අයිසේ සජිත්, මේවා චෙස්!


"සතුරා නැති තැන සටන් කරන්න" යනුවෙන් යුද උපදේශයක් ඇත. එයින් කියන්නේ සතුරා කිසිසේත් බලාපොරොත්තු නොවන තැනකට නොසිතූ මොහොතක එල්ල කරන ප්‍රහාරයක් ය. 

අපට අනුව පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක විසින් නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉලක්ක කර සිදුකළ විවේචනයද ඉහත යුද උපායට සමානය.

ඒ  කොතරම්ද කියනවා නම් රවී කරුණානායක අමාත්‍යවරයාගේ අනාවරණයෙන් සජිත්  අමාත්‍යවරයා වියරු වැටිණ. සැබවින්ම සජිත්ගේ ඒ වියරුව සාධාරණය. ඒ ඔහු  කාලයක් තිස්සේ සැළසුම් කර  නඩත්තු කරමින් පැමිණි දේශපාලන බල උපක්‍රමය හෙළිවීම නිසා පමණක් නොවේය. මේ අනාවරණය සිදුකරන්නේ තම පක්ෂයේ උප නායකයා ය. ඒද සිරිකොතේ හෝ අරලියගහ මන්දිරයේ කාමරයක් තුළ නොවේය. ප්‍රසිද්ධ මාධ්‍ය හරහාය.

රවීගේ අලුත් අවුරුදු ප්‍රහාරය !

මේ වන විටත් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි තුළ පමණක් නොව රටේම අවධානය මේ වෙත යොමුව තිබේ. ඒ නිසාම මෙහි දේශපාලනය නිවැරදිව කියවා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක්ව ඇත. ඒ රවීද? සජිත්ද? ලෙස පාර්ශවය තෝරාගන්න නොවේය. මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරන ප්‍රබලම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන නිසාය. මේ මොහොතේ රට කරවන අග්‍රාමාත්‍ය ධූරය ඇතුළුව අමාත්‍ය මණ්ඩලය එක්සත් ජාතික පෙරමුණ සතු නිසාය. රාජපක්ෂ පවුල් වාදයට යටනොවී ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ආරක්ෂා කිරීමට නම් මේ මතුව ඇති අර්බුදය ගැන නිවැරදි තක්සේරුවක් අපට තිබිය යුතුය. අනෙක් අතට දින 52ක ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ජනාධිපති සිරිසේනද මේ බොර දියේ මාළු බෑමේ පැහැදිළි අවධානමක්ද ඇත. 

රවීගේ අලුත් අවුරුදු ප්‍රහාරය සහ අනතුරුව මතුව ඇති සංවාදය මඩ වලින් ගලවා දේශපාලනිකව අවබෝධ කරගත යුතු බව අප දැඩිව අවධාරණය කරන්නේද ඒ නිසාය.

සැබවින්ම රවීගේ අලුත් අවුරුදු ප්‍රහාරය සජිත් වෙත සිදුකළ සෘජු පහරදීමක් නොවේය. අප ඒ බව මීට පෙර පැහැදිළිව පෙන්වා දුන්නෙමු. 

කියවන්න: http://www.madaking.com/2019/04/sajith.html

මෙහිදී සිදුවූයේ සජිත් කිසිසේත් අපේක්ෂා නොකළ දිනක ප්‍රහාරය දියත්වීමය. ඒ නිසා යළිත් අවධාරණය කරන්නට ඇත්තේ සජිත් උඩ පැන තමන්ට හිමි තොප්පිය පැළඳගත් බවය. 

සජිත්ගේ one-man show 

පසුගිය දශකයකට ආසන්න කාලය තුළ සජිත්ගේ දේශපාලනය කිසිදු අවස්ථාවක ජාතික තලයේ තිබුණේ නැත. ඔහු සිදුකරේම පක්ෂයට පරිභාහිරව පක්ෂ නායකත්වයට පවා දරාගත නොහැකි ආකාරයේ වෙනම අනන්‍යතාවක් ගොඩනැගීමට උත්සාහ දැරීමය. පසුගිය දශකය අවශ්‍ය නැත. පසුගිය වසර 4ක ආණ්ඩු කාලය දෙස හැරී බැලුවද අප මතුකරන දේ සත්‍ය බව ඔප්පු වනු ඇත.

