සියළු ද්‍රෝහීන් සජිත් ළඟ: බනානා සුජී, ව්‍යවස්ථාව අනූව බේරගමු නේද?


පාක්ෂිකයන් මරු කටට දැමූ සියළු ද්‍රෝහීන් සජිත් ළඟ!
බනානා සුජී,  එහෙනම් පක්ෂ ව්‍යවස්ථාව අනූව බේරගමු නේද?

බනානා සුජී ට හදිසියේ පක්ෂ විනය ගැන මතක් වෙලා. ඒ පසුගියදා  මෛත්‍රීපාල ජනාධිපති මුණගැහෙන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ නායකත්වය නියෝජනය කරන පිරිසක් සහභාගී වීම නිසා.

බනානා සුජී පක්ෂ මහ ලේකම්ට ලියුමක් ලියමින් කියන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නොදැන ජනාධිපති හමුවීම, ජනාධිපති ධූරය අහෝසි කිරීම  ගැන සාකච්ඡා කිරීම  වගේ කරුණු සාකච්ඡා කිරීම ගැන විනය ක්‍රියාමාර්ග ගන්න ඕන කියන යෝජනාව.

දැන් තමයි නියම තැනට සෙට් වුණේ. ඒ සජිත්ගේ කල්ලියට පක්ෂ ව්‍යවස්ථාව සිහිවීම. සජිත් කල්ලිය එතැනට හේත්තු කරදීම ගැන අපි බනානා සුජීට සුබ පතනවා. 

එහෙනම් බනානා සුජී අපි පක්ෂ ව්‍යවස්ථාවේ විදිහට ජනාධිපති  අපේක්ෂකයා තෝරගමු. මේ පහත දක්වා තියෙන්නේ පක්ෂයේ අපේක්ෂකත්වය තේරීම සම්බන්ධව පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරය. එහි ඉතා පැහැදිලිව අපේක්ෂකත්වය තේරීම සිදුකළ යුත්තේ කොහොමද යන්න දක්වා තියනවා.

මේ 👇 තියෙන්නේ හොදට බලාගන්න.


ඒ විතරක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තිබෙන

2.3 (ආ), (ඉ), (ඊ), (ඌ), (එ), (ඒ) කොටස් කියවන්න.
3.3 (ආ), (ඇ)
3.4 (අ)
13 ව්‍යවස්ථාව, විශේෂයෙන්  13.3 කියවන්න,
16 ව්‍යවස්ථාවත් කියවන්න,

දැන් හති වගේ නම් සීතල වතුර වීදුරුවක් බීලා එන්න ඉස්සරහට. 

සජිත් කල්ලියම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත :

දැන් ව්‍යවස්ථාව පැහැදිලි නිසා මුලින්ම කාටද විනය පරීක්ෂණ තියන්න ඕන යන ප්‍රශ්නය ඇසීම නිවැරදියි.

ඒ වගේම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු සජිත් කල්ලිය ගැන පක්ෂ නායකත්වය තීන්දුවක් නොගැනීම ගැන එක්සත් ජාතික පාක්ෂිකයන් කම්පා විය යුතුයි.

සජිත් කල්ලියේ නරි නාටක :

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේක්ෂකත්වය නම් කිරීමට පෙර "බුදාම්මෝ සජිත් ඕනෝ.. සජිත් නැත්නම් විකල්පයකට යනෝ.." ගාගෙන සන්නි නටන්න ගත්තේ කවුද? ඒ වැඩේ පටන් ගත්තේ හැමදාමත් වගේ සජිත් අටවා ගන්නා කල්ලිය විසින් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

කිලී මහරාජාගේ මාස්ටර් ප්ලෑන් එක :

සජිත්ගේ මේ හීනමාන නායක සිහිනයට ඉතිහාසයක් තියනවා. ඔහු කිසිම අවස්ථාවක ජාතික මැතිවරණයක් වෙනුවෙන් මහන්සි වෙලා නෑ. එහෙම කරපු එක මැතිවරණයක් කියන්න බලන්න. ඔහු ඉන්නෙ පක්ෂ නායකත්වය අල්ලන්න. උදේ සිට රෑ වෙනතුරු කුරුමානම් අල්ලන්නේ ඒකට. එදා සිරිකොත පක්ෂ මූලස්ථානය ට ගල් ගහපු ඒ පව්කාරයෝ අදටත් සජිත් එක්ක හොරෙන් ඩීල්. මේ හැම ගේමක් පිටිපස්සේ ඉන්නෙ කිලී මහරාජා බවත් අමුතුවෙන් කියන්න ඕන නෑ.



