සමාජ හැඩය සල්ලි වලට විකුණන, සෙට් එක සමඟ Q & A with Sajith.


ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාව කඩේ යවා ඒ ජනතාව දුප්පත්කමේ සදාකාලිකව හිරකිරීම දර්ශනය කරගත් සජිත් සිය මහා දැනුම් සම්භාරය එළියට දැමීමේ සූදානමක් ගැන විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා.

සජීවී Q & A වැඩසටහනක් ලෙස  අඟහරුවාදා (27) දිනයේ විකාශය කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

චම්පික වගේ වෙන්න ඕන :

මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාව නැතත්  චම්පික රණවක ට ජනාධිපති වීමට සුදුසු බවට මධ්‍යම පංතියේ අදහස් ගොඩනැගී ඇති බවත් එය සමාජ මාධ්‍ය බලපෑම මත සිදුව ඇති බවට සජිත් කල්ලියේ උපදේශකයන් විශ්වාස කර ඇති නිසායි.

පසුගියදා  චම්පික සිදුකළ Q & A වැඩසටහන ඉතා සාර්ථක වූ බවත්  ඒ ආකාරයට වැඩසටහනක් කිරීම හරහා සජිත් ප්‍රේමදාස සම්බන්ධව සමාජ මතය හසුරවන මධ්‍යම පාංතිකයන් අතර ඇති දැඩි අප්‍රසාදය අවම කිරීමට හැකි බව ඒ උපදේශකයන්ගේ අදහස වී තිබෙනවා.

සජිත්ගේ දැනුමේ ප්‍රශ්නයක් :

සජිත්ගේ Q &A වැඩසටහන  සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් අපට  ලැබී තිබෙනවා.

ඊට අනුව සජිත්ගේ මේ වැඩසටහන වැදගත් වුණත්  සජිත්ගේ වැඩවසම් සහ බුද්ධි හීන මතවාද (ගොං කතා) යටපත් කර මධ්‍යම පාන්තිකයන් අතර ඔහු ජනප්‍රිය කරන්නේ කොහොමද යන අභියෝගයක්  සංවිධායකයන් වෙත ඇවිත්.

ජේෂ්ඨ ඇමැති විරුද්ධයි :

ඒ මේ විකාර කරන්න ගිහින් සජිත් නැතිවෙන්ඩ වැඩේ යන්නේ කියලා සජිත්ට ගුරුහරුකම් දෙන ජේෂ්ඨ අමාත්‍යවරයකුගේ විරුද්ධත්වය නිසා.

 රටේ ඇති බරපතල  සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධව සජිත් ප්‍රේමදාස සතුව මූලික දැනුමක් නොමැතිවීම සහ මූලික අවබෝධය නැතිව දෙන උත්තර හමුවේ සජිත්ට වෙන හානිය ගැන අනිවාර්යයෙන් හිතන්න ඕන බවත් මේ ජේෂ්ඨ ඇමැති බලකරලා පෙන්වා දීලා.

මෙවැනි වැඩසටහනක් කෙරෙහි පක්ෂ විපක්ෂ රැසක් දැඩි අවධානයක් යොමුකරන නිසා තවදුරටත් අපකීර්තියට පත්වීමේ අවදානම නොගන්නා ලෙසත් අමාත්‍යවරයා සජිත්ට කියලා.

ප්‍රශ්න අහන අයට වේලාසනින් ප්‍රශ්න දීලා: සජිත් උත්තර කටපාඩම් කරනවා :

ඒත් දැන් වැඩේ තීන්දු කරලා අවසන්. සජිත්ගේ කල්ලියේ මේ වැඩේ සංවිධානය කරන කට්ටිය මුලින්ම  චම්පික මේ වැඩේ කරපු විදිහ හොයා බලලා. චම්පික මේ වැඩසටහන කරලා තියෙන්නේ නියම ආකාරයකට. ඕන ප්‍රශ්නයක් අහන්න ඊට සහභාගී වෙන පිරිසට අවස්ථාව ලැබිලා. කිසිම ප්‍රශ්නයක් වේලාසනින් සූදානම් කර නෑ. ඒක චම්පික ඒ වැඩේ සංවිධාන කල පිරිසට අනිවාර්ය කරපු දෙයක්.

