කමිටුවක් අවශ්‍යව ඇත්තේ රන්ජන්ගේ මොලය පරීක්ෂා කිරීමටය....



(මඩ කිං -2019.මාර්තු.05, පෙ.ව.8.30)

හුදු ජනප්‍රියත්වය හෝ කතා සාප්පු කාරයින් දේශපාලකයන් වුවාට රටවල් හැදෙන්නේ නැත. දැක්මක් ප්‍රතිපත්තියක් නැති එවැනි මොල්ලු තම ජනතා නියෝජිතයා ලෙස තෝරාගත් ජනතාවට පළමුව අබ සරණ වන අතර දෙවනුව එවැනි මොල්ලු දේශපාලනයට ගෙන නිසා ඒ පක්ෂ වලටද අබ සරණය.

මේ පෙන්වා දෙන්නේද එවැනි දේශපාලන මෝලෙක් ය. නැතිනම් අපි මේ කියන්න යන්නේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා ගැනය. (මෝල් [Mall] සාප්පු සංකීර්ණයට සමාන අර්ථයක්)

දෙබිඩි කතා!

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමති කියන අලුත්ම කතාව වන්නේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තමන් චෝදනා කළ 24 දෙනා අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් නොමැති බවක් තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බවය.

ඔහු මේ ප්‍රතිචාරය දෙන්නේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනා කළ අය අතර එජාපයේ අය නැතැයි පසුගිය 27 වනදා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රංජන් රාමනායක පැවසූ බවට එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමිනි.

තම ප්‍රකාශය කෙදිනකවත් ඉල්ලා අස්කර නොගන්නා බවත්  තමන් ළඟ ඇති මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ නම් ලැයිස්තුව කථානායකවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවත් ඔහු පවසා ඇතැයිද  පැවසේ.

කොකේන්!!!

කොකේන් කියන්නේ මිල අධිකම මත්ද්‍රව්‍යක් සහ නීති විරෝධී වුවත් ආතල් ගන්නා අය භාවිතයට ගන්නා උත්තේජකයක්ය. සල්ලි ඇත්නම් කවුරු කොකේන් බැරිනම් මොන අටමගල ගැහුවත් අපට අදාළ නැත. කොකේන් භාවිතය ලංකාවේ නීති විරෝධී නිසා කවුරු ඒ නිසා නීතියට හසුව දඬුවම් ලැබුවද අපට කරන්න දෙයක් නැත.

සංදර්ශන ද? චිත්‍රපට ද?

මීට පෙර අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥයන් සම්බන්ධ රන්ජන් මාධ්‍ය සංදර්ශන පැවැත්වූ රන්ජන් ඇමතිගේ අලුත් නාඩගම පාර්ලිමේන්තුවේ කොකේන් ගහන අය සිටිනවා යන්න, හිඟන්නාගේ තුවාලයක් කරගෙන සිටීමය. නැතිනම් තමන් හරහා පුවත් මවාගෙන තමන් මාර පිරිසිදු දේශපාලනයක් කරන බවට රන්ජන් තහවුරු වීමට උත්සාහ දැරීමය. 

ඒ තුල,

  1. රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රන්ජන් වැඩ කරනවාද?
  2. ඔහු සිය වගකීම හරහා සිදුකරන සේවය කුමක්ද?
  3. එයින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයා ඇතුළුව පොදුවේ ජනතාවට වන සේවය කුමක්ද?
  4. අවසානයේ ආණ්ඩුවට මේ රන්ජන් ඇමතිගෙන් වැඩක් තියනවාද? 

යන ප්‍රශ්න කිසිවකට පිළිතුරු ලැබෙන්නේ නැත.

එබැවින්  ඔය කියන ලැයිස්තුවක් ඇත්නම් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමති කල යුතුව ඇත්තේ එක්කෝ එය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමය. එවිට දෙකෙන් එකක් බේරාගන්න කාට කාටත් අවස්ථාව හිමිවේ. ඒ චෝදනා බොරු නම් රන්ජන් ඇමතිගෙන් වන්දි ඉල්ලා නඩු මගට යන්නට හැකිවීමේ සිට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කාටත් අවස්ථාව හිමිවේ. 

