සමීක්ෂණ වාර්තා ලණු දෙන: මෙන්න විසකුරු සර්පයා!


ටයිකෝට් දාගෙන ඉන්න හර්ෂ ද සිල්වා කියන්නේ ලිබරල් මහතා වෙස් ගත්ත ලේ මාපිලෙක් කිව්වට වැඩිය කවුරුත් විශ්වාස කරන එකක් නෑ. ඒත් සජිත්ට විතරයි දිනන්න පුලුවන් කියලා හොර සමීක්ෂණයක් කරපු මේ සර්පයා සජිත්ටත් කොලේ වහලා ගහපු සමීක්ෂණයක් ගැන තොරතුරු අපි ට ලැබිලා තියනවා. ඒ තොරතුරු හෙළිදරව් කරන තුරු මේ හෙළිදරව්ව කියවන්න.

සර්පයා දැක ගන්න අපි ඔබට ආරාධනා කරනවා.

කිලීගේ ප්‍රොජෙක්ට් එක :

ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාව ඉල්ලන්නේ සජිත් බව කියන පට්ටපල් කෙබරයේ මැවුම්කරුවා වන්නේ සිරස මාධ්‍ය ජාලය හිමි කිලී මහරාජා. ඒත් රටේ ජඩමාධ්‍ය පෙන්වන සියල්ල ඇත්ත බව හිතන අහිංසක මිනිස්සු ඒ සියල්ල ඇත්ත ලෙස ගනී.

ඒත් මත හදන, සමාජය අඩියක් හෝ ඉස්සරහට ගැනීමට හිතන තාර්කික බුද්ධිය වෙහෙසෙන මිනිස්සු පසුව හැකි අයුරින් අහිංසක ජනතාව වෙත මේ සංදර්ශන පසුපස ඇති ඇත්ත හෙළිකරයි.

මිනීමරු රාජපක්ෂ පවුල් පාලනය විසින් මැදමුලන කොළනියක් කර තිබූ මේ රට 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ යළිත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්කර ගන්න හැකි වුනේ ඒ අනූවයි.

ලණු දෙන සමීක්ෂණ :

ඒත් ඒ සමාජ ස්ථරයටත් ලනුදෙන තැන් ඕන තරම් බවත් කියන්න ඕන. ඊට එක නිදර්ශනයක් වන්නේ ජනමත සමීක්ෂණය. ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් අවස්ථාවේ මෙවැනි සමීක්ෂණ ඕන තරම් ප්‍රතිඵල , දත්ත සමග එයි. එය සාමාන්‍ය දෙයක් වුවත් ලනුදෙන සමීක්ෂණ විශේෂයි. මොකද ඒ සමීක්ෂණ ප්‍රතිඵල සකස්කර ඇත්තේම කිසියම් පූර්ව නිගමනයක් අනූවයි. 

සරලව කිව්වොත් "තමන්ට අවශ්‍යව ඇති දේ මතයක් විදියට ඔප්පු කරන්න සමීක්ෂණයේ දත්ත වෙනස් කර පෙන්වනවා. ඒ කියන්නේ ප්‍රතිඵලය මොකක්ද කියන දේ වේලාසනින් තීන්දු කරලා තියෙන්නේ. ජනතා අදහස් කියලා පෙන්වන්නේ ඒ විකෘති කළ ප්‍රතිඵලය".

සුදු කරපටි සමීක්ෂණ :

ඕන කබ්බෙකුට මේ සමීක්ෂණ කරලා ප්‍රතිඵල පෙන්නන්න පුලුවන් . ඒත් මත හදන මධ්‍යම පංතියේ උදවිය අහුවෙන්නේ ඊනියා විද්වත් ටයි කෝට් මහත්වරු (සීතල බොරුකාරයන් ) කරලා පෙන්වන සමීක්ෂණ වලට. අන්න ඒ උදවිය කරන සමීක්ෂණ වලට  මඩකිං දෙන නම තමයි සුදු කරපටි සමීක්ෂණ.

