කිලීට වන්දි ගෙවන්න - සජිත් ජනාධිපති කරන්න!


වැල්ලට ආවට කමක් නෑ : වැල්ලේ ජරා කරන්න එපා ! ප්ලීස්

රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ කියූ උදවිය තවමත් වැල්ලේය. රැල්ලට බය නැති නිර්භීත උන් වැල්ලට වී කියවන්නේ නැත. බය නැති උන් රැල්ලට විරුද්ධව පීනයි. ඒ කොහේටද යන්න තීරණය කරන්නේ ද පීනන උන් මිස වැල්ලට වෙලා රැල්ලටව් බනින පීචං හාදයන් නොවේය.

ඒ නිසා අපි ඒ පීචං හාදයන්ට කියන්නේ " වැල්ලට ආවද ? හරි බං එල..ඒත් වැල්ලේ ජරා කරන්න එපා 🙏 🙏🙏🙏🙏🙏 "කියාය.

එහෙම කියන්න හේතුවක් ඇත. ඒ වැල්ලට පැමිණ රැල්ලට බණින පීචං හාදයන් දැන් වැල්ලේ ජරා කරන්න ගෙන ඇති නිසාය. 

එජාප නායකයන් පෙළටම නොනවතින ප්‍රහාර :

කෙටියෙන් කියනවා නම් සජිත් - මලික් කල්ලිය  කිලී - මෛත්‍රී වෙනුවෙන් පක්ෂය වනසමින් සිටියි. ඒ අද ඊයේ ගහපු හදීසි ගේමක් නොව යහපාලන ආණ්ඩුව ආරම්භ කරන අවස්ථාවේ සිට දියත් කළ කුමන්ත්‍රණයක් බව දැන් තහවුරු වෙමින් පවතී.

බැදුම්කර ගනුදෙනුව ගෙන ඔවුන් මුලින් පහරදීම සිදුකළේ ඊට කොහෙත්ම සම්බන්ධයක් නැති රවී කරුණානායක වෙතය. පසුව රාජිත , අකිල , කිරිඇල්ල , සරත් ෆොන්සේකා , ජෝන් අමරතුංග , කරූ ජයසූරිය , නවීන් දිසානායක දක්වා ලයිස්තුව පුළුල් වූ ආකාරය ඊට සාක්ෂි දරයි.

 දැන් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා මෙන්ම කරූ ජයසූරිය ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කරගෙන ඇත. නායකත්වය සහ පක්ෂය ආරක්ෂා කරන්නේ කවුද ඒ සියළු දෙනා මේ කල්ලියේ ප්‍රහාරයට ලක්වෙයි.

පාඨලී චම්පික , රිෂාඩ් බදියුදීන් , හකීම් , සම්බන්ධන් කියා වෙනසක් ඔවුන්ට නැත. 

රිෂාඩ් අමාරුවේ දමා ළඟට ගැනීම ප්ලෑන් එකේ කොටසක් :

ඊට ආසන්න සාක්ෂිය වන්නේ කෝප් කමිටුව තුළ රිෂාඩ් බදියුදීන් ට ගස්සවපු ආකාරයයි. ඒ සැලැස්ම සජිත් - මලික් කල්ලියේ මාධ්‍ය නඩයේ බව රිෂාඩ් නොදන්නා වෙනවා වෙන්න පුලුවන. නමුත් ඇත්ත එයයි. රිෂාඩ් කොටුකරන මේ ගේමට බඩු එළියට ඇද්දේ ඔහුට බලෙන් ප්ලග් කළ උපදේශකයකු හරහා ය. මචං රිෂා කියාගෙන හිටියාට කනේ ඉඳලා කනට ජරා කරන්න උපන් හපන් මේ අය ගැන රිෂාඩ් පරිස්සමින් අධ්‍යයනය කිරීම රිෂාඩ්ගේ දේශපාලන සෞඛ්‍ය ට හිතකරයි යන්නට වැඩි දෙයක් ඒ ගැන අපි ලියන්න යන්නේ නැත.

බඩු දුන්නේ වජිර කීම හෙන ගහන බොරුවක් :

ඒ වෙනුවට අපි වගකීමෙන් කියන්නේ ආණ්ඩුවේ සිටින සජිත් පිළේ කෙරුමන්ට ගහන්න විපක්ෂයට බඩු දුන්නේ වජිර අබේවර්ධන බවට වූ පුවත ප්ලාන්ට් එකක් මිස ඇත්තක් නොවන බවයි. ඒ ප්ලාන්ට් එකට වජිර අබේවර්ධන ව ගෑව්වේ ඔහු මේ සටනේ පක්ෂය රකින තැන කෙළින් හිටගෙන ඉන්න නිසයි.

