අගමැතිලා වැහි වැහැලා: ආර්ථිකය පෙන්නා මංගලට ගේමක් !


සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න උත්සාහ දරණ අතර මුදල් ඇමැති  මංගලව ක්‍රමයෙන් කරළියෙන් ඉවත්කරන සැලසුමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා.

ඉතාම විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මේ සැලැස්ම දියත්ව ඇත්තේ "රටේ ආර්ථිකය කඩාවැටී ඇති බව"ට මතයක් සමාජගත කරමින්.

මේ සදහා සජිත් ප්‍රේමදාස ඇමති ගේ දේශපාලන කතා ලියාදෙන පැරණි මාධ්‍යවේදියකු යොදවා ඇති බව වාර්තා වෙන අතරේ ඊට අවශ්‍ය වැඩිදුර උපදෙස් රාජ්‍ය අමාත්‍යවරයෙකු වෙතින්ද ලැබෙන බවත් වාර්තා වෙයි.

දැනට වාර්තා වන ආකාරයට සජිත් ප්‍රේමදාස ගේ මේ ලියන අප්පු මංගල සමඟ කාලයක් තිස්සේ ආරෝවකින් පසුවෙයි. 

ඒ රණසිංහ ප්‍රේමදාස යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයට සමීප විශේෂයෙන් ප්‍රේමදාස ප්‍රතිපත්ති සමග සිටි තමන්ට මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති කාලේ    සාධාරණයක් ඉටු නොකළ බව සහ නෝණ්ඩිකර පැත්තට කර තිබ්බා කියා පවසමින්. 

ඒ කාලේ මෙයා මංගල ගේ ආර්ථික ප්‍රතිපත්තිය ලිබරල් වාදී වැඩි කියලා  ඒ ප්‍රතිපත්තිය ගැන තමන් ප්‍රධානීත්වය දැරූ මාධ්‍ය යේ ප්‍රචාරය කිරීමට වැඩි උනන්දුවක් දක්වා නෑ.

ඒ ගැන  මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී අවස්ථා ගණනකදී මේ පැරණි මාධ්‍යවේදියා ට දැඩිව දොස් පවරා ඇති අතර ඒ සම්බන්ධව ඔහු දැඩි වෛරයකින් සිට තිබෙනවා.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එජාප අපේක්ෂකයා ලෙස නම් කිරීමේ විකාර රංගනය ඇරඹීමත් සමග මේ පැරණි මාධ්‍යවේදියා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගේ පියාණෝ සමග පැවති පරණ සම්බන්ධතා අලුත් කරගෙන සජිත්ගේ කතා ලියා දෙන ලියන අප්පු බවට පත්වෙලා.

කල දුටු කළ වල ඉහගන්න සිතූ මේ පරණ මාධ්‍යවේදියා ඉතා සූක්ෂ්මව වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය සජිත්ගේ කතා තුළ විවේචනය වන ආකාරයට අන්තර්ගත කරලා.

මේ ගැන ඉව වැටුන මංගලගේ උපදේශකයන් මංගල හරහා සජිත්ට දන්වලා ආර්ථික කරුණු ගැන කතා කරන කොට ටිකක් පරිස්සමින් සහ දැන් තියන ලයින් එක අවුල් නොකර කතා කරන්න කියලා.

සජිත් මේ මංගල දුන්න පණිවිඩය කතා ලියන අප්පු ට දන්වලා. ඒ වෙලාවෙ ලියන අප්පු කියලා "ඕකුන් විස්වාස කරන්න එපා සර්, සර් ඔතනට ආවේ තනියම. ඒ ගමනට කොච්චර බාධා දැම්මද? සර්ගේ මිනිහා කියලා මටත් කැපුවා. දැන් හදන්නේ හීනියට සර්ව උඩදාලා වෙලාවට පයින් ගහන්න. සර් යන්න ඕන ප්‍රේමදාස ප්‍රතිපත්තිය අනූව. මම කතා ලියන්නේ ඒ ප්‍රතිපත්තිය අනූව, සර් ඕවා ගැන වැඩිය හිතන්න එපා."කියලා.

ප්‍රශ්නය තියෙන්නේ ඒ හරහා රටට කොහෙත්ම නොගැලපෙන හැමදේම නිකං දෙන ආර්ථිකයක් ගැන කරුණු සජිත්ගේ කතාවට ඇතුලත් කිරීම. 

ඒ විතරක් නම් ගැටළුවක් නෑ. දැන් ඒ සම්බන්ධතා හරහා ජනාධිපති මෛත්‍රීපාල එක්කත් සම්බන්ධතා ගොඩනගාගෙන. ඒ හරහාත් ආර්ථික අර්බුදයක් ඇති බව භාණ්ඩාගාරයට සල්ලි නැති බව පැවසීම හරහා වැඩි ජනතා ආකර්ශනයක් ලබාගත හැකි බවට කූඨ උපදෙස් නිකුත් කරලා.

ඒ උපදෙස් මත තමයි ජනාධිපති මෛත්‍රීපාල පෙරේදා (17) පොලිස් දෙපාර්තමේන්තුවේ විවෘත කිරීමකට එක්ව "භාණ්ඩාගාරයට සල්ලි නෑ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න" විදිහේ අදහස් දැක්වීමක් කරලා තියෙන්නේ.

ඒ වගේම  සජිත් - මෛත්‍රී යුගයක් වෙනුවෙන් කැපවෙලා සිටින මාධ්‍ය කණ්ඩායමක් ගොඩනගා ගැනීමටත් මේ පැරණි මාධ්‍යවේදියා කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා දෙපාර්ශවයට හිතවත් මාධ්‍යවේදීන් එක්කර ගෙන කණ්ඩායමක් ලෙස මේ සජිත් - මෛත්‍රී යුගයට වැඩ කිරීමටත් ඊලඟ ජනාධිපතිවරණය සජිත් ජනාධිපති වුවහොත් ඒ කණ්ඩායම නියෝජනය කරන මාධ්‍යවේදීන් හට ලබාදෙන තනතුරු සහ වරදාන ගැන පොරොන්දු වී ඇති බවත් දැනගන්නට තියනවා.

අගමැතිලා වැහි වැහැලා: ආර්ථිකය පෙන්නා මංගලට ගේමක් ! අගමැතිලා වැහි වැහැලා: ආර්ථිකය පෙන්නා මංගලට ගේමක් ! Reviewed by Admin on 11:29 PM Rating: 5

No comments

Top Gossip

gossip