මේ දෙන්නම: එකම මගක පියවර මැන යන්නේ!


මේ සටහන බොහෝ දෙනෙකු අතපසු කරගෙන ඇති කරුණක් කෙරෙහිය. එනිසා දීර්ඝ වුවත් කියවීමට කම්මැලි සිතුනත් ඒ නොතකා කියවන්න. 🙏🙏🙏🙏

අතීතය සිහිනයක් පමණයි - සැබෑ සුවඳක් නෑ :

👉 ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් මතකද ? චිත්‍ර කතා පත්තර බැලූවෙකු හට ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් අමතක නැත. ඔහු එකළ අයුක්තිය අසාධාරණයට එරෙහි වීරයා විය. සකළ විධ දුෂ්ටයන් පරාජය කළ ශිෂ්ට සම්පන්න පොලිස් වීරයා විය. එහෙත් ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් වෙතින් ආශ්වාදය ලැබූ කිසිවෙකු පොලිස් රාජ්‍යයක් හෝ මිලිටරි ෆැසිස්ට් රෙජීම පාලනයක් පැතුවේ නැත.

නමුත් 2009 මෙරට සිවිල් යුද නිමාවෙන් පසුව මිලිටරි ෆැසිස්ට් රෙජීම පාලනයක් තුළ ඊනියා දේශප්‍රේමය , ජාතික ආරක්ෂාව සහ විනය ගරුක සමාජයක් ගැන මාරාන්තික සිහිනයක් ඉදිවෙමින් පවතී. 2015 දී පරාජය කළ නමුත් ඒ හරහා ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් නිදහස යොදාගෙන යළිත් මිලේච්ඡ ෆැසිස්ට් සතුරා සමාජය නොමග යැවීම දරුණු ලෙස සිදුකරමින් සිටියි.

ගොදුරු සොයන රුදුරු වන සපුන් - මිතුරු ලෙසින් ඇසුරට ඒවී :

මෙවර බැටළු හැවක් සහිතව පැමිණියත් රුධිර පිපාසිත දිවි මුවග විලිස්සූ දත් මතුවේ. වඩාත් තාර්කික එළඹුමක් ලෙස ඔහු රාජපක්ෂ පවුල නියෝජනය කරන අතර නමින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වෙයි.

ආසන්න දිනක ඔහු වෙතින් බැටළු හැව ගැලවී රුධිරය පෙඟුණ දිවි දත් මතුවූයේ ස්වාධීන කොමිෂන් සභා වෙනස් කර ඒවා සැබෑ ස්වාධීන ඒවා බවට පත්කල යුතු බව යෝජනා කරමිනි.

ඒ කියන්නේ විධායක ජනාධිපති තබා කිසිවෙකුටත් බලපෑම් කළ නොහැකි ආකාරයට 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්ථාපිත කොමිෂන් සභා වෙනස් කිරීම ඔහුගේ මනසේ මුල් බැස ඇති බවයි. එවැනි තත්ත්වයක් මතුවුණ හොත් ඒවාට අත්විය හැකි ඉරණම ලිවිය යුතු නොවේ.

යුක්තිය උදෙසා කෑමොර දීමයි - දඟගෙයි ලෑමට අප සැම කළ පව් :

එවැනි වාතාවරණයක් ඇතිවුවහොත් නීතිය සහ අධිකරණය , පොලීසිය , මැතිවරණ , මානව හිමිකම් , රාජ්‍ය මූල්‍ය වෙත කුමක් වෙයිද ? අතීතයේ සිදුකළ අහස පොළව නුහූලන අපරාධ කිසිවක් ගැන බිඳක් හෝ තැවීමක් නැති ඔහු මේ සමාජය මස් මඩුවක් මිස ඊට වැඩි තැනකට නොගෙනෙයි. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ව ඔහුගේ සහෝදරයා වූ බැසිල් රාජපක්ෂ පවා ටර්මිනේටර් ලෙස හැඳින්වීම ඒ තේරුම් ගැනීමට ප්‍රමාණවත් ය.

ඒ අයුක්තියේ ඒ අසාධාරණයේ රැහැණින් අප මුදන්න අතීත ආශ්වාදයක් සැපයූ ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් ලා සියයක් හිටියත් නොහැකි වන්නේ මේ සතුරා රාජ්‍ය බලය ඇල්ලීම සඳහා එන නිසාය. ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් දුෂ්ටයා සමග මිස රාජ්‍ය බලය ගොනුවූ විධායකය සමග අප වෙනුවෙන් ගැටුනේ නැත. ගැටෙන්නටත් නොහැකිය.

