ජාතික රූපවාහිනියේ සජිත් ගහපු ගේමත් මාට්ටු.


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පසුගිය දා පවරා ගත්තා. ආරක්ෂක අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේයි.

මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යවරයා වූයේ මංගල සමරවීර. රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යාංගනී පත්කිරීම කළෙත් මංගල සමරවීර.

නමුත් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යටතට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල ට දැන්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් නොවන අමාත්‍ය ලෙස ජනමාධ්‍ය විෂය රුවන් විජයවර්ධන ඇමැති සතු වුනා.

ඔහු කැබිනට් අමාත්‍යවරයකු නොවුනේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ කැබිනට් ඇමති දූර සීමා සහිත කල නිසා.

එහෙත් මේ විෂය පැවරීම අනූව ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු බලතල සියල්ල රුවන් විජයවර්ධන අමාත්‍යවරයා සතු විය යුතුයි.

ඒ අනූව ඔහු රූපවාහිනී සංස්ථාව සඳහා මීට පෙර සුදර්ශන ගුණවර්ධන සහ ශාන් විජේලාල් පත්කල නමුත් ජනාධිපති මෛත්‍රීපාල විසින් එම පත්කිරීම් අවලංගු කලා. ගුවන් විදුලිය, ලේක් හවුස් පත්කිරීම් සඳහාත් අත්වුනේ ඒ සන්තෑසිය තමයි.

මේ සියල්ල සිදුකලේ රාජ්‍ය සංස්ථා, මණ්ඩල ,දෙපාර්තමේන්තු සඳහා සුදුසුකම් නොළත් පාර්ශව පත්වීම් වලක්වාලීමට කියා ජනාධිපති මෛත්‍රීපාල විසින් පත්කල ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවට මුවා වෙමින්.

යහපාලනය දෝරේ යැවීමට පෙන්වමින් මේ කමිටුව පත්කලත් ඒ පිටුපස වූ පොලිටිකල් අජෙන්ඩාව එළියට පැන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කල පත්වීම් ප්‍රතික්ෂේප කිරීමට ගැනීමත් සමගයි.

වර්තමානය

රූපවාහිනී සංස්ථාවේ හිටපු අසාර්ථක සභාපති ඉනෝකා. අපි දන්නවා මංගලගෙන් පවා ඉනෝකා හොඳට අහගෙන තිබෙන විත්තිය.

වත්මන් ගැටුම මෝදු වෙන්නේශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කිරීමත් සමග. එහි කලක් තිස්සේම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණ බවත් රහසක් නෙවෙයි.

කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන අලුතින් පත් කල සභාපති වන්නේ කැළුම් පාලිත මහීරත්න.

ඔහුව සභාපති පුටුවේ වාඩි කරවීම සදහා පැමිණෙන බවට ලැබුණු ආරංචියක් අනුව සභාපතිණි ඉනෝකා සත්‍යාංගනී විසින් පෙරේදා (09) උදෑසන සිට රූපවාහිනී සංස්ථාවේ‍ ආරක්ෂක විධිවිධාන තර කරගෙන කොටින්ම කිව්වොත් යුද්ධයකට සූදානම් වගෙයි හිටියේ.

ඉනෝකාව මංගල පත්කලාට මොකද පහු වෙනකොට චාර්මන් උෂ්ණය ගහපු ඉනෝකා ටික ටික ජනාධිපති මෛත්‍රීපාල පාර්ශවයට ලං වෙනවා.

ඒ හයියෙන් තමයි ඉනෝකා ඊට පස්සෙ තනතුරේ දිගටම ඉන්නෙ.

සජිත් ගහපු ගේමත් මාට්ටු

දැන් කෙනෙකුට හිතෙන්න පුලුවන් මෙතන තියෙන්නේ එජාප සහ ශ්‍රිලනිප අතර මරා ගැනිල්ලක් කියලා. ඒත් ඉනෝකා තමන්ගේ හයිය පෙන්නන්න කරපු මැටි වැඩක් නිසා නියම දේශපාලන ගේමක්, නැතිනම් සජිත් ප්‍රේමදාස කරපු වසල වැඩක් මාට්ටු වුනා.