ඒ ක්‍රමය සජිත්ට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඒ නිසා සජිත්ගේ වැඩේ සංවිධානය කරන පිරිස මාර විකල්පයක් හදාගෙන. ඒ චම්පිකගේ වැඩේට ආව පිරිසත් යොදවා ගෙන සජිත්ගේ වැඩසටහන කරන්න. ඒත් පොඩි වෙනසක් තියනවා. ඒ තමයි ප්‍රශ්න වේලාසනින් සකස් කරලා ප්‍රශ්න අහන්න එන අයට දෙනවා. ඒ අදාල ප්‍රශ්න විතරයි අහන්න පුලුවන්. ඒ ප්‍රශ්න සඳහා උත්තර දැනටමත් සජිත් කට පාඩම් කරලා අවසන්. ඒ ප්‍රශ්න හැර වෙන කිසිම ප්‍රශ්නයක් හෝ අතුරු ප්‍රශ්න අහන්න බෑ. ඒ වගේම වැඩේට එන අයට ගාණක් සෙට් කරන්නත් ලෑස්ති කරලා. 

කොන්දේසි යටතේ ප්‍රශ්න අහන්න සූදානම් :

ඒක ප්‍රශ්න අහන්න යන අයට දාලා තියන අනිවාර්ය කොන්දේසියක්. ඒ වගේම තමයි ප්‍රශ්න සරලව ඇසීම.

මේ කොන්දේසි යටතේ කලින් ප්‍රශ්න අහන අයට ලියාදුන්න ප්‍රශ්න පොර විලාසයෙන් ඇසීමයි කරන්න තියෙන්නේ. ඒ වගේම වැඩේ සීරියස් කරන රත්වෙන හරස් ප්‍රශ්නත් වේලාසනින් හදලා තියෙන්නේ. 

මේ වෙනකොට චම්පිකගේ වැඩේට ආව කිහිපදෙනකු මේ වැඩේට එකගවෙලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ අර ගෝඨාගේ වැඩේදි වගේම සජිත්ගේ වැඩේ වේලාසනින් හදලා දුන්න ප්‍රශ්න සජීවී ව අහන හැටි බලන්න. ඒ ප්‍රශ්න වලට සජිත් කටපාඩම් කළ උත්තර දෙන හැටි බලන්න.


සිරිසේනගේ කීපදෙනෙකුත් වැඩේට ලෑස්තියි :

අපි දිගින් දිගටම කිව්වා වගේ කිලී - මෛත්‍රී හවුල නියෝජනය කරලා ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය අංශයේ වගේ ම විශේෂ ව්‍යාපෘති අංශයේ කීප දෙනෙකුත් කලින් ඇඩ්වාන්ස් එකකුත් අරගෙන වැඩේට සෙට් වෙලා. 

කොහොම වුණත් චම්පිකගේ වැඩේටත් කෙළවන, සමාජ හැඩය සජිත්ගේ කැම්පේන් එක වෙනුවෙන් සල්ලි වලට විකුණන "මයික් ගාය" සෙට් එකට අපි මෙහෙම අභියෝගයක් කරනවා.

 පුලුවන් නම් සජිත්ගේ වැඩේදි මේ ප්‍රශ්න ටික අහලා රෙදි බේරගන්න :

1: නව ලිබරල්වාදය ඔබ ප්‍රතික්ෂේප කරනවා කිව්වා. මිශ්‍ර ආර්ථිකයක් ගේනවා කිව්වා. ඒ කියන ආර්ථිකයේ නවලිබරල් ලක්ෂණ කොහෙත්ම නැද්ද? 

2:  විවෘත ආර්ථිකයට මානුෂිය මුහුණුවරක් දෙනවා කියලා චන්ද්‍රිකා ජනාධිපතිනිය ආර්ථිකය මෙහෙයවූ ආකාරය ගැන අපි දැනුම්වත්. ඔබ කියන මිශ්‍ර ආර්ථිකය  ඊට සමානද? වෙනස් නම් ඒ කොහොමද?

