කොහොමද සජිත්ගේ ආර්ථික විද්‍යා දැනුම: අතිවිශිෂ්ඨයි නේද ?

මේ දවස් වල බුකියේ කියවෙන ජනප්‍රිය වදන් පෙළක් වෙයි. ඒ සජිත් ආවොත් සිරාට වඩා ආතල් ලැබෙනු ඇති කියලයි. ඒ වදන් පෙළ ඔප්පු කරන්න ආය සජිත් ජනාධිපති වෙන්න තියා ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් ඉඩක් නොතියා කටයුතු කරන්නේ අපි නොවේ. සජිත්ම එය යස අගේට කරනවා.

ඒක ඊයේ සජිත් එක රැයෙන් ඔප්පු කලා. ඒ තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 120ක් අතුරුදහන් කිරීමේ චෝදනාවට උත්තර දෙන්න ගිහින්.

සජිත්ගේ ආර්ථික විද්‍යා දෙගොඩ තලා ගලපු හැටි :

සජිත් කියන විදියට ඔහු ඒ සල්ලි යොදවලා තියෙන්නේ රට පුරා වෙහෙර විහාර සංවර්ධනය කරන්න. ඔහු ඒ වචන ටික කියලා මාරු වුණා නම් ඇති. ඒත් සජිත්ව වෙලාගෙන තියන දරාගන්න කොහෙත්ම බැරි හීනමානය නිතරම ඔහුව අමාරුවේ දානවා.

ඒ ඇතුලේ සජිත්ට කියවෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල සතු ඒ මුදල් නොගත්තා නම් මුදල් ස්ථීර තැම්පතුවේ තිබී රුපියල සමග බාල්දු වෙලා යන්න තිබුනා කියලා.

කොහොමද මෑන්ගේ ආර්ථික විද්‍යා දැනුම.  අතිවිශිෂ්ඨයි නේද ? 

ඇත්ත වශයෙන්ම හිතාගන්න බැරි කාරනාව තමයි සජිත් මේ කතා කියන්නේ ජෝක් එකටද ? සීරියස් ද ? කියන එක.

මොකද සාමාන්‍ය පෙළ විභාගය ලියන ළමයෙක් නෙවෙයි සාමාන්‍යයෙන් 9- 10 පංතියේ ඉගෙන ගන්න ළමයි පවා දන්නවා රුපියල බාල්දු වෙනවා කියන්නේ මොකක්ද කියලා.

සජිත්ට පංතියක් 

සජිත් එජාප නියෝජ්‍ය නායකයා වෙලා මේ වගේ ගොං කතා ප්‍රසිද්ධියේ කියන්න ඔයාට ලැජ්ජ නැති වෙන්න පුලුවන් . ඒත් තවමත් එක කඳවුරේ නිසා තමුන්ගෙ ගොං කතා ගැන අපිට ලැජ්ජයි.

සරලව කිව්වොත් සජිත් රුපියල බාල්‍දුවීම , නැත්නම් අවප්‍රමානයවීම ගැන කතාව මෙහෙමයි.

එක ඩොලර් එකක් වෙනුවෙන් අපිට රුපියල් කීයක් ගෙවන්න වෙනවාද ? ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්න ඕන. මේ වැඩේට මුලින්ම විනිමය අනුපාත ගැන තේරුම් ගන්න ඕන.

එක් රටක මුදල් ඒකකයක් මිලදී ගැනීමට තවත් රටක මුදල් ඒකක කොපමණ ප්‍රමාණයක් හුවමාරු කිරීමට අවශ්‍ය වේද යන්න විනිමය අනුපාතය යනුවෙන් සරලව පැහැදිලි කරන්න පුලුවන් . 

 විනිමය අනුපාතය ආකාර දෙකකින් ප්‍රකාශ කෙරෙනවා.

I. විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව දේශීය මුදල් ඒකකවලින් 

II. දේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව විදේශීය මුදල් ඒකකවලින් 

මෙහිදී විදේශීය මුදල් ඒකකයක් මිලදී ගැනීම පිණිස හුවමාරු කළයුතු දේශීය මුදල් ඒකක ගණන දැනට පවතින මට්ටමේ සිට ඉහළ යයි නම් දේශීය මුදලෙහි අගය අවප්‍රමාණය වීමක් ලෙසත් හඳුනාගනු ලබනවා.

පසුම්බියට දැනෙන මොහොත 

මේ විදියට රුපියලේ අගය පහළ ගියාම ආනයනික භාණ්ඩ සඳහා වැඩි මිලක් ගෙවන්න සිදුවෙනවා. පාරිභෝගික ජනතාවටද තමා භාවිත කරන්නට හුරුපුරුදු වී සිටින ආනයනික භාණ්ඩය වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීමට සිදුවන හෙයින් එය ඔවුන්ගේ පසුම්බියට දැනෙන කාරනයක් වෙනවා.

සජිත්ගේ ප්‍රශ්නය 

දැන් සජිත් කියන විදියට  මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ තියන මේ මුදල් ඩොලර් වලින් වියදම් කරනවා වගේ සීන් එකක් තියෙන්න ඕන. අන්න එතකොට මධ්‍යම සංස්කෘතික අරමුදල සතු සල්ලි වියදම් කිරීමේ දී අවප්‍රමානය ප්‍රශ්නයක් වෙනවා.

