රනිල්ගේ එක නියෝගයයි: සජිත් සුළඟ ආපසු හමයි!


90 දශකයේ රනිල් මතුවෙයි 

සජිත්ගේ කල්ලිය විසින් රට පුරා දිස්ත්‍රික් මට්ටමෙන් "සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙනු" කියා නටන නාඩගම වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වන්න තීරණය කරලා.

ඒ  පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ කළ  නියෝගයක් නිසා.

අද (30) අරලියගහ මන්දිරයේ පැවති එජාප ජේෂ්ඨයින් පිරිසකගේ සාකච්ඡාව අතර තුරේ තමයි පක්ෂ නායකයා මේ නියෝගය නිකුත්කර තියෙන්නේ. 

මේ සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා සහභාගී වී තියනවා.

සජිත්ගේ කල්ලියේ සාමාජිකයන් ලෙස කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර සහභාගී වෙලා.

රනිල්ගෙන් කෙලින් තීන්දුවක්!

"මොකක්ද ඔයාලා මේ කරන වැඩේ, ලැජ්ජ නැද්ද? පක්ෂයේ ව්‍යවස්ථාවක් තියනවා, ඒකට අනූව ඕන නම් වැඩ කරමු. ඔයාලා කරන වැඩේ හරි කියලා පක්ෂ ව්‍යවස්ථාව අනුව පෙන්නන්න. එතකල් ඔය දිස්ත්‍රික් ගාණෙ කරගෙන යන වැඩේ වහාම නවත්වන්න ඕන. ඒ වගේම තමයි පක්ෂයේ බෙදීම් ඇති කරන්න ඔය තැන් තැන් වල කල්ලි ගැහිලා සාකච්ඡා තියන වැඩෙත් නවත්වන්න."

"පක්ෂයට ව්‍යවස්ථාව කියලා එකක් තියනවා. ඒ අනුව තමයි වැඩ කරන්න ඕන. නරක ඇසුරට වැටිලා ඔයාලත් හිතු මතේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න අරගෙනද? මතක තියාගන්නවා, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තුරු කිසිම විදිහකට අපේක්ෂකයා නම් කරන්නේ නෑ. පුළුවන් නම් සතියක් පක්ෂ ව්‍යවස්ථාව අනූව වැඩ කරලා පෙන්නනවා. ඊට පස්සේ එනවා අපේක්ෂකයා ගැන සාකච්ඡා කරන්න." 

සිංහ හම පොරවා ගත් බූරුවෝ

පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙහෙම කියාගෙන කියාගෙන යද්දී සජිත් කල්ලියේ සෙට් එක මූණු බෙරි කරගෙන අහගෙන ඉඳලා. එළියේ දාන බොරු සිංහ පාර්ට් මොකුත්ම නැතුවම.

ඒ වගේම තමයි අද අරලියගහ මන්දිරයේ කතා කළේ මෑත ඉතිහාසයේ හිටපු රනිල් නෙවෙයි 90 දශකයේ හිටපු රනිල් බවට පත්වෙනවා,

කුරුණෑගල සන්නිය නවතී

මේ ගැන තියන වැඩි විස්තර අනූව කුරුණෑගල දී නටන්න යන සන්නිය නවත්වමු කියලයි කබීර් කල්ලියේ අනිත් සාමාජිකයන් කිහිපදෙනකු  යෝජනා කරලා තියෙන්නේ.

ඒක කට්ටිය එක්ක සාකච්ඡා කරලා තීරණය කරමු කියලා මලික් කියලා.

"ඔයාට නම් මොකද ? සදාකාලිකවම  ජාතික ලයිස්තුව බලාගෙන ඉන්නෙ.. මට එහෙම බෑ. ලොක්කා දැනටමත්    ඛනිජ තෙල් සංස්ථාව මගෙන් ගලවන්න ඕඩර් කරලා. මම කිව්වා හොර පාරෙන් ගිහින් දිවුරුම් දෙන්න ඕන නෑ . ලොක්කට කියලා මෛත්‍රීපාල ළඟට යමු කියලා . බලනවකෝ දැන් මටනේ කෙලවෙන්නේ. මලික් ඔයා දන්නවද මනාපයක් ගන්න තියන අමාරුව. නෑ ඔයා දන්නෙ කොහොමද ඒක " කියපු කබීර් මලික්ගේ මූණවත් නොබලා යන්න ගිහින්.

