මංගලගේ අවසන් රාත්‍රී භෝජනය - ප්‍රෝඩාභය වගේම ප්‍රෝඩාදාසත් බොරු කීය !!


කිලී මහරාජා - මෛත්‍රීපාල සමග එකතුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මහා පාවාදීමක් සඳහා සූදානම් වන සජිත් මේ දින වල බොරුවෙන්ම ගොඩයන නින්දිත උත්සාහයක යෙදිලා.

ඊට ආසන්න අවස්ථාව විදියට ඊයේ (14) මංගලගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය පෙන්වා දෙන්න පුලුවන්.

මේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ එජාපය ප්‍රමුඛ සන්ධානය නියෝජනය කරන සුළු පක්ෂ නායකයන්ගේ සහය සජිත්ට ගැනීම අරමුනු කරගෙන. මේ සඳහා දැනුම්දීම සිදුකළේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පහුගියදා පැවති සාකච්ඡාවේදී.

ඒ අනූව මංගල තමන්ගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කළා. එම අවස්ථාව සදහා ආරාධිත නායකයන් අතර චම්පික රණවක , රිෂාඩ් බදියුදීන් , මනෝ ගනේෂන් , පලනි දිගම්බරම් , රවුෆ් හකීම් , සහභාගී වුනා.

සජිත් කල්ලියේ සජිත් ඇතුලුව මංගල , මලික්, කබීර් ,මීට සහභාගී වුනා.

මේ සාකච්ඡාව අති සාර්ථකයි - පක්ෂ නායකයන් සියළු දෙනා සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න පක්ෂයි කියලා තමයි සජිත් කල්ලියේ පිරිස ප්‍රචාරය කළේ. 

ඒත් ඉතාම වගකීමෙන් සහ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා අපි තහවුරු කරගත් ආකාරයට ඒ ප්‍රචාරය පට්ටපල් කෙබරයක්. සජිත් වගේම සජිත්ගේ මීඩියා ටීම් එක තමයි මේ කෙබරය එළියට දැම්මේ.

ප්‍රෝඩාභය වගේම සජිත්ගේ කල්ලියේ ප්‍රෝඩාව !

නමුත් ඇත්තටම සිද්ධවුනේ වෙන දෙයක්.

එහිදී  සජිත් කියන කිලී මහරාජා සහ මෛත්‍රීපාලගේ දේශපාලන කුමන්ත්‍රණ නියෝජිතයා වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකත්වය දීමට පක්ෂව අදහස් දක්වා ඇත්තේ රවුෆ් හකීම් විතරයි.

අනිත් පක්ෂ නායකයන් සේරම එක මතයක සිටිමින් කිව්වේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන්නේ මොන අපේක්ෂකයාද ඔහු සමග එකතුව ඉදිරියට යන්න තමන් සූදානම් කියලයි.

ඒ නිසා මේ ප්‍රශ්නය තමන්ට අදාල නොවනවා වගේම කොච්චර කතා කළත් එකම උත්තරය දෙන්න වෙන කාරනයක් කියලත් ඔවුන් සජිත්ගේ කල්ලියට පෙන්නලා දුන්නා.

අපි මොකටද  සජිත්ව ඉල්ලන්නේ :

බල තණ්හාව ඉස්මුරුත්තාවට ගහපු සජිත්ගේ කල්ලිය මේ වෙලාවෙ මාර යෝජනාවක් ඒ පක්ෂ නායකයන්ට කරලා.

ඒ තමයි , "සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කරන්නම කියලා ඔයාලා හැමෝම රනිල්ට බලකරන්න. එතකොට එයා හිරවෙනවා. මේ හර්ෂ කරපු සමීක්ෂණ වාර්තා අනූව රනිල්ට දිනන්න බැරි බව පෙන්වන්න. ඔයාලා කියන ඕන කොන්දේසියක් එක්ක අපි වැඩ කරන්න සූදානම් " කියලා.

