කබීර්ට මොකුත්ම වෙන්නේ නෑ: මෛත්‍රී සහතික වෙයි - කුමන්ත්‍රණය තහවුරුයි!


මෛත්‍රී - සජිත් දේශපාලන ගිවිසුමක් හරහා කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා කියලා මුලින්ම කිව්වේ මඩකිං බව ඔබට මතක ඇති.

දේශපාලන පොරපිටිය තුළ දැන් සිදුවන සෑම සිදුවීමක් හරහා ඔප්පු වෙමින් ඇත්තේ ඒ හෙළිදරව්ව ඇතුළු මඩකිං අනාවරණ සියල්ල සත්‍ය බව නේද ? අපේ තොරතුරු වල ඇති විශ්වසනීයභාවය නේද ?

මේ නව හෙළිදරව්වත් එවැන්නක්. ඒ තමයි කබීර් හෂීම්ගේ අමාත්‍යාංශ විෂය කොටසක් රැකදීමට මෛත්‍රීපාල දීලා තියන සහතිකය.

ඒ කතාවේ පසුබිම මෙහෙමයි !

කබීර් හෂීම්  සතු ඛනිජ තෙල් සංස්ථාව කිරිඇල්ල වෙත පැවරීමට කටයුතු කරන්න කියලා අගමැති රනිල් දැනුම්දී දැන් සතියකට වැඩියි. නැත්නම් මේ අමාත්‍යාංශ විෂය මාරුව ගැන රනිල්ගේ අග්‍රාමාත්‍ය කාර්‍යාලය මෛත්‍රීපාලට ලිඛිතව දන්වන්නේ පහුගිය අගෝස්තු 23 වනදා.

ඊට ප්‍රතිචාරයක් නැති තැන අගෝස්තු අවසන් සතියෙත් අග්‍රාමාත්‍ය කාර්‍යාලය මේ ගැන සිහිකැඳවීමක් කරනවා. ඒත් ජනාධිපති කාර්‍යාලය මේ ගැන කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ.

ඒ මොකුත්ම නිසා නෙවෙයි , සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රීපාල අතර තියන ගිවිසුම නිසා.

තෙල් සංස්ථාව පවරන්න කියපු අවස්ථාවේ කබීර්ට දෙලෝ රත් වුනා. ඔහු වහාම මේ ගැන කියන්නේ සජිත්ට , සජිත්ගේ එක කෝල් එකයි මෛත්‍රීට ගියේ. අගමැති කාර්‍යාල ලියුම කුනු බක්කියේ.

පුදුම වෙන්න එපා 

මෙහෙම වෙන්නේ කොහොමද කියලා දැන් කවුරුවත් පුදුම වෙන්න එපා. පාස්කු ප්‍රහාරය හමුවේ ආණ්ඩුවේ මුස්ලීම් ඇමතිලා  ඉල්ලා අස්වුණා ඔබට මතකද ? ඒ අවස්ථාවේ මුස්ලීම් ඇමතිලා එකට පවත්වපු මාධ්‍ය හමුවේදී කිව්වේ චෝදනා ගැන නිවැරැදි සහතිකයක් ලැබෙන තුරු නැවත අමාත්‍යාංශ බාරගන්නේ නෑ කියලා .

නමුත් එක දවසක කබීර් හෂීම් මෛත්‍රීපාල ඉස්සරහා ඇමතියෙක් විදියට දිවුරුම් දෙනවා. අඩුගානේ පක්ෂයේ නායකයා වෙන රනිල් , අගමැති රනිල් මේ වැඩේ දන්නෙත් නෑ. ඒ මොහොතේ එජාප ආන්ඩු පක්ෂ හමුව පැවැත්වෙමින් තිබුණේ. 

එතන හිටපු මැති ඇමතිලා මේ ගැන දැනගන්නේ නිව්ස් ඇලර්ට් ආවට පස්සෙයි.