නැගී සිටිමු හැම එක්සත් වී - බෙදී ගියොත් සැම යයි සුන් වී :

👉 එනිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය , නිදහස, සකලවිධ මානව හිමිකම් වනසන දුෂ්ටයා ප්‍රමුඛ බලවේගය පරාජය කිරීම අපේ කඳවුරේ පළමු අභිප්‍රාය වෙයි. පළමු ඉලක්කය විය යුතුයි. සියළු කොන්දේසි පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් නිර්මාණය කිරීම පළමු කොන්දේසිය කරගෙන පාට, පක්ෂ පංති, සමාජ , කුල නොසලකා ඊට එක්විය යුතුයි.

👉 බාහිර සතුරා පරාජය කළ හැක්කේ කෙසේද ? ඒ වෙනුවෙන් පෙරමුණ බළඇනි මෙන්ම කඳවුරේ සෑම කොටසක්ම එකසේ ශක්තිමත් විය යුතු නොවේද ? එය එසේ විය යුතුයි. ඒත් ඒ දේට අකුල් හෙළන අභ්‍යන්තර සතුරු කොටස් සිටීනම් අපි කුමක් කරමුද ?

👉 බාහිර සතුරා පරාජය කිරීමට පෙර ඒ අභ්‍යන්තරයේ සිටින, අඟේ සිට කන කන, සමස්ථ කඳවුර ඕනෑම මොහොතක ඕනෑම අවධානමක දැමීමට ඉඩ ඇති ඒ කල්ලි වහා හඳුනාගෙන ඉවත් කල යුතුය. යුද ශිල්පයේ එන මේ පාඩම ශිෂ්ට සමාජයේ බලය වෙනුවෙන් වන අරගල බිම වන මැතිවරණයක් හමුවේද අදාලය.

අමතක කරන්න බෑ - අමතක කරන්න බෑ :

අද වැනි කාලයක එය කිහිප වාරයක් ඇතැම් විට උවමනාවටත් වඩා වැඩි යැයි හැඟෙන තරමට වර නැගුවත් වැඩි නැති බව අපේ අදහසයි.

👉 අවධානමක් ඇත්තේ මානව නිදහස කෙරෙහිය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජ සහ සංස්කෘතික අවකාශය කෙරෙහිය. සැබෑ සංවර්ධනයක් ආපසු හැරවීම කෙරෙහිය. ජාතික සමගිය සහ සංහිඳියාව වෙතය. ඒ ඊනියා දේශප්‍රේමය වෙතින් ය. ජාතිවාදී අන්ත පසුගාමීත්වයක් වෙතින් ය. දියුණු ආර්ථික දැක්මක් වෙනුවට දුගී දුප්පත් බහුතර ජනතාවගේ ඔලු විකාර මනස්ගාත වලින් පුරවන කතන්දරකාරයන් වෙතින්‍ ය.

👉 ඒ හඳුනාගැනීම තුළ මේ පක්ෂයක අපේක්ෂකයා සම්බන්ධ ඊට සීමාවූ අභියෝගයක් නොව රටක් ජනතාවක් සමස්ථ සමාජයක් සම්බන්ධ අභියෝගයකි.

👉 අභ්‍යන්තර සතුරා පරාජය කිරීම නිශ්චිතව සිදුකළ යුතු පූර්ණය කළ යුතු කොන්දේසියක් වන්නේ මේ පසුබිමේය.

කඳවුර මේ අභියෝගය සඳහා ශක්තිමත් කරන පළමු අවස්ථාවේ සජිත් නැතුව මොකුත්ම බෑ කියාගෙන අභ්‍යන්තර සතුරා ඉදිරිපත් විය. ඒ කල්ලිය කොතරම් දුරදිග ගියාද කිවහොත් සන්ධානයට වඩා අපේක්ෂකයා වැදගත් කළේය. කොන්දේසි විරහිතව සියළු කොටස් එකට සිටිය යුතු මොහොතක මීට වඩා සතුරුභවක් තිබේද ? නැත.

👉 ගෝඨාභය සිය විශ්‍රාමික හමුදා ප්‍රධානීන් කැඳවා මහින්දගේ කඳවුරේ අපේක්ෂකත්වය අල්ලන විට, සජිත් සිය කිලී මහරාජා ප්‍රමුඛ ඩීල්කාර ජාවාරම් කාර ව්‍යාපාරික මාෆියාව කැඳවා ඇත.

ඒ සමග මෛත්‍රීපාල වැනි මේ කඳවුර වනසන තුරු නින්ද අහිමිවූ, ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය හරහා මිනීමරු රාජපක්ෂ රෙජීමයට යළිත් අප කඳවුර නිරාවරණය කළ හීනමානකාරයකුගේ සෘජු සහය ලබාගෙන ඇත.