ඒ කාලය තුළත් සජිත් කළේ සහන මළු ගැන කතා කිරීමය. ඒ හැර පක්ෂයේ ආර්ථික දර්ශනය වූ සමාජ වෙළඳපොල ආර්ථිකය ගැන සජිත් කීවේ නැත. මධ්‍ය කාළීන ආර්ථික උපාය මාර්ග හරහා වැටී ඇති ආර්ථිකය ගොඩනගන ආකාරය සජිත් කීවේ නැත.

තමන්ගේ එකම සිහිනය "ශ්‍රීමත් ආර් පේමදාස උතුමාණන්"  අප්පච්චිගේ සිහිනයමවු නිවාස හැදීම බව කීවා මිස ව්‍යවසායක ආර්ථිකයක් හරහා ජනතාවට අතට මුදල් ගලාඑන ආණ්ඩුවේ සහ පක්ෂයේ ප්‍රතිපත්තිය සජිත් කීවේ නැත.

රාජපක්ෂලාට වඩා තමන් දැඩි සිංහල බෞද්ධයෙක් බව  මිස පක්ෂ ප්‍රතිපත්තිය බව ඔප්පු කරන්නට සජිත් උත්සාහ කළා මිස ජාතික සමඟිය සංහිඳියාව ස්ථාවර කිරීම වෙනුවෙන් පක්ෂයේ සහ ආණ්ඩුවේ කැපවීම ගැන සජිත් කීවේ නැත. ස්ථිර සංහිඳියාවක් රටට ගෙනෙන්නට ආණ්ඩුව දරන වෙහෙස ගැන වචනයක් කතා කරනු වෙනුවට, සජිත් කළේ සසුනට අරුණ හරහා සිය සිංහල බෞද්ධ ප්‍රතිරූපය නංවාගන්න කටයුතු කිරීමය.   අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ඇති අභියෝගය, නව ව්‍යවස්ථාව, රට ණය උගුලෙන් ගලවා ගන්න ආණ්ඩුව දරන වෙහෙස වැනි මේ කිසිවක් ගැන සජිත් කතා කළේ නැත.  එසේ නම් සජිත් කතා කළේ කොහේටද යන්න අදාළ නැත. 

ඒ වෙනුවට අදාළ සජිත් සිය දේශපාලන උපාය මාර්ගය හරහා ජනතාව ගැන තබා තිබූ තක්සේරුවය. සජිත්ගේ පසුගිය සමයේ ලීක් වූ වීඩියෝව ඊට ඇති හොඳම නිදර්ශනය වෙයි. වඩාත් සරලව නම්  "උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු " යන්න සජිත්ගේ දේශපාලනයේ ජනතාව ගැන වූ තක්සේරුව විය. සජිත් "බිම්මට්ටම බිම්මට්ටම කියමින් නිතර ගසන තම්මැට්ටම් පදයේ තේරුමද ඒකය. 

ඔහුට අවශ්‍ය වුයේ එජාපය කියන නිදහස් ලිබරල් පුරවැසියා හෝ ලිබරල් සමාජය ගොඩනැගීම නොව. ඒ වෙනුවට මැදමුලන රාජපක්ෂ චින්තනයට සමාන ග්‍රාම්‍ය චින්තනයක් හරහා ජනතාව අන්දවා ජනප්‍රිය වීමටය. සජිත්ගේ one-man show සියල්ල ඒ සඳහාමය.

SPG කල්ලිය 

ඒ අනූව දිගින් දිගටම සජිත්ගේ one-man show පක්ෂයට හානි කළා මිස එහි ප්‍රවර්ධනයට කිසිදු සේවයක් සිදුකලේ නැත. ඊට හොදම නිදර්ශනය වන්නේ සජිත් සංවිධායකයකු ලෙස ඉදිරිපත්වී පක්ෂයට ලබාදුන් ජයග්‍රහණයක් හොයාගන්න හෝ නොමැති වීමය. 