මේ විකාර යෝජනාවට ඒ පක්ෂ නායකයන්ට හිනා ගිහින්, 

"මාර යෝජනාවක්නෙ ඒක. අපි ඔය විදියට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ප්‍රශ්නයට එකතු වෙලා බලපෑම් කලොත් අපේ පක්ෂ වල ප්‍රශ්න වලටත් එජාපය බැහැල උත්තර හදන්න එයි. ඒ නිසා ඔහොම බලපෑම් කිරීමක් අපෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක වැරදියි. ඔය තියෙන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් මිසක් අපිට අදාල ප්‍රශ්නයක් නෙවෙයි. කරුණාකරලා අපිව ඒ තරම් පහත් වැඩ වලට නම්මා ගන්න හදන්න එපා. අපිට පුලුවන් ඉක්මනින් අපේක්ෂකයා නම් කරන්න කියලා කියන්න විතරයි.

ඊලඟ කාරනය සජිත් ඇමතිතුමාව අපිම මැදිහත් වෙලා ජනාධිපති අපේක්ෂකයා කරන්න කියන්නේ ඔහු මොනාද අපි එක්ක ඇතිකර ගෙන තියන එකඟතා. ඒ කිසිම දෙයක් නැතුව කිසිම තේරුමක් නැතිව අපේක්ෂකයා නම් කරන්න අපිට බෑ." කියලා ඔවුන් උත්තර දීලා.

මේ වෙලාවෙ සජිත් කියලා මම ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ක ටිකක් සාකච්ඡා කලා. ඒක හොඳ යහපත් ප්‍රතිචාර ලැබුනු හමුවක්. ඒ නිසා හෙට (14) තවත් වටයක් සාකච්ඡා කිරීමට නියමිත බව.

එහිදී පක්ෂ නායකයන් කියලා තියෙන්නේ ඒක වෙනයි, ඔච්චර එකග නම් ඔවුන් අද නාවෙ ඇයි කියලා,

නමුත් ඒ ප්‍රශ්නයට සජිත්ගේ කල්ලියේ කිසිවෙකු උත්තර දීලා නෑ.

TNA සහය සජිත්ට: ඒක ලැබෙන්නේ අද නෙවෙයි හෙට :

මේ වෙනකොට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය ගැනීම සජිත්ට දැඩි අභියෝගයක් වෙලා කියලා දේශපාලන ලෝකයේ නොදන්නා කෙනෙක් නෑ . ද්‍රවිඩ ජාතික සන්ධානයට සජිත් ගැන හොද තක්සේරුවක් තියනවා. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සහ බලය බෙදීම සම්බන්ධ මාතෘකාව සජිත් තමන්ගේ දේශපාලන ජීවිතය තුළ කිසිදාක ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැති නිසා.

සංහිඳියාව, ජාතික සමගිය වෙනුවට සජිත් පහුගිය ඉතිහාසය කැපවුනේ මහින්ද රාජපක්ෂ තරමට සිංහල බෞද්ධ අන්තවාදී වෙන්න. සජිත්ගේ ගේම් ප්ලෑන් එක වුනේ රාජපක්ෂලට වඩා තමන් සිංහල බෞද්ධ දේශප්‍රේමී බව ඔප්පු කරන්නේ කොහොමත් කියන ප්‍රශ්නයට උත්තර සෙවීම.

චෛත්‍ය 1500ක් හදනවා, පන්සල් හදනවා, දහම් පාසල් හදනවා කිය කියා සජිත් පහුගිය ටිකේ කියෙව්වේ ඒ නිසා. ඒ වගේම තමයි TNA කියන්නේ සිල්ලර දේශපාලන පක්ෂයක් නොවීම.

සජිත්ගේ කෙබර වලට TNA අහුවෙන්නේ නෑ :

ඔවුන් ඇත්තටම දන්නවා මේ දමිළ ජාතික ප්‍රශ්නය , ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ගැන ප්‍රශ්නය , ඉඩම් ප්‍රශ්නය , අධි ආරක්ෂක කළාප ප්‍රශ්නය සහ නව ව්‍යවස්ථාව වෙනුවෙන් ඇත්තටම මැදිහත් වුනේ කවුද යන්න.