අන්න ඒ වගේ සීතල බොරුකාර සුදු කරපටි සමීක්ෂණකාරයෙක් තමයි හර්ෂ ද සිල්වා කියන්නේ.

ලිබරල් මහත්තයෙක් වගේ ආර්ථික කරුණු ගැන කෙකර ගෑවට මොකද සමීක්ෂණ ෆීල්ඞ් එකේ හර්ෂ ද සිල්වා ගේ සමීක්ෂණ  ප්‍රතිඵල අනූව තීන්දු තීරණ ගත්තොත් අබ සරණයි.

ඒක අපි ඔහේ දොඩවන කතාවක් නෙවෙයි , හර්ෂ ද සිල්වා එයාගේ සමීක්ෂණ වාර්තා ප්‍රතිඵල එක්ක ඒ කතාව ඔප්පු කරලා තියන නිසා තමයි අපි එහෙම කියන්නේ.

හර්ෂ ද සිල්වා ගේ මේ සමීක්ෂණ මරගාත UNP එක අස්සට රිංගන්නේ 2008 විතර ඉඳලා. පක්ෂ නායකත්වයට තමයි මෑන් මේ රිපෝර්ට් සප්ලයි කරේ.

හර්ෂ ද සිල්වානෝ ගේ 2010 සමීක්ෂණය :

ඔන්න 2010 ජනාධිපතිවරණය එනවා. හර්ෂ ද සිල්වානෝ එනවා සමීක්ෂණ වාර්තාව උස්සගෙන. මොකක්ද ඒකෙ තියෙන්නේ. සරත් ෆොන්සේකා වගේ කෙනෙක් දැම්මොත් එජාප ය ප්‍රධාන පොදු විපක්ෂය උඩින් දිනුම් කියලා.

සුදුකරපටි සමීක්ෂණ ගැන වගේ වගක් නැතුව එජාප නායකයන් මේ වාර්තාව විශ්වාස කරනවා. මෑන් එන්නේ වැරදිලා හරි සරත් ෆොන්සේකා දිනුවොත් එයා අපේක්ෂකයා කරන වැඩේ දත්ත එක්ක පෙන්නපු මහා මොලකරු කියලා සරත් ෆොන්සේකා ගෙන් ලකුනු දාගෙන ඉක්මනින් පොරක් වෙන්න බව එදා එජාපය අල්ල ගත්තේ නෑ .

ඒ නිසා 2010 ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා පරාදයි. සමීක්ෂණ වාර්තා ගෙනාව හර්ෂ ද සිල්වා හීනියට මාරු වුනා.

ඌවෙන් හරීන්ව කපන්න කරපු සමීක්ෂණය :

ඊට පස්සේ ඌව පළාත් සභා මැතිවරණය වෙලාවෙත් මෑන් එනවා සමීක්ෂණ වාර්තාව උස්සගෙන. මහින්දගේ කෙනෙක් දාලා ඉල්ලුවොත් දිනුම් , නැත්නම් ඇපත් නෑ කියාගෙන.

ඒ සමීක්ෂණය හර්ෂ කරෙත් කිලී මහරාජා ගේ උපදෙස් අනූව බව තේරුම් ගන්න තරම් හරීන්ගේ මොලය මෝරලා නෑ . ඒත් දන්න උදවිය දන්නවා එජාපය තුළ සජිත්ට අභියෝගයක් වෙන තරුණ දේශපාලනඥයින් ගේ ගමන අවසන් කරන්න කිලී මහරාජා ගහපු ගේම් මොනවද කියලා .

 යන්තම් එදා රනිල් ඇතුළු නායකයන් හරි තීරණයක් ගත්තා සමීක්ෂණ මරගාත නැතුව හරීන් ප්‍රනාන්දු දාලා ඉල්ලලා බලමු කියලා. ඒ මැතිවරණය UNP එක ගොඩගියා. සමීක්ෂණ හර්ෂ යටගියා.