එහෙත් සජිත් පක්ෂ නායකත්වය ඩැහැගැනීමට නම් බොහෝ දේ කර ඇත. ඊට නිදර්ශනය වන්නේ SGP නමින් සජිත් පිහිටවූ සන්නිවේදන බලකායයි. ඊට බලකායක් කියන නමට වඩා ගැලපෙන්නේ සන්නිවේදන කල්ලිය යන්නයි. 

මේ කල්ලිය සජිත් පිහිටුවීමට කටයුතු කරන්නේ පක්ෂ නායකත්වය ගැනීමට කුමන්ත්‍රණය කර හතර අතේ අනාගත් කුප්‍රකට කුරුදු පොලු සටනින් ලැබූ අත්දැකීම හරහා ය. එදා සජිත් පක්ෂ නායකත්වය උදුරා ගැනීමේ නින්දිත උත්සාහය සාධාරණීකරණය කිරීමට තරම් මාධ්‍ය ජාලයක් සජිත් පාර්ශවයට තිබුණේ නැත. එසේම සමාජ මාධ්‍ය ජාල හැසිරීම  දේශපාලනයට තීරණාත්මක බලපෑමක් කරන්නට වූ පසුබිමේ සජිත් SPG පිහිටුවීය.

එය කොතරම් සංවිධානාත්මක කරාද කියනවා නම් ඊට අනියුක්ත දිස්ත්‍රික් කළමනාකරුවන් පවා සජිත් පත්කර ඇත. එම දිස්ත්‍රික් කළමනාකරුවන් යටතේ තවත් කමිටු සකස්කර ඔවුන්ට වෙනම වැටුප් පවා ගෙවමින් සජිත් විසින් නඩත්තු කරේද අන් කිසිවකට නොව පෞද්ගලික ප්‍රතිරූපය නංවා ගැනීමටය. ඒ අලුතෙන් කියන්න තරම් දෙයක් නොව ඔවුන් පවත්වාගෙන යන ෆේස් බුක් පිටු එක පෙලට තහවුරු කරන්නකි.

ඒවායේ සිටින්නේ සජිත් විතරය. ඒ ද සජිත් ඇමැති නොව 2020 ජනාධිපති වන සජිත් ය. වැරදීමකින් හෝ එහි පක්ෂ නායකත්වය නැත.

දිනන්න පුලුවන් ජොකියා !

ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවිය හැක්කේ සජිත් ට පමණයි යන මනෝ විකාරය සමාජ ගත කලේද මේ SPG කල්ලිය විසින්ය. සජිත් කියන්නේ පක්ෂයේ ජන්ද මැෂිම කියන්නේද SPG කල්ලිය විසින්ය.

අපි නැවත මෙසේ අසමු "ඔය කියන ජන්ද මැෂිම දිනවපු එක මැතිවරණයක් කියන්න?", "රාජපක්ෂ රෙජීම පාලන සමයේ පළාත් සභාවක් දිනවලාද?", "පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිනවලද?" මොන ප්‍රශ්නය ඇහුවත් ලැබෙන උත්තරය "නෑ" නම් සජිත් පක්ෂයේ ජන්ද මැෂිම කියන කතාවම මිත්‍යාවක් නොවේද?

මිත්‍යාවට හසුවූ UNP පාක්ෂිකයන් 

දේශපාලනය සහ වෘත්තීය එජාප යේ ඇතැම් දැන උගත් අය පවා පටලවා ගත්තේ ද එතැනදීය. ඔවුන් තේරුම් නොගත්තේ ෆේස් බුක් දාන පෝස්ට් ප්‍රමාණයෙන් ජනාධිපති හෝ පක්ෂ නායකත්වය තීරණය වෙනවා නම් අදටත් රටේ ජනාධිපති මහින්ද වියයුතු බවය.

ඉතිං මේ SPG කල්ලිය හැර රටේ බුද්ධිමතුන්, විශේෂයෙන් මධ්‍යම පංතිය නියෝජනය කරන, රටේ මත හදන, තීරණාත්මක අවස්ථාවේ දේශපාලනය තුළ සක්‍රීය වන කිසිවකු අතර සජිත් කියන්නේ චරිතයක් නොවේය. ඒ අයට සජිත් කියන්නේ මානසික ආතතිය සහ විෂාධයේ රෝගී ලක්ෂණ මුහුනේ පෙනෙන, දැක්මක් දර්ශනයක් නැති හම්බන්තොට හාදයෙක් ලෙසය.