සජිත් කියන්නේ ජීවිතේ කිසිම දවසක ඒ වෙනුවෙන් වචනයකින් හෝ දායක නොවූ තක්කයෙක් බවත් ඔවුන් දන්නවා. දැන් සජිත්ගේ කල්ලිය උත්සාහ කළාට උතුරට බලය බෙදන්න සජිත් එකඟයි කියලා අමාරුවෙන් වොයිස් කට් ඉශූ කරවන්න ඒක අසාර්ථක සහ නින්දිත උත්සාහයක්. සමස්ථ දෙමළ සමාජයට කරන නිග්‍රහයක් බව TNA එකත් දන්නවා.

 සජිත්ගේ කල්ලිය මේ බොරු මවමින් ඉන්නෙ අන්න ඒ යතාර්ථය හංගන්න. ඒ විතරක් නෙවෙයි සජිත් ආවොතින් විතරයි දිනන්න පුළුවන් කියන මිත්‍යාව සහ ඊට අදාල හර්ෂගේ සුදුකරපටි සමීක්ෂණ වාර්තාවත් මේ හරහා පල් බොරුවක් බව තහවුරු වෙනවා. 

මොකද මේ සුළු පක්ෂ  ස්ථාවරය හරහා සජිත්ට විතරක් ලැබෙන රනිල් හෝ කරූට නොලැබෙන ජන්ද පදනමක් නැති බව තහවුරු වෙන නිසා.

අපි නොදන්නා සමීක්ෂණ :

2010 දී සරත් ෆොන්සේකා ට ජන්ද දුන්න , 2015 දී සිරිසේනට ජන්දය දුන්න එජාප පාක්ෂිකයන් රනිල්ට හෝ කරූට ජන්දය නොදෙන්නේ කොහොමද ? ඔවුන් රනිල්ගේ නායකත්වය පිලිගෙන තවමත් එජාපයේ ඉන්නෙ කොහොමද ? අඩුම ගානේ සජිත්ගේ කල්ලිය හරි නම් උත්තරය හොයන්න ඕන මේ ගැප් එකට. 

නැත්නම්,

එජාප ජන්ද එජාප අපේක්ෂකයා කවුරු වුනත් ලැබෙන නිසා ඒ ගැන තවත් සෙවීම මීහරක් වැඩක්. දැන් ඔප්පු කරන්න ඕන පාවෙන ජන්ද සහ සුළු ජාතික ජන්ද රනිල්ට හෝ කරූට නොලැබෙන සජිත්ට පමණක් ලැබෙන සජිත් සතු විශේෂය මොකක්ද යන්න තමයි සමීක්ෂණය හරහා ඔප්පු කරන්න ඕන.

නමුත් මේ සමීක්ෂණය පල් බොරුවක්. කිසිම විද්‍යාත්මක පසුබිමක් නැති අහිංසක ජනතාව අන්දලා ගහන්න හදපු ප්‍රෝඩාවක්. ඒ නිසා ප්‍රෝඩාභය රාජපක්ෂ වගේම ප්‍රෝඩාවෙන් එන ප්‍රෝඩාව සිය එකම සම්මුතිය කරගත් සජිත් ඇතුළු කල්ලිය නිශ්චිතව පරාජය කිරීම අනිවාර්යයෙන්  කළ යුතු දෙයක්.

මංගලගේ අවසන් රාත්‍රී භෝජනය - ප්‍රෝඩාභය වගේම ප්‍රෝඩාදාසත් බොරු කීය !! මංගලගේ අවසන් රාත්‍රී භෝජනය - ප්‍රෝඩාභය වගේම ප්‍රෝඩාදාසත් බොරු කීය !! Reviewed by Admin on 5:36 AM Rating: 5

No comments

Top Gossip

gossip