2015 මෛත්‍රීට කරලා දුන්න සමීක්ෂණය :

ඔන්න ආයෙත් ආවා 2015 ජනාධිපතිවරණය. මෙන්න එනවා සමීක්ෂණ හර්ෂයා සමීක්ෂණ වාර්තා මරගාතය උස්සගෙන. මොකක්ද තියෙන්නේ , එජාප අපේක්ෂකයට දිනන්න බෑ. පොදු අපේක්ෂකයකු දාන්න කියලා. එදා කැට තියලා විද්වතුන්, පක්ෂයේ නායකයන් විතරක් නෙවෙයි මාදුළුවාවේ සෝභිත නාහිමියන් පවා කිව්වෙ කරූ ජයසූරිය දාමු. දිනන්න පුලුවන් කියලා.

ඒත් චන්ද්‍රිකා ගේ UNP අවතාර එක්ක හර්ෂ ද සිල්වා ගේ සමීක්ෂණ වාර්තා මරගාතේ පක්ෂය ගිල දැම්මා. අන්තිමේ මෛත්‍රීපාල ජනාධිපති වුනා විතරයි. එජාපයට අබ සරණ වුනා. මොනවා වුනත් එදා හර්ෂ ගේ සමීක්ෂණ හරි වගේ පෙනුණේ මෛත්‍රීපාල දිනපු නිසා. ඒ නිසා මෑන් අගමැතිගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය වෙන්න ලක් එක දාගත්තා. අගමැති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් වූ සුවසැරිය වැඩේ මෑන්ගේ ප්‍රොජෙක්ට් එකක් වගේ කරගත්තා.

ගොඩගියේ කවුද කියලා තාමත් සැකයිද ?:

ඒ වැඩෙන් ගොඩගියේ මෛත්‍රීපාල සහ හර්ෂ ඇතුළු කිහිපදෙනකු බව එජාපය එදත් අවබෝධ කරගත්තේ නෑ . ඒ නිසා හර්ෂ ද සිල්වානෝ ගේ සමීක්ෂණ මරගාතය ටික ටික පක්ෂය ගිලගත්තා.

බැදුම්කර ගනුදෙනුව රවීගේ පිටින් යැවීම, සහ එහෙම කරාම 2018 පලාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න පුලුවන් වගේ මාරාන්තික ලනු දුන්නෙත් ඔය හර්ෂ ද සිල්වා ගේ සමීක්ෂණ වාර්තා මරගාත හරහා.

සමීක්ෂණ හර්ෂගේ ගොඩයන කලාව :

ඇත්ත කතාව UNP වගේ පක්ෂයක ආර්ථිකය ගැන පොරටෝක් දෙන්න හර්ෂ ඕනිම නෑ. ඕන තරම් නායකයන් ඉන්නවා ආර්ථික දැක්ම ගැන හරියට කතා කරන්න. ඒ අස්සෙ හර්ෂ පොරක් වුනේ රවී වගේ නායකයන් සමීක්ෂණ වාර්තා පෙන්වලා කැපීම හරහායි.

ඒත් මේ ටයි සූට් දාලා බක් බක් බක් ගගා කියවන, කියන්නේ මොකක්ද කියලා ඒකත් නොදන්නා හර්ෂයා සර්පයා බව එජාප නායකත්වය තේරුම් ගත්තේ මේ පාර.

2020 ට කරපු සමීක්ෂණය :

ඔන්න ජනාධිපතිවරණය ලංවුනු ගමන් හර්ෂයා එනවා සමීක්ෂණ වාර්තා මරගාතය උස්සගෙන. මේ පාර හර්ෂයාගේ සමීක්ෂණ ප්‍රතිඵලය හැදෙන්නේ කිලී මහරාජා ඉල්ලපු විදිහට. වාර්තාවේ තියෙන්නේ සජිත්ට විතරයි දිනන්න පුලුවන් කියලා. වෙන කාටවත්ම බෑ. ගමේ මිනිස්සු ඉල්ලන්නේ සජිත්. දත්ත විශ්ලේෂණය මුලුමනින්ම පාදක වෙන්නේ සිරස ගම්මැද්ද ප්‍රෝග්‍රෑම් එක එක්ක.

