පියානෝට කෙලින පිම්පි කතා වස්තුව.


විපක්ෂය විසින් ජන ඝාතන චෝදනා ඇත්තෙකු ජනාධිපති අපේක්ෂකයා කරගන්න තරම් පහත් බව ඔප්පු කර ඇත. රාජපක්ෂ වහල් කඳවුරට එරෙහිව සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකට රොද බැඳ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීම දසතින් පෙනෙයි.

එහෙත් ! ඒත් !! සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම මූලික කර කල්ලියක් පිහිටුවා එම ජයග්‍රහණය වලක්වාලීමේ මාරාන්තික උත්සාහයක් දියත් කර ඇත.

මහමොලකරු කිලී

ඒ කුමන්ත්‍රණය පළමු අවස්ථාවේ සිට අප නිශ්චිත කරුණු සහිතව අනාවරණය කලෙමු. මේ සියල්ල පිටුපස සිටින්නේ සිරස ජඩමාධ්‍ය ප්‍රධානී කිලී මහරාජා ය. කිලීගේ තෝන් ලනුවේ ගැටගසා ඇති  බාන  මෛත්‍රී - සජිත් ය. ඒ පිටුපස මලික් ඇතුළු ඔහුගේ මුදල් දැක දපනේ වැටුනු කල්ලියය.

මෙතැන කොයින්ද unp ආණ්ඩුවක්? එජාප පාක්ෂිකයා 94 වසරේ සිට පතන unp ජනාධිපති අපේක්ෂකත්වය මෙතන නැත. ඇත්ත කතාව වන්නේ එහෙම ජනාධිපති කෙනෙකු එජාප පාර්ශවයෙන් පැමිණීම වලක්වාලීමේ කුහක කල්ලියේ මධ්‍යස්ථානය මෙය වීමය.

මොනාක් හෝටලයේ නාඩගම

පසුගියදා (20) මේ කුහක බාන ප්‍රමුඛ කල්ලිය විසින් එජාප පළාත් සභා නියෝජිතයන් කැඳවා පළාත් සභා බලය ඔවුන් සතු බව පෙන්වීමට මොනාක් හෝටලයේ නාඩගමක් සංවිධානය කර තිබුණි. ඒත් ඊට ආවේ 28ක් පමණි. වැඩේ කනේ ගිහින් බව ඔප්පු කිරීමට සමාජ මාධ්‍ය ජාල වෙත ෆොටෝස් නිකුත්කර සිටියේද ඔවුන්‍ ය. ඒ කියන්නේ ආව 28 අතුරින් පිරිසක් සජිත් නම් ද්‍රෝහියා ගේ අනුගාමිකයන් නොවන බවයි. ඇත්ත කතාව ඔවුන් වැඩේ මොකක්ද කියා බලන්න මිස මේ ද්‍රෝහී කඳවුරේ සාමාජිකයන් වන්නේ නැත.

සජිත් ඇතුළු පිරිස ද්‍රෝහීන් බව කියන්නේ ආවාට ගියාට නොවේ. අදටත් සජිත් කට ඇරියොත් ඒ මුස්පේන්තු ද්‍රෝහී වදන් ඕන තරම් එජාප දෙසවනේ වැදෙයි.

කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකයා වෙනවා

ද්‍රෝහීත්වයේ පළමු වෙඩි මුරය තබමින් සජිත් කී වචන සිහිපත් කරන්න. ඔහු කීවේ "තමන් කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකයා වෙනවා" කියාය. ඔහු එජාප ලැදි පාක්ෂිකයන්ගේ දශක ගණනාවක සිහිනය සැබෑ කරන අපේක්ෂාවෙන් යුතු වූවා නම්, ඔහු කියන්න තිබුණේ "මම කොහොම හරි එජාප අපේක්ෂකයා වෙනවා" කියාය.  එහෙත් සජිත් මෙහෙම කියන්නේ ඒ නොදැන නොවේ. ඒ කිලීගේ මෛත්‍රීගේ අපේක්ෂාව සහ තමා වටා සිටින කුහක කල්ලියේ අපේක්ෂාව ඒ නොවන නිසාය.