මේ ගැන අඩුගානේ සජිත්ගේ කල්ලියේ සමහරු දන්නෙත් නෑ . ඔවුන් පුදුම වුනා මේ නිව්ස් ඇලර්ට් එක දැකලා. ඇත්තටම ඒ ගැන දැනුවත්ව හිටියේ කිලී මහරාජා , කබීර් හෂීම් , සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කල්ලියේ ප්‍රධානීන් කිහිපදෙනකු විතරයි.

කබීර් සතුටෙන් 

දැන් ජනාධිපති මෛත්‍රීපාල වෙතින් සහතිකය ලැබී ඇති නිසා කබීර් ඉන්නෙ සතුටින්. ඒ සතුට  අපිට කියන තව කතාවක් තියනවා. ඒ තමයි එජාපය ගැන හෝ එහි අමාත්‍යවරුන් ගැන කිසිම තීන්දුවක් විධිමත්ව ගන්න ඉස්සරහට ඉඩක් නෑ. මොකද මෛත්‍රීපාල සහතිකයක් දීලා තියනවා අගමැති ඉල්ලන කිසිම දෙයක් ඉටු නොකරන බවට. 

මෛත්‍රීපාලගේ හයියෙන් එජාපය බෙදීම 

ඒ සහතිකය අනුව තමයි මේ වෙනකොට කුරුණෑගල පවත්වන්නට සූදානම් කර තිබූ සජිත්ව ගේන නාඩගම ආයෙත් උස්සලා ගන්නේ.

පහුගිය දවසේ රනිල් නියෝග කරා පක්ෂය බේද භින්න කරන මේ නාඩගම තවත් නටන්න එපා, පක්ෂ ව්‍යවස්ථාව අනුව අපේක්ෂකයා තෝරගමු කියලා . ඒ අවස්ථාවේ සජිත්ගේ කල්ලියේ සාමාජිකයන් ඊට එකඟතාව දැක්වූවා. රනිල් එතැන ඉල්ලුවේ සතියක් නාඩගම නවත්වන්න, කියලයි. මොකද සැප්තැම්බර් මුල අපේක්ෂකයා නම් කරන කටයුතු සූදානම් කිරීමට. එතෙක් පක්ෂය බෙදී කෑලිවීම නැවැත්වීමට තමයි ඒ යෝජනාව.

ඒත් සජිත් කල්ලිය කියන්නේ ඒ ඉවසීම ප්‍රගුණ කරපු මහත්මා දේශපාලනඥයින් ඉන්න තැනක් නෙවෙයි.  ඔවුන් ඉන්නෙ වෙන ගේමක. ඔවුන්ට අවශ්‍ය කොහොම හරි කිලී මහරාජාගේ ව්‍යාපෘතිය ඉටුකර දීම.

කුරුණෑගල නාඩගම ඉස්සරහට 

ඒ අනූව තමයි නවත්වන්න තීරණය කළ කුරුණෑගල නාඩගම නැවත ගේන්න යන්නේ . 

සජිත්ව ඉස්සීම !

ඒ වගේම මේ පිටුපස තවත් ගේමක් යනවා. ඒ සජිත්ව එජාපයෙන් එළියට ඇදගෙන හෝ ඔහුට  ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම.

මොකද සජිත් පහුගියදා මංගලගේ නිවසේ පැවති සාකච්ඡාවේදී සජිත් කියනවා කීයටවත් එජාපයෙන් එළියේ ජනාධිපතිවරණයට යන්න බෑ කියලා.

දැන් සජිත්ගේ කල්ලිය මෙතැන හිර වෙනවා. ඒ වෙනුවෙන් කරන ප්‍රයෝගයක් ලෙස තමයි සජිත්ගේ කුරුණෑගල නාඩගම ඉස්සරහට ගන්නේ .

කබීර්ට මොකුත්ම වෙන්නේ නෑ: මෛත්‍රී සහතික වෙයි - කුමන්ත්‍රණය තහවුරුයි! කබීර්ට මොකුත්ම වෙන්නේ නෑ: මෛත්‍රී සහතික වෙයි - කුමන්ත්‍රණය තහවුරුයි! Reviewed by Admin on 11:31 PM Rating: 5

No comments

Top Gossip

gossip