UNP නායකයන් රත් කරපු සමීක්ෂණය :

ඔන්න ඔතනදී තමයි එජාප නායකත්වයේ ඉහමොළ රත්වෙන්නේ. යකෝ රටේ ආර්ථිකය අමාරුවෙන් උස්සලා ගන්න හැදුවා විතරයි,  ලංකා සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න ගත්තා විතරයි, මෛත්‍රී - මහින්ද දුෂ්ට සන්ධානය කුමන්ත්‍රණය එක පිට එක පිට ගේනවා. මෛත්‍රී දන්න ගේම් සේරම ගහලා UNPය අතුගාලා දාන්න හදනවා. මෛත්‍රී තප්පුලන පාරක් ගානේ ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. 

මගේ පියානෝ හැර මොකුත්ම නෝ අපේක්ෂකයා :

ඒ හැම අභියෝගයක්ම ඉස්සරහා "මගේ පියානෝ.. මගේ පියානෝ ගහා පිස්සු කෙළපු, පක්ෂය වෙනුවෙන් එක වචනයක් නොකියපු, ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට නායකත්වය දුන්න මෛත්‍රීපාල ට මැතිදුන් කියපු, පක්ෂයේ බලය කිලී මහරාජා ට අල්ලගන්න ගේම් ගහපු, මෛත්‍රීපාල එක්ක ගෝනි සෙල්ලම් දමමින් හොර පාරෙන් අගමැති වෙන්න තටමපු, සිරිකොතට ගල් ගහපු පව්කාරයන් ටික මෛත්‍රීපාල ලග ගාල් කරලා යහපාලන ආණ්ඩුව ට කරන්න පුලුවන් හැම අංචියක්ම අද්දවපු සජිත්ව මෙන්න සමීක්ෂණ මරගාතය හරහා ජනාධිපති කරන්න ඇවිත්.

හර්ෂ කියන ටයිකෝට් දාගෙන ඉන්න  විසකුරු සර්පයා එජාප නායකයන් හරියටම දැක්කෙ මෙතනදි. ඒත් පරක්කුයි. දැන් සජිත්ගේ කල්ලිය පක්ෂ අභ්‍යන්තරයේ වගේම හැම දිල්ලියේම පෙන්න පෙන්න යන්නේ කිලී මහරාජා ගේ උපදෙස් අනූව හර්ෂ ද සිල්වා කියන ටයිකෝට් සර්පයා හදලා දුන්න සමීක්ෂණ වාර්තාව.

කරූ රාජිත චම්පික අහුවුනේ නෑ :

කරූ ජයසූරිය , රාජිත සේනාරත්න වගේම චම්පික රණවක හමුවෙන්න සජිත්ගේ කල්ලිය ගියේ මේ හර්ෂ ගේ සුදු කරපටි සමීක්ෂණ වාර්තා මරගාතය උස්සගෙන.

ඒ විතරක් නෙවෙයි හර්ෂ ද සිල්වා තවත් සමීක්ෂණ වාර්තාවක් එළියට දැම්මා. ඒ දැම්මෙත් කිලී මහරාජාගේ උපදෙස් අනූව. ඒ තමයි චම්පික රණවක ගේ දේශපාලනය අවසන් කිරීම. ඒ වෙනුවෙන් ඔහුගේ ප්‍රතිරූපයට පහරදීම. අපි කරන මේ අනාවරණය බොරු නම් අපි තව ටිකක් විස්තර කියන්නම්,

Q&A වැඩසටහනේ  සජිත්ව චොර කළ සාකච්ඡාව :

හර්ෂ ඔයා සහ ඉරාන් සජිත් කරපු Q & A  වාඩි වෙන්න තීරණය ගත්ත සාකච්ඡාව සජිත් දන්නවද? සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කලත් එයාව පාලනය කරගන්න ඕන විදිහ ගැන උපදෙස් දුන්න කෙනා කියපු සේරම සජිත්ට කිව්වද? 