කල්ලි සාමාජිකයන් හරහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනහමු තබමින් අපේක්ෂකත්වය ඉල්ලා පක්ෂය වෙත පමණක් නොව කඳවුර වෙතම තර්ජනය කරන්නට ගෙන ඇත.

සජිත්ගේ ආර්ථික දැනුම නිල්‍ ය. ගන්නම දෙයක් නැත. මානව හිමිකම් සහ මිනිස් අයිතීන් ගැන ජාතික තලයේ කිසිදු සංවාදයක් පෝෂණය කර හෝ එවැන්නක් වෙත දායකත්වය සපයා නැත.

ජාතික ගැටළුව ගැන සහ ස්ථාවර සංහිඳියාවක් ඇතිකර ගැනීමට පසුගිය වසර හතරාමාර ක පමණ කාලයක් තුළ ජාතිවාදී බලවේග සමග ගෙනගිය දුෂ්කර සටනට කිසිම ආකාරයක දායකත්වයක් ලබාදී නැත.

මැතිවරණ මෙහෙයවීම වෙනුවෙන් කැපවී නැති අතර පක්ෂ ඉතිහාසය තුළ සහ කඳවුරේ ඉතිහාසය තුළ ඔහුගේ කාර්‍ය සාධන වාර්තාව පිරී ඇත්තේ නායකත්වය කඩා ගැනීම වෙනුවෙන් අභ්‍යන්තර කල්ලි කණ්ඩායම් මෙහෙයවා ඒ ලබන ඉඩ තුළ පක්ෂයේ නියෝජ්‍ය නායකයා දක්වා බලහත්කාරයෙන් පැමිණීම පමණි.

මේ ආකාරයට කඳවුරේ සිටින බල තණ්හාවෙන් ස්වයං පීඩිත වූ ඒ නිසාම පරිපීඩක දේශපාලනය හරහා දැන් කඳවුරේ සමගිය වනසා කඳවුර මරාගෙන මැරෙන තැනට ඔහු පැමිණ ඇත.

👉2005 ජනාධිපති වීමට පෙර මහින්ද රාජපක්ෂ සිහි කරන්න.

ඔහු සිවිල් යුද ජයග්‍රහණය තම මුක්තියට ලියා ගෙන රජවීමට ගියත් ඊට පෙර ජාතික ගැටළුව ගැන කිසිදු දර්ශනයක් මත පිහිටා අදහස් දක්වා නැත. ජනාධිපති වීමේ සිට රාජකීය උෂ්ණය වැදී ආතුර වීම දක්වා ඒ ගැන ඔහුගේ ඉතිහාසය අමු තක්කඩි අවස්ථාවාදයක් විය. අවම වශයෙන් මහින්ද පාද යාත්‍රා ගියේය . මිනිස් දම්වැල් ගියේය.

ඒත් මේ සජිත් ? අධ්‍යාපනය තබා ප්‍රායෝගික දේශපාලනය තුළවත් කිසිදු සහතිකයක් දී නොමැති මොහු අපේ කඳවුරේ අපේක්ෂකයා වන්නේ කෙසේද ? ඒ පැමිණීම අප යුක්තයුතු කරගන්නේ කෙසේද ?

වඩාත් භයානක මොහොත වන්නේ එදා චන්ද්‍රිකා එපා කියන විට දිනන්න පුළුවන් ජොකියා කියා මහින්ද බලයට ගෙනා කුහක දේශපාලන නඩය අද සජිත්ව සිය තේරීම බවට පත්කරගෙන තිබීමය. සෝභිත හිමියන් ගොඩනැගූ යහපාලන ව්‍යාපෘතිය මෛත්‍රීපාල යොදවා හයිජැක් කළේද ඔවුන්‍ ය.

දැන් අපි කුමක් කරමුද ? මහින්දගේ දිගුවක් වූ, ඒ අතර එහි තාර්කික අන්තයවූ ගෝඨාභය වෙනුවට ඒ මගේ යන මේ ප්‍රායෝගික නැති, දර්ශනයක් නැති පුද්ගලයා අපේ කඳවුරේ දේශපාලන ව්‍යාපෘතියේ නියමුවා කරගන්නවාද ? නැතිනම් කරූ - රනිල්, පාඨලී , අනුර ඇතුළු පොදු කඳවුරක් වෙනුවෙන් නොනිමි අරගලයට පණ පොවනවාද ? හිතන්න .. !!!!!

මේ දෙන්නම: එකම මගක පියවර මැන යන්නේ! මේ දෙන්නම: එකම මගක පියවර මැන යන්නේ! Reviewed by Admin on 8:27 PM Rating: 5

No comments

Top Gossip

gossip