විල්පත්තුවට, සිංහරාජයට වඩා හානියක් සජිත්ගේ උදා ගම් වල.


(මඩ කිං -2019.මාර්තු.21, පෙ.ව.10.30)

විල්පත්තුව එළිකරනවද, සිංහරාජේ විනාශ කරනවද කියනවට වඩා විනාශයක් සජිත් ප්‍රේමදාසගේ ගෙවල් හැදිල්ලෙන් වෙනව. ඒක පැහදිලියි. පර්චස් 10ගණනේ ගෙවල් 100ක් හැදුවොත් එතැනම පර්චස් 1000ක්. ඒකෙදි පැහදිලිවම ඒ පර්චස් 1000ට අයිති ස්වභාවික පරිසරය ජනාවාසකරණය  වෙනව.  සජිත් කෙසේ වෙතත් ඉංජිනේරු සංස්ථාවේ ඉන්න මහා භයානක සැලසුම් ශිල්පීන්ගෙ ඉංජිනේරුවන්ගෙ සාධනීය භාවය ගැන ප්‍රශ්නයක් මෙහිදී නිතැතින්ම මතු වෙනව. 

ලංකාව වගේ  දූපතක උදාගම්මාන කිය කිය මේ හදාගෙන යන ගෙවල් හැදිල්ල අන්තිමට මොනවගේ ආස්ථානයකින් නතර වෙයිද? ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව භූමිය අහිමි වීම අපිවගේ දූපත් රටවල් මුහුණ දෙන ලොකු අර්බුදයක් වෙලා තියෙද්දිත් පවතින මුඩු භූමි ප්‍රදේශ හෝ වනාන්තර අත්පත් කරගෙන එකින් එක  ගෙවල් හදන එක හොඳ පිලියමක් නෙවෙයි. අක්කර ගණන් එළිකරලා තනිතනි ගෙවල් හදනවට වඩා ඇයි බැරි පර්චස් 50කින් 100කින් ෆ්ලැට් හදලා ඒවයෙ මිනිස්සු පදිංචි කරන්න. ඉතිරි භූමි ප්‍රමාණය වනාන්තරකරණය කරන්න. 

මම නම් ඉන්නෙ තනි තනි ඉඩම් බදාගෙන ඉන්න මිනිස්සුන්වත් ෆැලැට් වලට හුරුකරවල ඉතිරි භූමිය වනාන්තරකරණය කරන්න ඕනෙ කියන මතයක. මේ  වනාන්තරකරණය කියන්නෙ නගර නැති කරනව කියන එක නෙවෙයි. නගර බිහි වෙන්න ඕනෙ .ඒවායේ නාගරික සිතිවිලි තියෙන මිනිස්සු වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕනි. ඒත් ඒක හෙට අනිද්දට විධායක බලය ගන්න බලන් ඉන්න ග්‍රාමීය වැඩවසම් ඔළු එක්ක වෙන් නැති දෙයක්.


(උපුටා ගැනීමක්)
විල්පත්තුවට, සිංහරාජයට වඩා හානියක් සජිත්ගේ උදා ගම් වල. විල්පත්තුවට, සිංහරාජයට වඩා හානියක් සජිත්ගේ උදා ගම් වල. Reviewed by Admin on 9:47 PM Rating: 5

No comments

Top Gossip

gossip