එපමණක් නොව හම්බන්තොට  තවත් නායකයෙක් බිහිවීමද වලක්වාලමින් සිටින්නේ සජිත් බවත් පැවසිය යුතුය.

දකුණු පළත් සභා විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේට වසර දහහතක් ජයග්‍රාහී දේශපාලනයක යෙදුණත් ආසන සංවිධායකකමක් දීමට එරෙහිව සිටින්නේ සජිත් මිස වෙන කිසිවෙකු නොවේය. එසේම   තමන්ගේ බිරිඳ පළාත් සභාවට ඉදිරිපත් කළත් පරාජය වූ අතුල රත්න වහලෙකු ලෙස  සංවිධායක ධූරයේ රඳවාගෙන සිටීයි. එහෙම වැඩ කරන සජිත් රට කරවන්න හීන දැකීම විකාරයක් නොව අවධානමක් බවත් අමුතුවෙන් කියන්න දෙයක් නැත.

මෛත්‍රීපාල සහ සමාගම 

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමග හීනමානය නිසා වෛරයෙන් පසුවන ජනාධිපති මෛත්‍රීපාල  දැල එලන්නේ එහෙවු සජිත් ට ය. මන්ද එක්සත් ජාතික පක්ෂය තුල සිටිමින් එහි නියෝජ්‍ය නායකයා ලෙස සිටියත් රනිල් නසන තුරු නින්දක් නැති, පක්ෂ නායකත්ව මණ්ඩලයේ සිටින දුර්වලම පුරුක සජිත් නිසාය.

ඊට සහතික දෙන්න මෛත්‍රීපාල ලගම සිටින්නේ සජිත් සමග පක්ෂ නායකත්වය අල්ලන්න පරාජිත කුමන්ත්‍රණ දියත් කළ ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරතන ය. එසේම සජිත්ගේ කුමන්ත්‍රණයේ අවාසනාවන්ත ගොදුරක්වූ දයාසිරි ජයසේකරත් අද ජනාධිපති මෛත්‍රීපාල ලගය.

රාජපක්ෂ අගමැති කරන්න ගොස් ඇනගෙන සිටින ජනාධිපති මෛත්‍රීපාලගේ ඊලඟ සැලැස්ම වූයේ එජාප අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති වන ලෙස ඒ තුලින් අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමය. ඒ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක් වෙනුවට සජිත්ගේ ආශාව හරහා ඊලඟ ජනාධිපතිවරණයේදීත් යහපාලන අපේක්ෂකයා වීමටය.

සජිත් බේබි මාට්ටු !

ජනාධිපතිවරණය ආසන්නයේ එහෙම වුනා නම් රනිල් වික්‍රමසිංහගේ චැප්ටර් ක්ලෝස් ය. සජිත් අගමැති පමණක් නොව පක්ෂ නායකයාද වන අතර යහපාලනය වෙනුවෙන් නැවත ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල ටය. පසුව එන මහ මැතිවරණයෙන් සජිත් අගමැති ය. 

කරුමේ කියන්නේ මෛත්‍රීපාලගේ උපදේශකයින්ගේ ටිකිරි මොළ තවමත් රනිල් කවුද යන්න නොදැන සිටීමය. මෛත්‍රීපාල නොදැන සිටියත් දැන් හෝ දැනගත යුතුව ඇත්තේ රනිල්ගේ ස්කෑනර් ජනාධිපති කාර්‍යාලයේ වැඩ බවය. ටිකිරි මොළ සහිත ජනාධිපති උපදේශකයන් අලුත් අවුරුද්දට විශේෂ පුවතක් සදහා මාධ්‍ය සූදානම් කරන විට, රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව එජාප අමාත්‍යවරයකුට පවරන විට, චෙස් දන්න රනිල් ඉත්තා ඇද්දේය. 

ඒ ඉත්තා ඇද්ද ක්‍රමයට කියන්නේ "සතුරා නැති තැන සටන් කරනු" කියාය.
අයිසේ සජිත්, මේවා චෙස්! අයිසේ සජිත්, මේවා චෙස්! Reviewed by Admin on 10:43 PM Rating: 5

No comments

Top Gossip

gossip