කබීර් හෂීම් මේ විදියට ගැස්සිලා ඉන්නෙ කබීර් හෂීම් යටතේ තියන ඛනිජ තෙල් සංස්ථාව ඔහුගෙන් ඉවත් කරලා ලක්ෂ්මන් කිරිඇල්ලට දෙන්න කියලා රනිල් ලිඛිතව දැන්වීම නිසා.

ඒ ලිඛිත දැන්වීම අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිකුත්කර තියෙන්නේ පහුගිය අගෝස්තු 23. ඒකට මෛත්‍රීපාල කිසිම ප්‍රතිචාරයක් නැතිව ඉන්න නිසා ඊයේ (29) තවත් සිහිකැඳවීමක් කරලා.

මේ ගැන සජිත් කල්ලියේ මීඩියා නඩය දැනගෙන පස්සෙ එයාලා ෆේක් නිව්ස් එකක් ප්ලාන්ට් කරා මංගලගෙත් බැංකු ගලවන්න යන්නේ කියලා. මංගලගේ ගලවන්න දෙයක් නෑ. සජිත්ගේ සූකරයන්ට කොටු වෙලා මංගල එයාගේ ලිබරල් ලයින් එක චොරේ චොර කරගෙන ඉන්නෙ කියලයි එජාප ජේෂ්ඨයින්ගේ අදහස.

ෆේක් නිව්ස් වලින් කබීර්ගේ හිත හදන්න බැරි වෙලා

කොහොම නමුත් මේ ෆේක් නිව්ස් වලින් කබීර්ගේ හිත හදන්න බැරි වෙලා. ඊටත් වඩා කබීර්ගේ ප්‍රශ්නය මෙච්චර කාලයක් කබීර්ට හයියක් වෙමින් හිටපු වැදගත් පහේ මුස්ලීම් සිවිල් නායකයන් රැසක් කබීර්ගෙන් ඉවත් වෙන්න තීරණය කිරීම. 

ඔය  ගැන කේන්තියෙන් ඉන්න කබීර් ෆේක් නිව්ස් එක දැකලා.. ඒ ලේකම් කෙනෙක් පෙන්නපු නිසා. "පිස්සු යක්කු" උන් ඒකෙනුත් පබ්ලිසිටී දාගෙන " කියලා කබීර් ෆෝන් එක පැත්තට තල්ලු කරලා.

සජිත්ගේ අවස්ථාවාදී කල්ලිය ඔය විදියට චොර වෙන අතරේ තවත් සිදුවීමක් ගැන වාර්තා වෙනවා.

ඒ සිද්ධ වෙන්නේ මංගලගේ ගෙදර තිව්ව කල්ලි සාමාජික හමුවේදී. රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ විස්කි අඩියක් එක්ක සෙට් කරපු ඒ හමුවේදී සජිත් ඒ මොකුත්ම නොකා නොබී තමන්ගේ  ගෙදරින් ගෙනාව කෑම එක කාලා, විශේෂ ප්‍රකාශයක් තියනවා කරන්න කියලා.

ඒ " අපි පක්ෂය ඇතුලේ ඉඳලා සටන් කරමු. එළියට නම් බහින්න කතා කරන්න එපා" කියලා. සජිත්ගේ මේ කතාවට කිහිපදෙනකු තක්කු මුක්කු වූ බවත් වාර්තා වෙනවා. ඒත් කිහිපදෙනකු ගේ තිබිලා තියෙන්නේ උපහාස හිනාවක්, කියලත් ආරංචියි.

රනිල්ගේ එක නියෝගයයි: සජිත් සුළඟ ආපසු හමයි! රනිල්ගේ එක නියෝගයයි: සජිත් සුළඟ  ආපසු හමයි! Reviewed by Admin on 7:36 AM Rating: 5

No comments

Top Gossip

gossip