"රනිල් එනවා ඇසී, සජිත්ගේ ඩිප්‍රෙෂන් නගියි"


සජිත් ප්‍රේමදාස නම් ද්‍රෝහියා එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම අද (08) මඟහැර පැනලා ගිහින්.

ඒ පහුගිය 6 වෙනිදා එජාප ජේෂ්ඨයින් ගනුලැබූ තීරණය අනූව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ සජිත් මුණගැසී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාව සිදුකිරීමේ අවස්ථාවයි.

මේ ගැන වාර්තා වන අලුත්ම ආරංචි මාර්ග කියන්නේ මේ වෙනකොට සජිත් ගේ ඩිප්‍රෙෂන් හොඳටම වැඩි වෙලා කියලයි. ඔහු කාලයක් තිස්සේ මානසික ආතතියට ගන්නා බෙහෙත් ප්‍රමාණයේ මාත්‍රාවත් වැඩිකර ඇති බවත් වාර්තා වෙනවා.

මම ජනාධිපතිවරණයට එනවා - රනිල් දන්වයි :

වතුර උනුවන තෙක් හැලියේ නැටුම් නැටූ කක්කුට්ටන් බඳු වූ සජිත් ප්‍රමුඛ කුහක කල්ලියේ සෙල්ලම් අවසන් කරන තීරණාත්මක ප්‍රකාශය පහුගිය 6 වනදා අගමැති රනිල් විසින් දැන්වූවා.

ඒ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට තීරණය කළ බව දන්වා සිටිමින්.

එහිදී වඩාත් හොද තීන්දුවක් ගන්න කියමින් සජිත් සමග සාකච්ඡා කරොත් නරකක් නෑ නේද කියා සජිත් ජනාධිපති කර මුදල් ඇමැති වෙන්න හිතාගෙන ඉන්න මලික් සමරවික්‍රම යි.

සජිත්ගේ කල්ලිය ටයිම් ඉල්ලයි :

ඒ යෝජනාවට පක්ෂ නායක රනිල් එකඟතාව දැක්වූ අතර ඒ අනුව තීරණය වූයේ දෙන්නා අතර සෘජු සාකච්ඡාව අද (08) පැවැත්වීමටයි. එහෙත් උපදෙස් සහ තවත් කුමන්ත්‍රණයක් වෙනුවෙන් කාලය ගන්නට අද සජිත්ගේ කල්ලිය මේ සාකච්ඡාව එළැඹෙන අඟහරුවාදා දිනයට ඉල්ලගෙන තියෙන්නේ.

කාලයක් තිස්සේ දියත් කර තිබූ දේශපාලන කුමන්ත්‍රණයේ තවත් පියවරක් සජිත්ගේ කල්ලිය පෙරට තැබුවේ " දිනන්න පුළුවන් අපේක්ෂකයා සජිත් " කියාගෙනය. ඒ සමග පක්ෂ නායකත්වයට මඩ ගහන වෙබ් ගේම් වල සිට කණ්නාඩිය දිහා බලා විරූපී සිරුර සරාගීව දකිනවා බඳු පොරටෝක් ඉශූ වූ නමුත් පහුගිය 6 වෙනිදා සිට ඒවා තක්කු මුක්කු වී පජාත වීමේ මොහොත දැන් ස්ථීරයි.

ඊටත් පාර කැපුනේ පහුගිය 6 වෙනිදා . ඒ එජාප ජේෂ්ඨ අමාත්‍යවරුන් කැඳවා පක්ෂ නායක රනිල් පැවැත්වූ සාකච්ඡාවේදී. පෙරවරු 10.00 ට ඒ සාකච්ඡාව ආරම්භවුනා. 

