මඩකිං කිව්වොත් කිව්වා! සජිත් - ජනාධිපති, මෛත්‍රී - අගමැති: ගේම අදත් මාට්ටුයි!!


ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් දූතයා කරගෙන මෛත්‍රීපාල ගහන්න ගිය ගේමක් හෙලිදරව් වෙලා.

පහත දැක්වෙන්නේ ඒ ගැන ප්‍රසිද්ධ වූ පුවතයි.

හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මහතා කැඳවා ඇති ජනාධිපති සිරිසේන මහතා අගමැති රනිල්ට ලබාදෙන ලෙස කියමින් විශේෂ පණිවුඩයක් යවා ඇත.

සුමන්තිරන් මහතාට කියා ඇත්තේ එජාපයේ ජනාධිපති අපෙක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී 2015 කළාක් මෙන් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් පෙරමුණක් නිර්මාණය කොට රාජපක්‍ෂවරුන් පරාජය කිරීමට කටයුතු කරන ලෙසට රනිල් වික්‍රමසිංහට දැනුම් දෙන ලෙසටය.

එසේ වුවොත් ශ්‍රිලනිපයටද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්විය හැකි බවද සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙහිදී සුමන්තිරන් මහතා උත්තර දී ඇත්තේ තමන්ට වෙනත් පක්‍ෂවල ප්‍රශ්නවලට මැදිහත් විය නොහැකි බවත් පක්‍ෂ නායකයන්ට උපදෙස් ලබා දීමට නොහැකි බවත්ය. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී මේ සම්බන්ධව ඔහුට දැනුම් දෙන බව සුමන්තිරන් මහතා එහිදී ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් මේ බව සුමන්තිරන් මහතා සිය පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් සියලු දෙනාම සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්‍ෂකත්වයට දැඩිව විරෝධය පළ කර තිබේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ හා රාජපක්‍ෂවරුන්ගේ ප්‍රතිපත්ති එක හා සමාන නිසා ඔහුට කිසිසේත්ම උදව් කළ නොහැකි යැයි කියා ඇත.

මඩකිං කිව්වොත් කිව්වා :

සජිත් ජනාධිපති වී මෛත්‍රීපාල ජනාධිපති කරන කුමන්ත්‍රණය මුලින්ම රට හමුවේ හෙලිදරව් කලේ මඩකිං විසින්.

ඒ රටම සිදුවන්නේ කුමක්ද යන්න ගැන විමතියෙන් සිටින මොහොතේ දී. දැන් මේ වන විට දේශපාලන ක්ශේත්‍රයේ ඇත්තටම සිදුවන දේ හරහා මඩකිං හෙලිදරව් කිරීම ඇත්ත බව ඔප්පුවී හමාරයි.

ඉදිරියටත් එවැනි හෙලිදරව් කිරීම් බලාපොරොත්තු වෙන්න. මඩකිං කියන්නේ වෙබ් එකක් නෙවෙයි සැටලයිට් එකක් කියන්නේ ඒ නිසයි.

මඩකිං කිව්වොත් කිව්වා! සජිත් - ජනාධිපති, මෛත්‍රී - අගමැති: ගේම අදත් මාට්ටුයි!! මඩකිං කිව්වොත් කිව්වා!  සජිත් - ජනාධිපති, මෛත්‍රී - අගමැති: ගේම අදත් මාට්ටුයි!! Reviewed by Admin on 9:51 AM Rating: 5

No comments

Top Gossip

gossip