එහෙනම් සජිත් මොකක්ද මේ කියන්නේ ? මේ තමයි නියම දේශපාලන නරුම ස්වභාවය. සජිත් කියන කතාව වැරදියිද හරිද යන්නවත් සජිත්ට අදාල නෑ.

සජිත්ට ඕන ඔහේ මොකක් හරි කියලා වැඩේ වහන්න විතරයි. ඒ හැර මිනිස්සු මේ ගැන මොනවා හිතයිද ? මේ කියන කතා හරිද ? මේ කිසිම දෙයක් සජිත්ට අදාල නෑ .

සජිත්ගේ ඕඩියන්ස් එක :

මිනිහා දන්නවා එන ක්‍රව්ඩ් එක එන්නේ චියර් කරලා විසිල් ගහලා යන්න කියලා. සජිත් හිතනවා සේරම සල්ලි පන්සල් වලට දුන්නා කිව්වාම තමන්ට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කොඩිය අස්සේ හැංගෙන්න සහ ආරක්ෂාව හිමිවෙයි කියලා.

ඒ නිසා ඔහේ ගොං කතා කියලා පොරක් වගේ දෙපැත්ත බලනවා. පව් මොලේ මෝරපු නැති සජිත්... !

දැන් මෙහෙම කෙනෙක්ද රටේ ජනාධිපති වෙන්න එජාප අපේක්ෂකත්වය ඉල්ලගෙන මැරෙන්න හදන්නේ ? කිලී මහරාජා - මෛත්‍රී - මලික් කල්ලිය අපිට බලහත්කාරයෙන් දෙන්න සූදානම් වෙන්නේ මේ වගේ මරගාතයක් ද ?

සජිත්ගේ කල්ලිය පෞද්ගලික ගේම් වල :

ඔව්.මේ මරගාතය අපිට දෙන්න සජිත්ගේ කල්ලිය මැරීගෙන මැරෙන්න එන්නේ රට සංවර්ධනය  කරන්න නෙවෙයි. ඔවුන් එන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර තුළ ඔවුනොවුන්ගේ දේශපාලන අරමුණ ඉශ්ට කරගන්න.

ඉතා පැහැදිලිව සමහරු සජිත් ගේන ගේමට සෙට් වෙන්නේ හොර ගෑනිගේ  බලපෑම නිසා. අපි සාමාන්‍යයෙන් මේ දේවල් ලියන්නේ නෑ . ඒත් ඇත්ත ඒක. සජිත් ප්‍රේමදාස ට අභියෝගයක් වෙන්න හිටපු එජාප තරුණ නායකයෙක් මේ වෙනකොට අන්තිම බිංදුවට පිරිහෙමින් සිටිනවා. 

අපිට මේ ගැන තොරතුරු ඕන තරම් තියනවා. ඒත් අපි දැනට ඒ කලාපය අඳුරේ තියෙන්න දෙනවා. ඒ අතර සජිත්ට කියන්න දෙයක් තියනවා. මෙහෙමයි,

බොරුවට නිදි නොමරා පොතක් පතක් කියවන්න :

සජිත් නිතර මතුරණ  සහ සජිත්ගේ කල්ලිය නිතර මතුරණ මන්තරයක් තමයි "සජිත් කියන්නේ නිදි වර්ජිතව ජනතා සේවය කරන කෙනෙක් " යන්න. හරීන් ප්‍රනාන්දු දැනටමත් බය වෙලාලු ඉන්නෙ පාන්දර 4 ට කෝල් කරලා වැඩ පවරයි කියලා. ඒ කියන්නේ හරීන්ලා වැඩ කරන්න නම් හෙණ්ඩුවක් අරගෙන එන නායකයෙක් ඉන්න ඕන කියලද ? නැතිනම් දැන් හරීන්ලා කම්මැලි අලි වෙලාද ? 

එනිවේ , ප්‍රශ්නයක් නෑ. මොක වුනත් අපි සජිත්ට කියන්නේ "බොරුවට නිදි කිර කිර ඉන්න වෙලාවෙ පොතක් බලන්න. මොලේ වෙහෙසන්න. හරකෙක් වගේ ඇඟ මහන්සි කළාට හොඳ දේශපාලනඥයකු වෙන්න බෑ. ප්ලීස් ඒක තේරුණේ නැත්නම් අනවශ්‍ය තප්පුලෑම් වත් නවත්වන්න. ඔයාගේ ඔළුවේ තරම අපි දන්නවා සජිත්, ඒකයි ඔයා රටේ නායකයා තියා එජාප අපේක්ෂකයා වෙනවාටත් අපි විරුද්ධ !

කොහොමද සජිත්ගේ ආර්ථික විද්‍යා දැනුම: අතිවිශිෂ්ඨයි නේද ? කොහොමද සජිත්ගේ ආර්ථික විද්‍යා දැනුම:  අතිවිශිෂ්ඨයි නේද ? Reviewed by Admin on 8:36 PM Rating: 5

No comments

Top Gossip

gossip