ජේෂ්ඨයින් බහුතරය රනිල් සමගයි :

එහිදී "පක්ෂ නායකයා ලෙස සහ සන්ධානයේ නායකයා ලෙස තමන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වෙන්නේ එජාප ජේෂ්ඨයින්ගේ මුහුණු ආලෝකමත් කරමින්. එම අවස්ථාවට සහභාගීව සිටි පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් , උප නායක රවී කරුණානායක වගේම ලක්ෂ්මන් කිරිඇල්ල , රංජිත් මද්දුමබණ්ඩාර ,සරත්  ෆොන්සේකා , ජෝන් අමරතුංග , දයා ගමගේ , කබීර් හෂීම් , මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක්. ඔවුන් අතරින් 

අග්‍රාමාත්‍යවරයාගේ මේ අදහසට කබීර් හෂීම් සහ මලික් විරුද්ධ වුනා. සජිත් මීට සහභාගී නොවූ නිසා  රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂයේ බෙදීමක් වලක්වා ගැනීම, ගැන කතා කරලා සජිත්ගේ ලයින් එක හදන්න උත්සාහ කළත් එය සාර්ථක වුනේ නෑ.

රංජිත් මද්දුමබණ්ඩාර හිරවෙයි - බිම්මට්ටම ගැන රවීගෙන් පාඩමක් :

ඒ පාර රංජිත් මද්දුමබණ්ඩාර ජනප්‍රිය නායකයා ගැන සමීක්ෂණ වාර්තාවක් ගැන කියෙව්වා. එතැන ගම්මට්ටමේ බිම්මට්ටමේ කියන කොටම රවී කරුණානායක සහ සරත් ෆොන්සේකා ඊට විරුද්ධව අදහස් දක්වමින් රංජිත්ව හාන්සිම කළා.

ඔවුන් එහිදී ප්‍රශ්න කර සිටියේ , ගම්මට්ටමේ බිම්මට්ටමේ ඔය කියන ජනප්‍රියත්වය තියනවා නම් පක්ෂය වෙනුවෙන් දිස්ත්‍රික් ජන්ද වලින් අන්න පරාජය වෙන්නේ කොහොමද ? ආසනයේ ජන්ද පදනමේ වැඩිවීමක් නැත්තේ ඇයි ? යනුවෙන්.

ඒ වගේම රවී කරුණානායක කිව්වේ "ගම්මට්ටමේ බිම්මට්ටමේ ඔය කියන්නේ කොහොමත් වෙනස් නොවන unp ජන්ද . ඔච්චර ජනප්‍රිය නම් ඇයි මෙච්චර කාලයක් පක්ෂය දිනවන්න මොකුත්ම නොකරේ? දිස්ත්‍රික්කයෙන් පිට නොගිහින් ගම්මට්ටමේ බිම්මට්ටමේ ගගා හිටියට දිස්ත්‍රික්කයේ ජන්ද ටිකක් වැඩි කරගන්න බැරි වුනේ ඇයි ? ඔය සමීක්ෂණ වාර්තා වල ඒ ගැන නැද්ද ?" රවීගේ  මේ ප්‍රශ්නාවලිය හමුවේ රංජිත් ෂට්ඩවුන් වුනා.

ඒත් ඒ අස්සෙ  රැස්වීමේ සෙනග ගැන පුරු පුරු පූස් කෙඳිරියක් ඇහුනා.

දයා කොස්ස අතට ගනියි :

ඒ එක්කම වැඩ පටන් ගත්තේ දයා ගමගේ. දයා ඇහුවෙ ජනප්‍රියත්වය මනින්න , ඔලුගෙඩි පෙන්වන විකාර අපේක්ෂකයා නම් කරන්න කලින් කරේ මොකද කියලා. ඒ වගේම දයා මෙහෙමත් කිව්වා.

" තනියම ජනාධිපති අපේක්ෂකයා ගාගෙන රැලි තියලා දැන් කියන්න එන්න එපා ජනප්‍රිය එයා කියලා. මරු තර්කෙ ඒක. ජනාධිපතිවරණය කැඳවලත් නෑ . අපේක්ෂකයා නම් කරලත් නෑ .. රට පුරා ගිහින් unp රැලි තියලා දැන් ජනප්‍රියම කෙනා කියන්න එනවා. අපි දැන් පෙන්වන්නම් අපේ රැලි කොහොමද කියලා . දැන් මෙච්චරකල් ජනාධිපති අපේක්ෂකයා හිටියේ නැති නිසා රැලි නොතිබ්බාට, දැන් පුලුවන් . දැන් නායකතුමා අපේක්ෂකයා වන බව දන්වා තියනවා . මම සූදානම් අම්පාරේ රැල්ල පෙන්නන්න. එතකොට තේරෙයි අම්පාරේ රැල්ල කාටද කියලා. ඒ වගේම තමයි ඔය හැමතැනම දාන සෙල්ලම් අම්පාරේ බෑ. එහෙම ආවොත් මේ පාර කොස්සෙන් දෙන්නේ "