3: ඉන්ධන මිල සූත්‍රය නව ලිබරල්වාදී ආර්ථික දැක්මක් තුළ ක්‍රියාවට නැගූවක් බව පිළිගන්නවාද?

3.2 ඉන්ධන මිල සූත්‍රය ඔබ ජනාධිපති වුණොත් මුලුමනින්ම විසිකර දමන බව සඳහන් කර, මැතිවරණ පොරොන්දුවක් ලෙස කාලවකවානුව සමග  ප්‍රතිපත්ති ප්‍රකාශය ට ඇතුලත් කරන්න සූදානම් ද? 

3.3 සජිත් ප්‍රේමදාස යුගයක ඉන්ධන මිල තීරණය කරන්නේ කුමන නිර්ණායකයක් හරහා ද?

4: ඉන්ධන මිල සූත්‍රය ගෙනාවේ මංගල සමරවීර අමාත්‍යවරයා. ඔහුගේ ආර්ථික දැක්ම සහ ප්‍රතිපත්තිය අනූව එය අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරනවාද?

4.2 පිළිතුරු ඔව් නම්, වෙළෙඳපොළ බලපෑමක් නැතිව ආර්ථිකය මෙහෙයවන්නෙ කොහොමද?

5. නව ලිබරල්වාදය කියන්නේ වෙනම නිශ්පාදන මාදිලියක්ද? ධනවාදයේ දිගුවක්ද?

6 . වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය ආයෝජන ප්‍රවර්ධනය කිරීම උචිත බව සිතනවාද? 

6.2 ඔව්, නම් ඒ කොපමණ ප්‍රතිශතයකින්ද? ඒ සඳහා මූල්‍ය පහසුකම් ගන්නේ කොහෙන්ද?

7. රාජ්‍ය සේවක වැටුප් අවම රුපියල් 50000ක් කරන බව කිව්වා. ඒක මැතිවරණ  පොරොන්දුවක් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කරනවාද?

7.2. රාජ්‍ය සේවා වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමට ඇති වැඩපිළිවෙළ මොකක්ද?

7.2. අවම වැටුප් වැඩි කළ විට මතුවෙන විශමතාව ඉවත්කරන්න අනෙක් වැටුප් තල ඉහළ දැමීමට සිදුවෙනවා. ඊට අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නේ කොහොමද?

8. රාජ්‍ය සේවය සඳහා ඔබ ජනාධිපති වීමෙන් පසුව පුරප්පාඩුවලට අමතරව අලුතෙන් කොපමණ ප්‍රමාණයක් බඳවා ගන්නවාද?

9. රට පුරා වෙහෙර විහාර චෛත්‍ය කීයක් අලුතෙන් හදන්න සැලසුම් කරලා තියනවාද?

10. උදාගම් වැඩසටහනට මේ වන විට සිදුකර ඇති ප්‍රචාරක වියදම් කොපමණද?

10.2. නොමිලේ දුන්න නිවාස ප්‍රමාණය කොපමණද?

11. උදාගම් දිගටම හදන්නේ මේ ආකාරයටද? ඉඩම් කළමනාකරණය ගැන දර්ශනය මොකක්ද?

12. රණවිරු පවුලක් යන්න හඳුන්වන්න!

12.2. එවැනි පවුල් කීයක් හඳුනාගෙන තිබෙනවාද? ඒ පවුල් වල දෙපා මුලට ගිහින් සේවය කරන්නේ කොහොමද? ඒ මොනවද?

13. ඔබ විසින් මෙහෙයවා ජයග්‍රහණය කරවූ මැතිවරණ මොනවද?

සමාජ හැඩය සල්ලි වලට විකුණන, සෙට් එක සමඟ Q & A with Sajith. සමාජ හැඩය සල්ලි වලට විකුණන, සෙට් එක සමඟ Q & A with Sajith. Reviewed by Admin on 10:26 AM Rating: 5

No comments

Top Gossip

gossip