අපි කියන්නේ සත්‍ය බව සැක නම් අමාත්‍යාංශ ඇතුලේ ඔය වගේ ගේම් දුන්න තවත් අය ඇති අතර ඒ කිසිවක් කෝප් කමිටුවේ ප්‍රශ්න නොකරන ආකාරය ගැන විමසිල්ලෙන් බලන්න , එවිට ගේම දෙන්නේ කවුද කොහොමද  එකට කාලා යන්නම් කියලා ගිහින් කාපුවා දිරවන්නට පෙර ගහන්නේ කවුද යන ඇග කිලිපොළා යන අය හමුවනු ඇත.

ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පස්සෙ අමාත්‍යාංශ ලොකු වුණ රහස :

2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල කැබිනට් විෂය පථ බෙදූ ආකාරය බලන්න. ඔහු තමන්ට දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේ බැණ වැදුණු සියල්ලන්ගේම අමාත්‍ය විෂය කප්පාදු කරේ නැත. ඒ වෙනුවට තෝරාගත් පිරිසකගේ පමණක් විෂය පථ ගැලවීමට කටයුතු කළේය.

එහිදී අමාත්‍යාංශ විෂය පථ ගැලවුණ සියළු දෙනා මේ මොහොතේ පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් කෙළින් පෙනී සිටියි. කුමන්ත්‍රණය අවසානයේදී විෂය පථ වැඩිවූ අය එක්කෝ සජිත්ගේ කල්ලියේ ප්‍රමුඛයන් වන අතර නැත්නම් බොරු මධ්‍යස්ථ කෑල්ලක් එල්ලගෙන සිටියි.

කබීර්ට බලු බැනුම් : 

කබීර් හෂීම් කියන්නේ මේ කුමන්ත්‍රණයට හසුවූ තවත් එවැනි අවාසනාවන්තයෙකි. පක්ෂ මහ ලේකම් ලෙස සාර්ථක වීමට නොහැකි වූවත් එජාප ප්‍රබලයකු ලෙස තැනක් ඔහුට තිබිණ. නමුත් ඔහු එය විනාශ කරගත්තේ කුමන්ත්‍රණය සඳහා එක්වෙමිනි. ඊට කබීර් දැනුවත්ව එක්වූයේ පක්ෂ නායකත්වය වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට හොරෙන් ගිහින් මෛත්‍රීපාල ඉදිරියේ  අමාත්‍ය ධූරයේ දිවුරුම්දෙමින් ය.

මන්ත්‍රීවරුන් 55 දෙනා අත්සන් කළ ලිපිය පදනම් කරගෙන කබීර්ට ෆේක් නිව්ස් වෙනුවෙන් වොයිස් කට් දෙන්න අද සිදුව ඇත. ඒ නිසාම කබීර් සර් කියා අසාගත් මන්ත්‍රීවරුන් වෙතින් "බලු වැඩ කරන්න එපා" කියා අහගන්න තැනට උසස්වීම ලබා ඇත.

ඒක සිද්ධවුනේ, ඊලඟ ජනාධිපතිවරණය සඳහා යෝජනා කරන එජාප අපේක්ෂකයා කවුද යන්න තෝරාගැනීම සඳහා, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම රැස්කර තීන්දුවක් ගන්න කියමින්, එජාප නායකයා වෙත මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිතව යොමුකළ ලිපිය ගැන බොරු කියන්න ගිහින් ය.

55ක් අත්සන් කළ ලියුම - හැරෙන්න බැරි වෙන්න හිර කිරීම :

ලිපිය සදහා සැබෑවටම මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කලේ ඒ ඉල්ලීමට වුවත් කබීර් හෂීම් එය නායකයා වෙත ලබාදුන් පසුව සජිත් - මලික් - කිලී - මෛත්‍රී කල්ලිය රටට කිව්වේ සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා මන්ත්‍රීවරුන් 55ක් අත්සන් කළ ලිපියක් අගමැති වෙත ලබාදී ඇති බවය. 