රටේම සෙනග එක පිටියකට ගේන එක ජනප්‍රියත්වයක් නෙවෙයි - තමංවම රවටා ගැනීමක් :

ඒ අදහස් අනුමත කරමින් සරත් ෆොන්සේකා කිව්වේ, " මම කැලනියේ තියලා පෙන්වන්නම් රැලියක්. ඔය ලංකාවේ ඉන්න සේරම එක පිට්ටනියකට අදින රැලි වගේ නෙවෙයි , කැලනියේ unp බලය කාටද කියලා පෙන්වන ඇත්ත එකක්.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන්න ගිය කබීර් ගුටි නොකෑවා ඇති :

ඔය විදියට සජිත්ගේ කුහක කල්ලිය පජාත වෙලා කුජීත වෙන්න ගන්නකොට කබීර් කට ඇරියා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට හැසිරෙන එක වැදගත් කියාගෙන.

ඒ වෙලාවෙ තමයි ලක්ෂ්මන් කිරිඇල්ල ෆෝම් වුනේ, 

" ප්‍රජාතන්ත්‍රවාදය ඈහ්.. ප්‍රජාතන්ත්‍රවාදය .. කටින්ද ඒ ගැන කතා කරන්නේ ඩීල් කාරයා, තමුන්ද ලැජ්ජ නැති වැඩ කරලා දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයිවාරු ගහන්න එන්නේ" කිරිඇල්ල කබීර්ගේ ඇගට පැන්නා.

කිරිඇල්ල ආවේගයෙන් මේ විදියට අදහස් දැක්වූයේ කේන්තියක් වගේම සාක්ෂි එක්ක බඩු ෂුවර් කරගෙන. 

කබීර් දාපු ඩීල් මෛත්‍රීපාල මාට්ටු කරලා :

කේන්තියට හේතුව කබීර් කරපු කුජීත වැඩක් ගැන කිරිඇල්ල මාට්ටු කරගෙන තිබීම. ඒ තමයි කබීර්ගේ තෙල් සංස්ථාව කිරිඇල්ල අමාත්‍යවරයාගේ විෂය පථයට නම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ට සිදුකර තිබූ ලිඛිත දැනුම්දීම කබීර් සජිත්ගේ කල්ලියේ සහයෙන් වලක්වාගෙන තිබීම. බඩු ෂුවර් වුනේ වැඩේ තමන් ගාවට ඇවිත් කබීර් බේරගත්ත හැටි මෛත්‍රීපාල විසින්  කිරිඇල්ල ට පවසා තිබීම.

ඔන්න කිරිඇල්ල ගේ ආවේගය දෝරේ ගලන්න ගත්තා .
"තමුසේ ඩීල් කාරයා , ජරා මිනිහා, පාවාදෙන්නා, සතෙකුට එහා අයිසේ තමුසේ, මම හිතුවේ නෑ ඔහොමයි කියලා .. මම දන්නවා තමුසේ (HE)  ජනාධිපති හම්බෙලා ඩීල් දාලා මට ලැබෙන්න ගිය තෙල් සංස්ථාව ගත්ත විදිහ.  

අයිසේ කබීර් , ලැජ්ජ නැද්ද සෙවලයා :

ලැජ්ජ නැද්ද අයිසේ එක පක්ෂයේ එක කැබිනට් මීටිං එකේ ඉදලා ඔහොම තක්කඩි වැඩ කරන්න, සෙවලයා, මම තමුසේ එක්ක HE හම්බෙන්න ගිහින් වැඳලා තෙල් සංස්ථාව ගත්ත හැටි සේරම  දන්නවා." 

