සජිත් : සමුගන්න සූදානම් පැරදුම අරං..!



👇 එජාප ජේෂ්ඨයින්ගේ සාකච්ඡාව !
👇මලික් කපන්න පෙර පැන්නා
👇"මංගල, හරි බං එළ "👍
👇 පිස්සු පී ටෙම්පල් ට්‍රී වටකරන්න සෙනග හොයයි !
👇 ජේෂ්ඨ ඇමැති සජිත්ට සහ හේමාට දුන්න උපදෙස් ටික
👇 වෙනම ඉල්ලනවාද නැද්ද ? සජිත්ගේ කල්ලියේ මත දෙකක්

එජාප ජේෂ්ඨයින්ගේ සාකච්ඡාව !

ජනාධිපති අපේක්ෂකත්වයට මම එනවා කියා පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිව්වේ පහුගිය 6 වෙනිදා. එදා තමයි ජනාධිපති මෛත්‍රීපාල එක්ක ඩීල් දාලා තෙල් සංස්ථාව ගැලවෙන්න නොදී අල්ලගත්ත කබීර් හෂීම් කිරිඇල්ලගෙන් ගුටි නොකා බේරුණෙත්.

6 වෙනිදා සාකච්ඡාවෙන් පස්සේ එජාප ජේෂ්ඨයින් පිරිසක් සහ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් පිරිසක් අරලියගහ මන්දිරයේ සුහද කතා බහක නිරත වුනා.

මාතෘකාව පැහැදිලියි. ඒ සජිත්ගේ කල්ලිය ගැන.

හැමෝගේම අදහස වුනේ මේ කල්ලිය නිසා මේ පාර සජිත්ට ලේසියෙන් ගැලවීමක් නෑ කියන එකයි. උඩට යන්න , බලයට ළඟා වෙන්න ඕන අසමජ්ජාති වැඩක් කරන්න සූදානම් පිරිසක් තමයි මේ පාර සජිත්ගේ කල්ලියේ ප්‍රධානීන් වෙලා තියෙන්නේ.

මලික් කපන්න පෙර පැන්නා

මලික් සමරවික්‍රම කොහේ හිටපු හාදයෙක්ද? නායකතුමාගේ කනට කොඳුර කොඳුර ඉඳලා සජිත් තමයි මෑන් කියලා ඇරලා මාරු වුනා. මිනිහා ඒ වෙනකොටත් නායකතුමාගෙන් කැපිලා හිටියේ. ජීවිතේට පක්ෂය වෙනුවෙන් එක ජන්දයක් අරගෙන නොදුන්නට ජාත්‍යන්තරයෙන් ආයෝජකයන් ගේනවා කිය කියා පොරටෝක් දිදී ඇමතිකම අල්ලගෙන හිටියේ. ඒත් අවුරුදු 4ට කරපු මගුලක් නෑ. වොක්ස්වැගන් ගේනවා කියලා ඔලුවෙන් හිටගෙන කියලා ආණ්ඩුවම පජාත කරපු කීඩෑවා අන්තිමේ කිලීගේ පානෙන් සජිත්ට වැහුවා.

ඔය විදියට සජිත්ගේ ඉඳලා මංගල දක්වාම සජිත්ගේ කල්ලියේ පැටිකිරිය මතක මතක විදියට එජාප ජේෂ්ඨයින් පිරිස සිහිකරා.

"මංගල, හරි බං එළ !"👍

ඔය අතරේ තවත් එජාප ක්‍රියාකාරියෙක් ෆේස් බුක් එකෙන් ඇදලා අරගෙන පෙන්නුවේ මාතර දී මංගල කරපු කතාවක්. කරලා වැඩි කාලයක් ගතවුනු කතාවක් නෙවෙයි.

2018 මැයි 14 වෙනිදා මාතර දිස්ත්‍රිකයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් ඉස්සරහා තමයි මංගල මේ කතාව කරන්නේ.

'අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො.'

'මට මතකයි 1998-99 වකවානුවේදී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලෙ මමයි රනිල්ට බෑ කියල පෝස්ටර් ගැහුවෙ ගමක් ගමක් ගානෙ. ඒ මොකද අපි දැක්ක රනිල්ට ඇත්තටම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියල. ඇත්තටම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කිය පෝස්ටර් ගහන්නෙ. ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේදී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මම කියන්න කැමැතියි.'

ඔන්න ඕකයි මංගලගේ කතාව.

ඊලඟට කෙනෙක් මාතෘකාව කරගත්තේ මංගල අංශක 180ක් හැරුණේ ඇයි ? කියලා.

ඒ මාතෘකාව වැඩි දුර යන්න එතන හිටි කෙනෙක් ඉඩ තිබ්බේ නෑ .

"අයියෝ අර මාතර කරපු කතාවයි, මිනිහා දැන් අවුරුද්දකට පස්සෙ කියන කතාවයි, ගත්තම පැහැදිලි නැද්ද ? මිනිහා අන්තිම ගේම ගහන්න යන්නේ ? ඕන මගුලක් කරගන්න දීලා ඉන්න තියෙන්නේ. චන්ද්‍රිකා ළඟ නවතී "

"දැනුත් කරන්නේ මැඩම් චන්ද්‍රිකා කියන දේවල්. ඔහොම කියව කියවා ඉන්න දෙන්න. සජිත්ට සෙට් වුනා කියන්නේ මෑන්ව සීරියස් ගන්න තරම් දෙයක් තිබිලා නෑ කියන එක. මිනිහා පොරක් වුනේ වෙබ් නිසා. දැන් පැහැදිලියි පොර කවුද කියලා. මිනිස්ට්‍රි ටික හරියට චෙක් කරොත් රෙදි නෑ එයාගෙත්. ඔන්න ඔහොම කියෝ කියෝ ඉදලා slfp යයි."