ඒ විස්තරේ මෙහෙමයි.

කැලුම් පාලිත යනවා තනතුරේ වැඩ භාරගන්න. මෛත්‍රීපාල වෙත ඒ වෙනකොටත් ඉනෝකා තනතුරට කෙලවෙන්න යන බව දන්වලා ඉවරයි.

මෛත්‍රීපාල පාර්ශවය දන්වන්නේ බය නැතුව ඉන්න . අතාරින්න එපා අපි බලාගන්නම් කියලා. වැඩේ ට UNPපාර්ශවයේ සපෝර්ට් එක විදියට ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස කියන නම.

සජිත්ට ඉනෝකා අමතන්නේ ඒ අනූවයි. සජිත් ඉනෝකාට මැසේජ් එකක් එවන්නේ බය නැතුව අල්ලගෙන ඉන්න . අතාරින්න එපා කියලා.

මේ මැසේජ් පෙන්නලා තමයි ඉනෝකා කැලුම් පාලිතට සත්තම දාන්නේ ඔයාට මේ පුටුවේ වාඩිවෙන්න බෑ. මේක අයිති මටයි කියාගෙන.

UNPකාරයෙක් වුන කැලුම් පාලිත මේ වෙලාවෙ උදව් ඉල්ලන්නෙ සජිත්ගෙන්. මොකද සජිත් පිරිසිදු UNPපාලනයක් , වසර 20 කට පස්සේ UNP ජනාධිපති කෙනෙක් කියාගෙන කල්ලි හදමින් ඉන්න නිසා.

දුක කියාගෙන කැලුම් ගියාම සජිත් දෙන්නේ මාර උත්තරයක්.

සජිත් කියනවා, කැලුම් ඔයා මේ වෙලාවෙ ඕක ගන්න ට්‍රයි කරන්න එපා. එහෙම වුනොත් ජනාධිපති සහ අගමැති අතර අවුලක් එන්න පුලුවන් කියලා.

කොහොම නමුත් ඉනෝකා සජිත් එවපු මැසේජ් එක කැලුම්ට පෙන්නලා "මාව යවන්න ලේසි නෑ , දැක්කද කාගෙද මැසේජ් එක " කියලා කියනකල් කැලුම් හිටියේ සජිත්ට අහුවෙලා.

සජිත්ට අහුවෙන්න එපා :

දැන් එතකොට පැහැදිලියි නේද මොකක්ද වෙලා තියෙන්නේ කියලා. සජිත් - මෛත්‍රීපාල දේශපාලන කුමන්ත්‍රණය තමයි මේ දුවන්නේ. මේ වැඩ කරන්නේ ඒක.

සජිත්ගේ මෛත්‍රීපාලගේ සහ සිරස අයිතිකාර කිලී මහරාජා ඉන්නෙ එකම පොලිටිකල් ගේම් එකක. සජිත් ජනාධිපති කිරීම සහ නන්නත්තාර මෛත්‍රීපාල අගමැති කිරීම තමයි කිලීගේ ගේම.

තවමත් UNPහාදයෝ ඉන්නවද සජිත් ප්‍රේමදාස කියන බල තණ්හාව පිරුණු ද්‍රෝහියාගේ මෝඩ කතා වලට අහුවුණ. අපි ඒ අයට කියන්නේ ගිහින් කැලුම් පාලිත මහීරත්න හම්බෙලා ස්ටෝරිය අහගන්න.

එතකොට තේරෙයි සජිත් ජනාධිපති වුනාම මොකද UNPකාරයන්ට වෙන්නේ කියලා. අතර මැද සමාදාන නැතුව දිගින් දිගටම මේ සජිත් කියන ද්‍රෝහියා සහ ඔහුගේ කල්ලිය අපි හෙලිකරන්නේ ඒ නිසා.

ජාතික රූපවාහිනියේ සජිත් ගහපු ගේමත් මාට්ටු. ජාතික රූපවාහිනියේ සජිත් ගහපු ගේමත් මාට්ටු. Reviewed by Admin on 11:31 PM Rating: 5

No comments

Top Gossip

gossip