ඔහුට අවශ්‍ය කඳවුරේ අපේක්ෂාව ඉටු කිරීමය. එජාප පාක්ෂිකයන් අවශ්‍ය වැඩේ ගොඩදාන්න කඩේ යවන්න විතරය. ඒ බව තවදුරටත් තහවුරු කරන්නේ "රාජාලියා" ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මේ වන විටත් කිලීගේ මුදලින් අත්පත් කරගන්න සජිත්ගේ ද්‍රෝහී කල්ලිය කටයුතු කර ඇති නිසාය.

එක් පසෙකින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැරට් අමාත්‍ය ධූර පෙන්වා ඒ සහය ගෙන  මෛත්‍රීපාල සමග හොරෙන් අගමැති වීමට වෙර දරන සජිත්, අනෙක් පසින් රාජාලියා ගෙන අලියා නැත්තටම නැති කිරීමේ ව්‍යාපෘතිය අරඹා තිබේ.

රාජාලියා 90 දශකයේ කරලියට එන්නේ ආර්. ප්‍රේමදාස ගේ ඒකාධිපති බල වියරුවට එරෙහිව ය. නැතිනම් ඒ සමයේ පක්ෂයේ සිටි ගාමිණී, ලලිත් වැනි බුද්ධිමත් ජනතා නායකයන් පැත්තකට කර සේදවත්ත - කෙසෙල්වත්ත පන්නයේ ලුම්පන් හැකරැල්ලන් මකරුන් කිරීමේ ප්‍රේමදාස චින්තනය ට එරෙහිව ය. එදා ඒ රැල්ලට විරුද්ධව පිහිනීමට පැමිණ ප්‍රේමදාස මෙන්ම පක්ෂයේ ජනාධිපති ආරක්ෂා කලේ රනිල් වික්‍රමසිංහ ය.

පියානෝට කෙලින්න ගිය පක්ෂය 

එහෙත් සජිත් නම් ද්‍රෝහී කුහකයා මේ මොහොතේ සදාදරණීය වන්දනීය පූජනීය කියනා පියානෝට කෙලින්න ගිය පක්ෂය තෝරාගෙන ඇත. ඒ ඇයි, ඔය විකුනගෙන කන, ඕලෙවල් නැතත් ප්‍රේමදාස නිසා ජනාධිපති වෙන්න සුදුසු බව හිතන, කෙනාගේ මොළයේ සහ හෘද සාක්ෂියේ තරමය.

පියානෝ කියන්නේ ගොඩ යන්න තිබෙන, ඒ වෙනුවෙන් දහදුරාවේ යවන්න තියන නම මිස වෙන මොකක්වත් නොවේය. පක්ෂය කියන්නේ පියාගෙන් උරුම වාසගම විකුණා ගොඩයන්න තියන වෙළෙඳපොළ ය. සජිත් කියන්නේ ඒ වෙළෙඳපොළ තුළ පාක්ෂිකයන් ගනිකාවන් කරන පිංපියකු මිස ඊට වඩා වැඩි දෙයක් නොවේය.  පිංපියා කියන්නේ කස්ටමර් මෙන්ම ගනිකාව බැලන්ස් කර ගාන කපාගන්න මිස වෙනත් කිසිවක් නොතකන අයෙකුය.

හෙට රට දෙන්න ඕන පිංපියකුටද? ඒකත් එජාපයෙන්? මේ මොහොතේ තිත්ත නමුත් අපි කවුරුත් අසාගත යුතු ප්‍රශ්නය එය නොවේද?

පියානෝට කෙලින පිම්පි කතා වස්තුව. පියානෝට කෙලින පිම්පි කතා වස්තුව. Reviewed by Admin on 9:53 PM Rating: 5

No comments

Top Gossip

gossip