විධායකය අහෝසි කිරිම.


2015 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති  බවට පත්වන්නේ විධායකය අහෝසි කිරිමේ පළමු පොරොන්දුවත් සමගය. සෝභිත හාමුදුරුවෝද 2015 දී මෙම සටනට පණ පොවන්නේ ඒ පොරොන්දුව සමගය. යහාපලන ආණ්ඩුව ගොඩ නැගෙන්නේ ඒ පොරොන්දුව සමගය. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ විධායක ජනාධිපතිවරයා නිර්පාක්ෂික පොදු අපේක්ෂ්කයා ලෙස පත් විමත් සමගය. ඔහු පක්ෂයේ සභාපති වු විට එය ටිකෙන් ටික අමතකවිය...

ඔහු පසුව  19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනය කරන්නේද ඔහුමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළිපිටම කඩන්නේ ඔහුමය. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එම පස්සට ඇද්දෙත්  ඔහුමය. විධායකය ලෙස පත්වුනු කෙනෙකු එය අත්හැරිමට කැමති නැත. නැතිනම් 1994 චන්ද්‍රිකා මැතිණිය, 2005 -මහින්ද, රනිල් අපේක්ෂකයන් දෙදෙනාම, 2015 - මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ප්‍රධාන පොරොන්දුව වුයේ විධායකය අහෝසි කිරිමය. කවුරුත් ඒ දේ කළේ නැත. ධුර කාලය අවසන් වන විට එයට කැමැත්තක් දක්වයි.

ඒම නිසා සුදුසුම කාලය වුයේ මෙම කාලය. ඒ සඳහා කැබිනට් මණ්ඩලය කැඳවන්නේ ජනාධිපතිවරයාමය, එහි අරමුණ විධායකය අහෝසිකිරිම නම් යහාපාලනයේ ප්‍රධාන අරමුණ වෙනුවෙන් පෙනි සිටි  ඔහු වටිනා කියන නායකයකි. 

කොච්චර අවිශ්වාස වුවත් තමා පෙනි සිටි විධායකය අහෝසි කිරිම ප්‍රතිපත්තිය පෙනි සිටියෙ නම් අගමැතිතුමාට  හා කැබිනට් මණ්ඩලයට හිස නමා ආචාර කළ යුතුවේ.

නමුත් කෙනෙකුගේ විධායකු විමේ දොලදුක නිවිමට හෝ මාධ්‍ය ආයතන අයිතිකරුවෙකුගේ රට පාලනයේ දොලදුක නිවිමට විනාශ කර දැමුවේ නම් මතක් කල යුතු වන්නේ විධායකය තුල වු භායානක තත්වයවේ.

විධායකය අහෝසි කිරිම. විධායකය අහෝසි කිරිම. Reviewed by Admin on 11:42 PM Rating: 5

No comments

Top Gossip

gossip