එදා වේල හිඟන්නෝ!

එහෙත් රන්ජන් ඇමති  වැන්නෙකු වෙතින් කිසි විටෙකත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ රන්ජන් වැනි මෝල් දේශපාලකයන් එදා වේල සම්බන්ධව බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන නිසාය. ඒ අතින් රන්ජන් ඇමතිට සාපේක්ෂව ඔහු නිවැරැදිය.

එපමණක් නොව, මේ මෝල් දේශපාලනය ගැන විශ්වාසය තබන්නන්ට පක්ෂය හෝ තම ජනතාව අදාල නැත. ජනතාව හෝ පක්ෂය සමග බැදීමක් ඒ වෙත ආදරයක් ඔවුන්ට නැත. 

සාමාන්‍යයෙන් දේශපාලකයන් විනෝදය ලබන්නේ බලය හරහා ය. නමුත් මෝල් දේශපාලනඟයන් විනෝදය ලබන්නේ තම සිරුර සමගය. ඒ නිසාම තම අභ්‍යන්තර සහ බාහිර සිරුරේ හැඩය සමග වශීකෘත වෙමින් ඒ සිරුර පාර්ලිමේන්තුවේ ස්පර්ශ වීමට ඉඩහැරීම හරහා, ලංකා සිනමා ප්‍රේක්ෂකයා හමුවේ පිනවූ සිරුර, පාර්ලිමේන්තුව තුල පිනවා ගැනීමට වඩා දෙයක් රන්ජන් දේශපාලනයෙන් උපයා ගන්නෙද නැත.

රන්ජන්ගේ විනෝදය!

ඒ අනුව රන්ජන්ගේ විනෝදය, ආශාව අහිංසක බව කෙනෙක් සිතන්නට පුලුවන. පෙනුම එසේ වුවත් රන්ජන්ගේ මේ ආශාව පක්ෂයට ආණ්ඩුවට සහ ජනතාවට හිංසනීය ය. රන්ජන් පාර්ලිමේන්තුව තුල සිරුර පිනවන විට ඒ වෙනුවෙන් මොංගල් සටන් පාඨ ගෙනෙන විට ජනතාව සිය සැබෑ ප්‍රශ්න අතපසු කරගනී. ආණ්ඩුවට වැඩ කිරීම නවත්වා මේ මොංගල් ප්‍රශ්න විසදීමට කමිටු පත්කිරීමට සිදුවේ. ඒ කමිටු වලටත් දෛනික රාජකාරි නවතා මේ මොංගල් ප්‍රශ්න වලට උත්තර සම්පාදනය කරන්න සිදුවේ.

කොහොම නමුත් මේ හමුවේ අප රන්ජන් ට දොස් කියන්නේ නැත. අප විවේචනය කරන්නේ රන්ජන් වැනි උදවියගේ මොලේ පරීක්ෂා කිරීමට කමිටුවක් පත්නොකිරීම ගැනය. ඒ වෙනුවට මෝල් දේශපාලන ප්‍රශ්න සමග ජාතික දේශපාලනය ගැට ගැසීම ගැන ය. අවසාන වශයෙන් සිරි සමන්ත භද්‍ර රහතන් වහන්සේගේ ඇබිත්තයා වීමට සුදුසු ගොයියෙක් රාජ්‍ය ඇමතිවරයෙක් කිරීම ගැනය.
කමිටුවක් අවශ්‍යව ඇත්තේ රන්ජන්ගේ මොලය පරීක්ෂා කිරීමටය.... කමිටුවක් අවශ්‍යව ඇත්තේ රන්ජන්ගේ මොලය පරීක්ෂා කිරීමටය.... Reviewed by Admin on 8:30 AM Rating: 5

No comments

Top Gossip

gossip