සජිත්ගේ නොදැනුම සජිත්ට නොතේරෙන්න මිනිස්සු අතරට යවන්න ඕන, සජිත්ගේ ආර්ථික දැනුම නිල්. ඒ නිසා වැඩි වැඩියෙන් ඒ ගැන මතුකරන්න ඕන කියලා ලැබුණු, ඔයා සහ ඉරාන් වික්‍රමරත්න එක්ක තවත් තුන් දෙනෙක් වාඩිවූ සාකච්ඡාව ගැන සජිත් දන්නවද?

සජිත්ගේ සෝශල් මීඩියා ගැන්ග් එක හරහා හරීන්ට නොගහා හරීන්ගේ ෆැමිලි කේස් එක ලීක් කරන්න රනිල්ගේ සෝශල් මීඩියා ගැන්ග් එකට දෙන්න කියලා කිලී එක්ක කරපු සාකච්ඡාව ගැන නෙවෙයි මේ කියන්නේ...

ඉරාන් ඇතුළු 5ක් එක්ක සජිත්ට හොරෙන් සාකච්ඡාවක් :

අපි කියන්නේ සජිත්ව කොන්ට්‍රෝල් කරන්න ඕන විදිහ ගැන ඔයා සහ ඉරාන් වික්‍රමරත්න ...... ගෙදර කරපු සාකච්ඡාව ගැන.

ඒ ගැන තවත් විස්තර පස්සෙ ලියන්න තියාගෙන අපි මෙහෙම අභියෝගයක් කරනවා. පුලුවන් නම්  සජිත්ට දිනන්න පුලුවන් සමීක්ෂණය එක්ක කරපු අනිත් සමීක්ෂණයේ වාර්තාව එළියට දාන්න. 

👉 සජිත්ගේ ආර්ථික දැනුම ගැන තිබෙන විශ්වාසය කොපමණද ?

👉 ලංකාවේ ඉඩම් සමග සජිත්ගේ උදාගම් වැඩසටහන ගැලපෙන බව විශ්වාස කරනවාද ?

👉 සජිත් දෙන පොරොන්දු ගැන තිබෙන ජනතා විශ්වාසය ?( උදා : රාජ්‍ය සේවක වැටුප් අවමය 50000ක් කිරීම , දාගැබ් 5000ක් ඉදිකිරීම, ආධාර ඉල්ලන ජාත්‍යන්තර සමුලුව... )

👉 ලංකාවේ සුළු ජාතීන්ට සජිත් සම්බන්ධව තියන විශ්වාසය ?

මේ ඩේටා අපි අරගෙන තියෙන්නේ : ඉරාන්ව කැපුවා වගේ නෙවෙයි .. මේ කන්න යන්නේ රටේ අනාගතය :

අපි දන්නවා හර්ෂ ඔයා මේ ඩේටා එලියට දාන්නේ නෑ කියලා . මොකද ඒවා එලියට දැම්මොත් සජිත්ගේ කල්ලියේ තියන රෙදිත් ගැලවෙනවා. ඒත් ඇත්ත හංගලා ඔයාලා ගහන මේ තුප්පහි දේශපාලන ගේම් නිසා මේ රට තවත් වලපල්ලට යනවා. 

ඉරාන් වික්‍රමරත්න දන්න ආර්ථික විද්‍යාවක් නෑ. මෑන් ෆේල් කියලා ඔයා ඉරාන්ව කපලා මංගලගෙන් ලකුණු දාගත්තා වගේ නෙවෙයි , රට අමාරුවේ වැටීම. අන්න ඒ නිසා ඔය ටයිකෝට් දාගෙන ඉන්නෙ ලේ මාපිලෙක් මිස අහර කුක්කෙක් නොවන බව අපි ඉස්සරහට තවත් හෙළිදරව් කරනවා.

සමීක්ෂණ වාර්තා ලණු දෙන: මෙන්න විසකුරු සර්පයා! සමීක්ෂණ වාර්තා ලණු දෙන: මෙන්න විසකුරු සර්පයා! Reviewed by Admin on 4:29 AM Rating: 5

No comments

Top Gossip

gossip