම සිරිසේන සමඟ රෑට රෑට ආණ්ඩුව පිහිටවන්න කතා කරන උදවිය සැබෑ එක්සත් ජාතික පාක්ශිකයින්ද යන්න සැක සහිතය.බිම් මට්ටමේ මිනිසුන් රවටමින් අව්‍යාජ එ.ජා.ප හදවත් බන්දේසියේ තබා සිරිසේනට පූජා කරන්න සැරසීම කෙතරම් සැහැසිද ?.දින 52කේ කුමන්ත්‍රණය අද ඇතැමුන්ට අමතකය.රටේ මූලික නීතිය අමු අමුවේ උල්ලංඝනය කර අති බහුතර එ.ජා.ප ඡන්දයෙන් බලයට ආ සිරිසේන කිසිදු හිරිකිතයක් නැතිව නීතිවිරෝධීව අගමැතිකම මහින්ද රාජපක්ශට දුන් සිරිසේන හා එක්ව ආණ්ඩු පිහිටවන්න ඔය කියන බිම් මට්ටමේ එ.ජා.පාක්ශිකයින් කිසිදා එක් වන්නෙ නැත.එය නියතය.මන්ද ඇතැමුන්ට අමතක උනත් පාක්ශිකයින්ට දින 52ක අමතක වන්නේ නැත.

දින 52 නින්දිත කුමන්ත්‍රණයයේදී ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු එ.ජා.පය වෙනුවෙන් සැබෑ එක්සත් ජාතික පාක්ශිකයින් ලක්ශ ගණනින් ‘‘අරලියගහ මැදුර‘‘ට ආවේ සිරිසේන කළ ඒ ගුණමකු වැඩේට එරෙහිව.එහෙව් සිරිසේන එදා කුජීත විය.ජන බලයෙන් පමණක් නොව රටේ උත්තරීතර නීතියෙන්ද ඔහු කළ ඒ ක්‍රියාවට වැට බැදී බව අද වැරදි පාරේ යන එ.ජා.පයේ ඇතැමුන්ට අමතකය.රජය බලයට පත්වූ දා සිට අනේකවිද කෙනහිලිකම් කල සිරිසේන හා එක්වන්නේ කෙසේදැයි එ.ජා.පයට හදවතින්ම ආදරේ යැයි පවසන උදවියගෙන් ප්‍රශ්න කළ යුතුමය.

සිරිසේනට අවශ්‍ය එ.ජා.පය කෑලි කෑලි වලට බෙදා වෙන් කරන්නය.එමෙන්ම තමන්ට ඔනෑ පරිදි නටවන්නට හැකි නායකයෙකු පත්වන තෙක් දෑස් අයා සිටින මාධ්‍ය ආයතනයක්ද මේ කුමන්ත්‍රණ නාටයක පසු පස සිටින්නේ කෙල හලමින්ය.එහෙව් කුමන්ත්‍රණකරුවන්ගේ කැමැත්තට අභිමානවත් එක්සත් ජාතික පක්ශය පාවා දෙනවාද යන්න රෑට රෑට සිරිසේන හා එක්වන්න කතා කරන පිරිස් දැන ගත යුතුය.

අසරණ පාක්ශිකයින්ට වෙනත් චිත්‍රයක් පෙන්වමින් එ.ජා.පයේ හදවත බඳු ජන මතය සිරිසේනගේ දෙපා පාමුල තබන කුමන්ත්‍රණය සැබවින්ම පරාජය කළ යුතුමය.සිරිසේන වර්ණනා කරමින් ඔහු වෙනුවෙන් ප්‍රශස්ති ගයමින් නටන්නට හදන නාඩගම හෙලි කිරීම ගැන සියළු පාක්ෂිකයින් හිරුණිකා මැතිණියට ගෞරව කල යුතුය.මන්ද ඇතැමුන් අගේට ඔහුගේ පිට කසද්දී විෂ බීජයේ අවධානම කොන්ද පණ ඇතිව කියන්න තරම් පිරිමියෙකුට වඩා ශක්තිමත් වීම සැබවින්ම විශිෂ්ඨය.

වෙස් මුහුණු ගැලවූ ‘‘හිරු‘‘ ඔබට තුති!

-පක්ශයට ලැදි එක්සත් ජාතික පාක්ශිකයින්-

'බනානා සුජී - බාර් හේෂා' එජාප හෘදසාක්ෂිය අවදිකරයි: වෙස් මුහුණු ගැලවූ ''හිරු'' 'බනානා සුජී - බාර් හේෂා' එජාප හෘදසාක්ෂිය අවදිකරයි: වෙස් මුහුණු ගැලවූ ''හිරු'' Reviewed by Admin on 3:20 AM Rating: 5

No comments

Top Gossip

gossip