අද සමහර එජාප පාක්ෂිකයන් ඉන්නෙ රැවටිලා. ඔවුන් දන්නෙ නෑ ඔවුන් කිලී මහරාජා ගහපු සිරස - ශක්ති - MTV උගුලේ පැටලිලා බව. 

ඒ අය පොඩ්ඩක් හැරිලා බලන්න වටිනවා. අපි මේ අනාවරණය කරන්න යන්නේ ඒ හැරිලා බලන මොහොත තවත් පැහැදිලි කරන්න.

තිස්ස අත්තනායක ඉන්නෙත් සජිත් ළඟ :

තිස්ස කියන්නේ මෑතක එජාපයේ හිටපු දක්ෂ මහ ලේකම්වරයෙක් බවට වාදයක් නෑ. නමුත් තිස්ස පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ පක්ෂයට ද්‍රෝහී වුනා. ඒ බැසිල් රාජපක්ෂගේ ගැටයකට අහුවෙලා. ඒ වෙලාවෙ ඔහු කොතරම් ද්‍රෝහී වුනාද කියනවා නම් රට පාවාදෙන ද්‍රෝහී ගිවිසුමක් කියලා කූඨ ලේඛන පවා හදලා මාට්ටු වුනා.

පස්සෙ වැඩේ ශේප් කරගත්ත එක පිටිපස්සේ හිටියෙත් සජිත් බව හුඟක් අය දන්නෙ නෑ. ඒක වුනේ මෙහෙමයි. සජිත් අගමැති රනිල් ව මෙහෙන් ශේප් කරා, "තිස්ස අපේ මිනිහනේ , ඔය නඩුව ඇදගෙන යන්න ඕන නෑ සර්" කියලා.

අනිත් පැත්තෙන් ශිරාල් ලක්තිලක ඒ කියන්නේ සජිත් වෙනුවෙන් සිරිකොතට ගල් ගහන්න මොළේ මෝරපු නැති ගොබිල්ලූ උසිගන්වපු හාදයා මෛත්‍රීපාලගෙන් තිස්සව ශේප් කර ගත්තා. (අද ශිරාල් එක්ක ඉන්න, ශිරාල් ට ලොක්කා කියාගෙන  මෛත්‍රීපාලගෙන් පඩි ගන්න සැට් එකම වැඩ කරන්නේ සජිත්ට බවට සාක්ෂි අපට තියනවා)

රාජපක්ෂ වෙත ගිය තිස්ස පොහොට්ටුවට නොගිය හේතුව :

ඒ රහස නිසා තමයි, පසුගිය ජනාධිපතිවරණය අවස්ථාව වෙනකොට රාජපක්ෂ රෙජීමයට සම්බන්ධව වූ තිස්ස පොහොට්ටු දේශපාලනයට නොයන්නේ. එතැන ඉඳලා තිස්ස ගැහුවේ ඩබල් ගේමක්.

එක පැත්තකින් සජිත්ගේ උදව් අරගෙන එජාප සම්බන්ධතා නඩත්තු කලා. අනිත් පැත්තෙන් මෛත්‍රීපාල ශේප් කරගෙන ඒ පැත්තේ වගේ හිටියා. අද තිස්ස ඉන්නෙ සජිත් ළඟ.

සුදත් චන්ද්‍රසේකර ඉන්නෙත් සජිත් ළඟ :

තිස්ස එක්ක ඩීල් කරන සුදත් චන්ද්‍රසේකර ඉන්නෙ කා ළඟද ? එජාප නායකයා හරහා එජාපය තුළ බලයක් හදාගත්ත සුදත් අද ලියුම් ලියමින් එජාප නායකත්වය ටම චෝදනා කරනවා. දකින අයටත් හිතෙන්නේ සුදත් පවා රනිල්ට ගහන්නෙ සාධාරණ හේතුවක් ඇතිව කියලා . නමුත් ඇත්ත ඊට වෙනස්. 

සුදත් බාන්නේ සජිත්ව පක්ෂ නායකයා කර එජාප නිල නොලත් නායකයා වෙන හීනෙක ඉන්න කිලී මහරාජා තමයි. රනිල්ට හොඳට රිද්දන්න හිතාගෙන කිලී මේ වැඩේට අත තිබ්බත් රනිල් ඒක පයිසෙකට මායිම් කළේ නෑ.