ඔය විදියට කිරිඇල්ල දෙසන අතරේ.. කබීර් හෂීම් තටමලා.. " මම් මම්  ගියේ නෑ ජනාධිපති හම්බෙන්න , කෝල් එකක් දුන්නා විතරයි " කිව්වා විතරයි කිරිඇල්ල ආයෙත් ආවේගශීලී වුනා.

" බොරු කියන්න එපා අයිසේ, මොන සෙවලයෙක්ද මේ ,තමුන් එක්ක HE හම්බෙන්න ගිය 5 දෙනා මම දන්නවා. ගිහින් දැන් HE ගෙන් අහගන්නවා මම මේ ගැන දැනගත්තේ කොහොමද කියලා. ලැජ්ජ නැති එකා, මේ වගේ සභාපති ලා මොකටද පක්ෂයේ තියා ගන්නේ ? මෙහෙම නින්දිත සෙවලයෝ ඉතිහාසයේ කවදාවත් පක්ෂයේ සභාපති වෙලා ඉදලා නෑ. අස්වෙලා ගෙදර යනවා අයිසේ, මේ වගේ ඩීල් කාරයෝ නිසා තමයි පක්ෂය සහ නායකතුමා අමාරුවේ වැටෙන්නේ. 

කබීර්ට ඩීල් දාන්න වෙන ඉතුරු කවුද ?

දැන් බලන්න , එක පැත්තකින් පක්ෂය බෙදන්න ඩීල්, ජනාධිපති එක්ක ඩීල්, මුස්ලීම් අමාත්‍යවරුන් එකට ඉල්ලා අස්වෙලා තනියම ගිහින් ඇමතිකමේ දිවුරුම් දුන්නා. අම්මපා මුස්ලීම් ජාතියට පවා මෙයා නිගාවක්. ඒ අස්සේ හොරෙන් ගිහින් ගෝඨා එක්ක ඩීල්දානවා, මොන සෙවලයෙක්ද , මුස්ලීම් නායකයෝ අපේ පක්ෂයේ හිටියා ඒත් ඒ සේරටම මෙයා නින්දාවක් , යනෝයි යන්න එනවා මෙතන ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න " කිරිඇල්ල ඒ ගානට කතාව කන්ට්‍රෝල් කරගත්තේ පක්ෂයේ ජේෂ්ඨයින් කිහිපදෙනකු ඔහුට ආවේගය සමනය කරගන්න කියා සංඥා කර වෙලාවක් ගියාටත් පස්සෙයි.

වැඩේ කියන්නේ කබීර් හෂීම් ට මෙහෙම රෙදි ගැලවෙන්න කිරිඇල්ල දෙසනකොට සජිත්ගේ කල්ලියේ කිසිවෙක් මොකුත්ම නොකියා කබීර් වෙනුවෙන් ඉදිරිපත් නොවීමයි.

මලික් කබීර්ව මාට්ටු කලාද ?

ඔය විදියට කබීර් තනියම කන අවස්ථාවේ මලික් හීනි හිනාවක් දාගෙන පක්ෂ නායක රනිල් දිහා සහ තවත් ඇමතිවරයෙක් දිහා බලලා.. " අපි නෑ ඕවට" වගේ සංඥාවක් කළ බවත් වාර්තා වෙනවා.

ඒත් කිසිම කෙනෙක් ඔහුව ගණනකටවත් අරගෙන නෑ කියලා තමයි ආරංචිය. ඔය ගැන පස්සේ කතා වුනු එජාප ජේෂ්ඨයින් ගේ අදහස වෙලා තියෙන්නේ මේ පාර නියම ගුණමකු, එකාට එකා නැති , එකට ඉඳලා ඇරලා දාන නියම සෙට් එක සජිත්ට සෙට් වෙලා කියලයි. ඒ ගැන ෆට්ට විග්‍රහයක් එජාප ජේෂ්ඨයකු කරා කියලත් ආරංචියි. ඒ එක්ක ආයෙත් හම්බෙමු.

"රනිල් එනවා ඇසී, සජිත්ගේ ඩිප්‍රෙෂන් නගියි" "රනිල් එනවා ඇසී, සජිත්ගේ ඩිප්‍රෙෂන් නගියි" Reviewed by Admin on 7:50 AM Rating: 5

No comments

Top Gossip

gossip