ඇමැති පාඨලී: මොලේ ප්‍රමාණයට වඩා ලොකුවීම හැඩක් නෙවෙයි ලෙඩක්!


(මඩ කිං -2019.අප්‍රේල්.09, ප.ව.03.30)

පාඨලී ඇමතිතුමාට අනුව ලංකාවේ මගී ප‍්‍රවාහනයේ 99.9% ක්ම තියෙන්නේ මගීන් ගෙනයන බස්රථ නෙමෙයි. ලොරි චැසිවලට සීට් හයිකරපු බස්රථ. 

ඇමතිතුමා මෙහෙම කිව්වට ඇමතිතුමාගේ මීඩියා ටීම් එකේ මෝඩ උපදෙස් මත එතුමාගේ ඔළුවේ සයිස් එක පෙන්නන්න හිතාගෙන පහුගිය දා විවෘත කරන ලද කොට්ටාව මාකුඹුර බස් පර්යන්තය මේ වෙනකොට අවුල් ජාලයක් වෙලා තියෙන්නේ.

පළවෙනි එක තමා එතුමා කියන ලොරි චැසිවලට සීට් හයිකරපු බස්රථ තමා කොට්ටාව මාකුඹුර බස් පර්යන්තයේ ඉඳලා මගී ජනතාවට යන්න තියෙන්නේ. ඒත් හිර වෙලා තැම්බිලා පොඩි වෙලා. ඊට හපන් වැඩේ තමා මේ ලොරි චැසිවලට සීට් හයිකරපු බස්රථ 138 හෝමාගම-පිටකොටුව බස් රථ ඇණියෙන් කොටසක් වීම නිසා 138 හෝමාගම - පිටකොටුව බස් රථ මගීන් වගේම බස් රථ සේවකයන් සහ බස් හිමියන් අර්බුධයට යාම.

විශේෂයෙන් 138 හෝමාගම-පිටකොටුව බස් රථ ඇණියෙන් කොටසක්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට යොදවා තිබීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 01 දා ඉඳලා හෝමාගම ප්‍රධාන බස්නැවතුමෙන් ගමන් අරඹන 138 බස්රථවල හිඟයක් මතුවෙලා තියනවා. උදේට හිර වෙලා තැම්බිලා පොඩි වෙලා බස් එකේ රාජකාරි යන මිනිස්සු පාඨලී ඇමතිතුමාගේ මව්තුමිය මතක් කරන හැටි අහන්න ඇමතිතුමා වෙස් වලාගෙනහරි බස් එකේ ගියොත් අහගන්න පුළුවන් වෙයි.

ඒ හින්දා ඔළුවේ සයිස් එක පෙන්නන්න සැලැස්මක් නැතුව වැඩ කරලා ආණ්ඩුවත් අපහසුතාවයට පත් නොකර හිටියා නම් පාඨලී ඇමතිතුමාට ජනාධිපති අපේක්ශකත්වය කෙසේ වෙතත් නම්ඹුව හරි බේර ගන්න පුළුවන් වෙයි.
ඇමැති පාඨලී: මොලේ ප්‍රමාණයට වඩා ලොකුවීම හැඩක් නෙවෙයි ලෙඩක්! ඇමැති පාඨලී: මොලේ ප්‍රමාණයට වඩා ලොකුවීම හැඩක් නෙවෙයි ලෙඩක්! Reviewed by Admin on 3:07 AM Rating: 5

No comments

Top Gossip

gossip