ඒත් සුදත් දැන් කිලී වෙනුවෙන් සජිත් ළඟ වැඩ. ඒ විතරක් නෙවෙයි සජිත්ගේ කාර්‍ය මණ්ඩලයේ සමහර ලොක්කොත් සජිත්ට නොමිනේට් කළේ සුදත් බව අපිට සාක්ෂි ඇතිව කියන්න පුළුවන්.

දැන් සජිත් ඕන දිනන්න, සජිත් නායකයා කළේ නැත්නම් කන්නත් බෑ කියන උදවිය හිතන්න ඕන කාරනා කිහිපයක් තියනවා.

පාක්ෂික ජීවිත මරුකටට දැමූ තිස්සව සජිත් හුරතල් කරන්නේ කොහොමද :

 තිස්ස පක්ෂයට ද්‍රෝහී වූ අවස්ථාව ගන්න. ඒ වෙලාවෙ රාජපක්ෂ රෙජීමයට නැවත දිනන්න අවස්ථාව ලැබුණා නම් අනතුරේ වැටෙන්නේ අහිංසක එජාප සාමාජිකයන් නේද ? ඒ ජීවිත අනතුර අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ සමස්ථ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ගේ ජීවිත අවධානමේ හෙළපු තිස්ස කොහොමද සජිත්ට එක්වුනේ ?

 සජිත් මොන හිතකින්ද ඒ වගේ ද්‍රෝහියෙකු` තමන්ට ළංකර ගත්තේ ? 

උත්තරය හරි සරලයි ! සජිත්ට ඕන පාක්ෂිකයන් සීයක් මරාගෙන හරි පක්ෂ නායකයා වෙන්න.

සිරිකොතට ගල් ගහපු පව්කාරයන් ඇයි අද සජිත් වෙනුවෙන් කැම්පේන් කරන්නේ ? ඒ කැම්පේන් සාධාරණ වෙන්න තිබුනා ඔවුන් සිරිකොතට ගල් ගහලා ගෙදර ගියා නම්. නැත්නම් ඔවුන් වෙනම කණ්ඩායමක් ලෙස දේශපාලනය කරා නම්. ඒත් සිරිකොතට ගල් ගහපු ඒ පව්කාරයෝ යහපාලනය හරහා ගියේ මෛත්‍රීපාලගේ ජනාධිපති කාර්‍යාලය ට.

මෛත්‍රී ගුණරත්න නම් කෙහෙල් ඇවරියත් සජිත් ළඟ :

ශිරාල් ලක්තිලක ජනාධිපති උපදේශක වෙනකොට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරයෙක් වෙනවා. ඒ මෛත්‍රී ගුණරත්න තමයි අගමැති රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන කොට ඊට සහය දෙමින් මහනුවර ඉඳලා කොළඹට පා ගමනක් ආවේ.

ගියපාර මංගලගේ කුරුදු පොලු බලකායෙන් ගුටිකෑව නිසා මේ පාර මෛත්‍රී ගුණරත්න කැබ් එකේ පොලු දාගෙන පා ගමන ගිහින් චොර වුනේ.. මතකයි නේද?

ඒ මෛත්‍රී ගුණරතන පා ගමන ගියේ එක්සත් ජාතික පක්ෂයට ආදරේටද ? නෑ . මෛත්‍රී ගුණරතන මහනුවර ඉඳලා පා ගමනින් එනකොට ඊට මාධ්‍ය අනුග්‍රහය දුන්නේ කිලී මහරාජා ගේ සිරස නාලිකාව. පා ගමන අවසානයේ මෛත්‍රී කෙහෙල් ඇවරියත් සමග තනි වුනත්, ඔහුගේ දුෂ්ට චේතනාව පැහැදිලියි. ඔහුට ඕන වුනේ එජාප ආණ්ඩුව පරාජය කරවන්න.

එජාප ආණ්ඩුව පරාජය කරවලා මෛත්‍රීපාල ට හිතවත් එජාපයේ නම් කිලී මහරාජා ට හීලෑ වූ අයෙකු අගමැති කරන්න. ඒ හැර එජාප සාමාජිකයන් , පාක්ෂිකයන්ට ගැන කිසිම හැගීමක් මෛත්‍රී ගුණරතන ට තිබුනේ නෑ .

