සුරක්ෂා සිසු රක්ෂණය නවතී: හේතුව සිරිසේනට ආරාධනා නැති වීම.



(මඩ කිං -2019.මාර්තු.02, ප.ව.1.30)

පාසල් සිසුන් වෙනුවෙන්ට හඳුන්වා දී තිබූ සුරක්ෂා රක්ෂණය ජනාධිපති සිරිසේනගේ උපදෙස් මත ඊයේ (1) සිට අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න පවසයි.


ජනාධිපතිවරයාට එම රක්‍ෂණය සම්බන්දයෙන් ලැබී ඇති පැමිණිලි මත සිදුකරන විමර්ශණයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ලේකම්වරයා පැවසුව ද,  ඊයේ(1) පැවති 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකළ ගොඩනැගිලි එකවර විවෘත කිරීමේ ජාතික උත්සවයට ජනාධිපති සිරිසේනට ආරාධනා නොකිරීම නිසා මෙම සුරක්ෂා රක්ෂණය අත්හිටුවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්වසයි.


අදාල උත්සවය ඊයේ (1) කුලියාපිටිය නගරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
සුරක්ෂා සිසු රක්ෂණය නවතී: හේතුව සිරිසේනට ආරාධනා නැති වීම. සුරක්ෂා සිසු රක්ෂණය නවතී: හේතුව සිරිසේනට ආරාධනා නැති වීම. Reviewed by Admin on 11:51 PM Rating: 5

No comments

Top Gossip

gossip