ඒක ඇත්ත , දැන් මංගලගේ දෙඩවිලි වලට කියන්න තියෙන්නේ , " මංගල හරි බං එළ" කියලා විතරයි.

ඊට පස්සේ ඒ කතා බහ ඉවරයි.

දැන් මඩකිං වෙත ලැබුණු අලුත් ඔත්තුව අජිත් පී කෙලින්න යන පිස්සුවක් ගැන.

සජිත්ට ඩිප්‍රෙෂන්

හෙට (10) පක්ෂ නායක රනිල් සහ සජිත් මූනට මූන හම්බෙලා එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකත්වය කාටද කියලා තීන්දුව ගන්න දවස. 8 වෙනිදා තියන්න තිබුනු මේ සාකච්ඡාව සජිත් මගෑරියේ ඩිප්‍රෙෂන් වැඩි වෙලා.

පිස්සු පී ටෙම්පල් ට්‍රී වටකරන්න සෙනග හොයයි !

සජිත්ගේ මේ ඩිප්‍රෙෂන් බස්සන්න ඉදිරිපත් වෙලා තිබෙන අලුත් ජෝකර් අජිත් පී පෙරේරා නැත්නම් මේ වෙනකොට කවුරුත් දන්න පිස්සු පී. කියන හාදයා.

මෑන් සජිත්ට කියලා ඔබතුමා රනිල් එක්ක බය නැතුව සාකච්ඡාවට යන්න. මම තනියෙන් 10000ක් අරගෙන ඇවිත් ටෙම්පල් ට්‍රී වටලනවා.

අපි කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේක ගන්න ඕන. ඔබතුමාට මතකයිනේ දින 52 කුමන්ත්‍රණය වෙලවෙ මම දුන්න ගේම. එක දිගට ටෙම්පල් ට්‍රී හිටියේ , ඒකේ දෙක මම 10 වෙනිදා පෙන්නන්නම්.. මම එනවා 10000ක් අරගෙන , ඇවිත් වටලනවා , ඔබතුමා කැන්ඩිඩේට් කරනකල් යන්නේ නෑ .

අජිත් පී ට පිස්සු බව සජිත් දන්නවද නැද්ද අපි දන්නෙ නෑ . ඒත් සජිත් මෑන්ට මොකුත්ම නොකී බව නම් අපි ටක්කෙට දන්නවා.

ජේෂ්ඨ ඇමැති සජිත්ට සහ හේමාට දුන්න උපදෙස් ටික :

මේ අතරේ අපේක්ෂකත්වය නොලැබුනොත් කරන්නේ මොකක්ද යන්න ගැනත් සජිත් පාර්ශවයේ බෙදීමක් හැදිලා. කශ්ටියක් වෙනම ඉල්ලමු කියනවා. තවත් කශ්ටියක් එජාපයෙන් යන්න බෑ කියනවා.

සජිත් එක්ක ඉඳලා සජිත් නටන පිස්සු වලින් බේරගෙන මේ දක්වා එක්කගෙන ආව එජාප ජේෂ්ඨ ඇමතියෙක් නම් සජිත්ට උපදෙස් දීලා තියෙන්නේ මේ පාර නැත්නම් ලබන පාර ඔයා තමයි ඒ නිසා හදිස්සි වෙන්න එපා කියලා. ඒ නිසා හදිසියේ තීන්දු නොගෙන පක්ෂයේ දිගටම ඉන්න බලන්න කියලත් ඔහු උපදෙස් දීලා. ඒ විතරක් නොවෙයි , සජිත්ගේ අම්මා හේමා ප්‍රේමදාස ටත් මේ ඇමැති ඒ උපදෙස දීලා.

ඒ අතරේ කියපු තවත් කතාවක් තමයි, උකුස්සෝ රාජාලියෝ උස්සගෙන වෙනමම ඉල්ලමු කියාගෙන එන අය එන්නේ පුතාට ආදරේට නෙවෙයි, එවුන්ගේ පර්සනල් ගේම් ගොඩදාන්න , කියන එක පුතාට තේරුම් කරලා දෙන්න කියලා. මෑතක් වෙනකල් පුතාට කෙලවලා දැන් මාර ආදරයක් පෙන්නගෙන ඉන්න ඒ සෙට් එකේ ඉතිහාසය බලලා පුතාට තීන්දුව ගන්න කියන්න කියලත් කියලා.

එජාපයේ ඉන්නවද නැද්ද ? සජිත්ගේ කල්ලියේ මත දෙකක් !

මොනම තත්ත්වයක් යටතේම හෝ මම එක්සත් ජාතික පක්ෂයෙන් එළියට එයි කියලා ඔබතුමන්ලා කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා කියලා සජිත් මංගලගේ ගෙදර තිබුණ පාර්ටියේ දී කිව්වෙත් මේ ඇමතිතුමාගේ බලපෑම නිසා කියලයි වැඩිදුරටත් දැනගන්නට ඇත්තේ.

ඒත් සජිත්ගේ කල්ලියේ බහුතරය ඉන්නෙ වෙනමම යමු කියන තැනයි කියලයි ආරංචි.

සජිත් : සමුගන්න සූදානම් පැරදුම අරං..! සජිත් : සමුගන්න සූදානම් පැරදුම අරං..! Reviewed by Admin on 7:42 AM Rating: 5

No comments

Top Gossip

gossip