අන්න ඒ මෛත්‍රී ගුණරත්න ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා කවුද ? ඒත් සජිත් ප්‍රේමදාස . දැන් බලන්න මේ කාරනය.

මෛත්‍රීපාල ළඟ වැඩ, පඩි ගන්නෙත් මෛත්‍රීපාලගෙන්. ඒත් එළිපිට කඩේ යන්නේ සජිත්ව  එජාප අපේක්ෂකයා කරන්න. ඒ වෙහෙසට මෛත්‍රීපාල මොකුත් නොකියන්නේ ඇයි ? 

ප්‍රශ්න සියල්ලට උත්තරය සරලයි :

උත්තරය හරි සරලයි. මේ කිලී මහරාජා අටවපු දේශපාලන උගුලක් . අනිත් හැමෝම ඒ උගුල නිසා ගොඩයන්න හිතාගෙන ඊට සූට් මහගෙන ඉන්න අය. මේ තැන එජාප පාක්ෂිකයන් වෙත සහනයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුලුවන් කොහොමද ?

මෙතෙක් පක්ෂයට සියළු ද්‍රෝහීකම් කළ,  අහිංසක පාක්ෂික ජීවිත පවා මරණයේ මෝයට තල්ලු කරපු සියළු ද්‍රෝහීන් ඔඩොක්කුවේ තියාගෙන නඩත්තු කරන සජිත් වෙතින්  එජාප පාක්ෂිකයන් වෙත මොකුත්ම ලැබෙන්න ඉඩක් නෑ. ඒ වගේ විශ්වාසයක් වැරදිලා හෝ තියනවා නම් ඒක වෙනස් කරගන්න.

මොකද නිකමට හිතන්න බැඳුම්කර ගනුදෙනුව ගැන එජාපයට නැගුණු අභූත චෝදනාව. කිලී මහරාජා බ්‍රේකිං නිව්ස් හදලා එජාපය ට මඩ ගැහුවෙ. ශිරාල් ලක්තිලක ගේ ගෝලයා වූ රජිත් කීර්ති තෙන්නකෝන් කියන වත්මන් ආණ්ඩුකාරයා දවසට දෙක බැගින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කළේ. එජාපයට මෑත ඉතිහාසයේ කල විශාල සහ මහාම බොරුවත් එයයි. ඒත් සජිත් ඊට එරෙහිව එක වචනයක් කතා කළාද ? නෑ . ඔහු කලේ මගේ පියානෝ.. රටටම ගෙවල් දෙනෝ කියමින් තමන්ගේ පෞද්ගලික ප්‍රතිරූපය හදාගත්ත එක විතරයි.

පක්ෂය ජයග්‍රහණය කරවීමට සජිත් ඔය කියන බිම්මට්ටමේ ගම්මට්ටමේ වීරයා නම් ඔහු ඇයි ජාතික මැතිවරණ වලදී දිස්ත්‍රික් මට්ටමෙන් ආසන මට්ටමෙන් ගොස් එයාගේ ඔය තියනවා කියන ජනප්‍රියත්වය පක්ෂයේ ජයග්‍රහණය බවට පත් නොකළේ ?

දැන් ඒ සජිත් නේද මේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා පක්ෂය දුර්වල කරන්න මාන බලන්නේ ? බනානා සුජී ගේ සිට බාර් හේෂා නම් පක්ෂ ව්‍යවස්ථාව පවා දැක නැති මරගාත පෙනී ඉන්නෙ එජාප පාක්ෂිකයන් වෙනුවෙන් කියලා හිරිකිතක් නැතුව කියන්නේ කොහොමද ?

හරි නම් පක්ෂ විනය කඩකර , සන්ධානය පිහිටුවීම පවා අවධානමේ හෙළන මේ කල්ලිය පක්ෂයෙන් එලවා දැමිය යුතු නොවේද ?

සියළු ද්‍රෝහීන් සජිත් ළඟ: බනානා සුජී, ව්‍යවස්ථාව අනූව බේරගමු නේද? සියළු ද්‍රෝහීන් සජිත් ළඟ: බනානා සුජී, ව්‍යවස්ථාව අනූව බේරගමු නේද? Reviewed by Admin on 7:25 AM Rating: 5

No comments

Top Gossip

gossip