 නැවත හැරෙන්න ඉඩක් නොතබා සජිත් කල්ලියට එක්වූ පිරිස පාවිච්චි කෙරෙන ස්වභාවයක් ඉතා පැහැදිලිව දකින්නට පුළුවන. ඒ  පක්ෂයේ කෑල්ලක් ගලවාගෙන ගිහින් හෝ කුමන්ත්‍රණය සාර්ථක කරගන්න මිස, කුමන්ත්‍රණයට එක්ව සිටින කබීර්ලා වැනි එජාප දේශපාලනඥයකුගේ හෙට දිනය බබලවන්න නොවේය.

කබීර් හෂීම්ට දැන් කඩේ යන්න සිදුව ඇත්තේ යළිත් ගැලවිල්ලක් නොමැති ආකාරයටය. කොහොමටත් මිනිස්සුන්ට වඩා බල්ලන්ට ආදරේ කරන උන්දැලා සමග කල්ලි ගැහෙන්න ගිය විට බල්ලෙකුට වඩා වැඩි සැලකිල්ලක් ලබන්නට වෙන්නේ නැත. එජාප මහ ලේකම් වෙන්න රනිල් යටතේ අවස්ථාව ලැබූ කබීර් ඔය මොන මගුලක් නැතුව සජිත්ට කඩේ ගිහින් නවතින්නේ මාවනැල්ල එජාප දේශපාලනයත් නැතිකර ගෙනය. එළැඹෙන මහ මැතිවරණයක් අවස්ථාවේ කබීර්ට එය තේරුම් යනු ඇත.

ෆුට්නෝට් කල්ලිය සහ අඩු වයසින් කොටහලු වූ කොටලුවන් !

රැල්ලට බය නෑ කියා වැල්ලට වී වැල්ලට ජරා කරන කොටළුවන් අතර ඉදිරියේ සෙල්ලම් කරන්නේ බැඳුම්කර කෝප් කමිටුවේ "ෆුට්නෝට් කාරයන්" පිරිසයි. කෙසෙල්ගෙඩි සුජීව , පී.පෙරේරා , අප්පුහාමි ඇතුළු පිරිස ඊට සාක්ෂි දරයි. මේ පිරිසට ෆුට්නෝට් කල්ලිය ලෙස නම දුන්නේ ද කිලී මහරාජා ය. බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව එළියට පැමිණ ඇති නිසා එහි ප්‍රතිඵල අනූව මේ කෝප් කමිටු වාර්තාවේ ෆුට්නෝට් යෙදීම අනවශ්‍ය කෑල්ලක් බව තහවුරු වෙයි. 

අසරණ අප්පුහාමීලාගේ ඉරණම :

ඒ අනුව අප්පුහාමි පන්නයේ අසරණ මන්ත්‍රීවරුන් නොදැන කඩේ ගියත් එදා ෆුට්නෝට් වැඩේ සහ මෙවර කුමන්ත්‍රණය අතර සම්බන්ධය ඉතා පැහැදිලිය. ෆුට්නෝට් ගසා වීරයන් වූ පිරිස ඒ අනවශ්‍ය වැඩේ සිදුකර ඇත්තේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධ දේශපාලන චෝදනාව සාධාරණීකරණය කිරීමට මිස වෙන බිබික්කමකට නොවන බවත් පැහැදිලිය.

මේ කරුණු එකිනෙක ගළපා ඉදිරිපත් කරන්නේ එජාප අපේක්ෂකයකු ජනාධිපති කිරීමට ඇති මහඟු අවස්ථාව මේ කුහක කල්ලිය විසින් වනසමින් සිටින නිසාය.

කට නිසා මාට්ටු වෙන පී.පෙරේරා :

ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න නිතර ආරාධනා කර කිචවූ, ඒ ආකාරයේ විකාර වැඩ ගොඩක් නිසා පිස්සු පී ලෙස අන්වර්ථ නමක් හිමිකරගත් අජිත් පී පෙරේරා කළ ප්‍රකාශයක් ඔබට මතකද ?

පෑවිල්ල අවස්ථාවේ විදුලිය පාලනය කිරීමට සිදුවූ විට ඔහු එජාප ආණ්ඩුවේ සිට කීවේ රංජිත් සියඹලාපිටිය සමග තමන් අමාත්‍යාංශය කරා නම් විදුලි හිඟය සිදුනොවන බවය. එදා කවුරුත් නොදැන සිටියේ සජිත්  - මෛත්‍රීපාල යොදවා කිලීගේ ආණ්ඩුවක් වෙනුවෙන් වූ කුමන්ත්‍රණයේ පී. පෙරේරා එම කල්ලියේ පිල්ලියක් බවය.

මේ සිදුවන්නේ සජිත් - මෛත්‍රීපාල යොදවා රටේ නොනිල  නායකත්වය කිලී මහරාජා ඇල්ලිමේ කුමන්ත්‍රණයක් බවත් එය  අද ඊයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව ඇතිවූ මත ගැටුමක් නොවන බවත් අප අවධාරණය කරන්නේ ඒ නිසයි.

මඩකිං කියන්නේ සැටලයිට් එකක් : 

මේ කුමන්ත්‍රණයේ තීරණාත්මක පියවරක් පසුගිය 23 වන සිකුරාදා දියත් කිරීමට නියමිතව තිබුණ නමුත් එය අසාර්ථක විය.

ඒ සජිත් ප්‍රේමදාස අගමැති කිරීමට තරම් අවශ්‍ය මන්ත්‍රීවරුන් ප්‍රමාණය අල්ල ගැනීමට මේ කල්ලිය අසමත් වූ නිසාය.

එසේම මඩකිං විසින් සියල්ලට පෙර මේ කුමන්ත්‍රණය ගැන පසුගිය අගෝස්තු 09 වාර්තා කළ අතර ජාතික මාධ්‍ය කිහිපයක් පසුව එය තහවුරු කර තිබිණ.

අන්න ඒ නිසා බොහෝ දෙනෙකු සජිත් ජනාධිපති කිරීමේ සටන් පාඨය හුදෙකලා එකක් නොවන බවත් ඒ පසුපස පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවත් අවබෝධ කරගනු ලැබිණ. විශේෂයෙන් එජාප පාක්ෂිකයන්ට මේ හරහා මෙතෙක් ඔවුන් වෙතින් සඟවා තිබූ ඒ නොපෙනෙන කළාපය විවර විය.

ප්‍රේමදාසගේ බූරු පුතා :

දැන් අපි මෙසේ අනාවරණය කරමු. මන්ත්‍රීවරුන් හිඟ නිසා අගෝස්තු 23 කුමන්ත්‍රණය පිටුපසට ගත්තා මිස එය අවසන් නැත. ඒ කෝපය ඊට පෙර දින රාත්‍රියේ කිලී මහරාජා පිටකර සිටියේ "ප්‍රේමදාසගේ බූරු පුතා - වැඩේ අනාගෙන කයි වගේ " කියමිනි.

මේ කුමන්ත්‍රණය  පසුපස සිටින්නේ කිලී මහරාජා බව අපි යළියළිත් අවධාරණය කරන්නේ ඊට අදාල සාක්ෂි රැසක් ඇති නිසාය. 

සිරසයි පාර කියන්නේ : පුම්බපු හැමෝම සජිත්ගේ කල්ලියේ :

කිලීගේ සිරස එජාප නායකත්වය ප්‍රමුඛ ආණ්ඩුවට වැටෙන්න ගැහුවාට තෝරාගත් දේශපාලනඥයින් පිරිසක් වෙත පහර දුන්නේ නැත. එහිදී ඔවුන්ට පහර නොදුන්නා පමණක් නොව ඔවුන්ට වැඩි ඉඩක් සිය ගුවන් කාලය තුළ නොමිලේ ලබාදීමටත් මහරාජා කටයුතු කළෙය. ඒ අතර සජිත් ප්‍රේමදාස හැර හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න , මරික්කාර් යනු කිහිපදෙනකු පමණි. ඔවුන් සියල්ල අද සජිත් - මලික් කල්ලියේ ය.

එතකොට මංගල කියා තර්ක දාලා වැඩක් නෑ . පසුගිය අයවැය ට සිරස මොකුත්ම නොකීවේ නිකං නොවන අතර ජනාධිපති මෛත්‍රීපාල නම් කළ උදවිය අදටත් මංගල යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් වෙයි. 

සමහර නොදන්නා කරුණු නොදැනීම තොරතුරු ඌනතාව මිසක් මඩ නොවන බව සලකන්න.

කිලීට වන්දි ගෙවන්න - සජිත් ජනාධිපති කරන්න! කිලීට වන්දි ගෙවන්න - සජිත් ජනාධිපති කරන්න! Reviewed by Admin on 8:00 AM Rating: 5

No comments

Top Gossip

gossip