සිරසේ තියෙන්නේ කොන්ඩම් අවස්ථාවාදයක් !


ජාතික තලයේ විපතක් සිදුවූ විට එය සැපතට පෙරළා ගත හැකි වන්නේ ඊට ජාතික එකමුතුවක් සැපයුවහොත් පමණය. ඒ හැර ජාතික විපත පටු න්‍යාය පත්‍ර මත හසුරවන්න කිසිවෙකු උත්සාහ කරනවා නම් ඒ තරම් මජර අවස්ථාවාදී  බවක් තවත් නැත. ඔවුන් සිය පටු අපේක්ෂා වෙනුවෙන් රටේ විනාශය පතන්නන්ය. විපත වෙතින් කාලකන්නි සතුටක් ලබන්නන්ය.  මේ අනාවරණය කරන්න යන්නේද එවැන්නක් ගැනය. පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ රටම කැළඹී සිටින මොහොතක මහරාජාගේ සිරස මාධ්‍ය සිදුකළ නින්දිත ක්‍රියාවක් ගැනය.

මැයි 4 වනදා ඔවුන් සිය ප්‍රවෘත්ති විකාශය අතර මැද චාමික රොෂාන් නම් පරපීඩක කාමයෙන් පෙළෙන (නවක නිවේදිකාවන්ට කනට ගසා බාත්රූම් ගොස් තනිව සිනාසෙන) නිවේදකයා කියන්නේ "හදිසි විදුලි මිලදී ගැනීමක් හරහා දුෂණයක් සිදුව ඇති බවය. එහෙත් ඒ පුවත් විශේෂාංගයේ කොතැනකවත් දූෂණය කුමක්ද? කොතරම් මුදලක් අවභාවිතව ඇත්ද? ඒ බව තහවුරු කිරීමට ඇති සාක්ෂි මොනවාද ? මේ කිසිවක් නැත.


සිරස මේ පුවත නිර්මාණය කරනු ලැබුවේ අන් කිසිවක් සඳහා  නොව, අගමැති රනිල් වික්‍රමසිංහට කෙළවා දමන්නටය. ඒ සඳහා කොයිකටත් තෛලය ලෙස සිටින විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ අමාත්‍යංශය අල්ල ගත්තේ රනිල්ට ගහන්න කොහෙන්හෝ පොටක් අල්ලා ගන්නටය. 


අපේ මේ සූදානම සිරසේ මේ ජඩමාධ්‍ය හැසිරීම පෙළින් පෙළ ඔබ හමුවේ තබන්නටය. 


අතේ රෝලක් වූ පුවත් විශේෂාංගය 

පුවත් විශේෂාංගය අතේ රෝලක් වූ නිසාම මහරාජාගේ නියෝගයට පොදු වැසිකිළියක් වුවත් ඉහගෙන කෑමට සූදානම් පරපීඩක කාමයෙන් පෙලෙන චාමික රොෂාන් වැඩේට අත තියන්නේ "සිරස පුවත් මේ දිනවල  කෙරෙන්නේ විශේෂඥ මණ්ඩලයක උපදෙස් අනුව" බව කියමින්ය. 


අනතුරුව ඔවුන් 2019 අප්‍රේල් 11 වනදා අග්‍රාමාත්‍යවරයා විසින් විදුලිබල අමාත්‍යවරයා වෙත යැවූ ලිපියක් උපුටා දක්වයි. අග්‍රාමාත්‍යවරයා යවනු ලැබූ එම ලිපියේ ප්‍රධාන කරුණ වන්නේ අත්‍යාවශ්‍ය හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ප්‍රමාණවත් බවය. එබැවින් එවැනි අවශ්‍යතාවක් ඇත්නම් දැනුම්දෙන ලෙසය.


අගමැතිගේ ලිපියේ සැබෑ අරමුණ 

අගමැති ඒ ලිපිය යොමු කරන්නේ ඊට පෙර මෙරට ජලාශ සිඳීගොස් ප්‍රමාණවත් ජල විදුලියක් නිපදවීමට නොහැකි වීම නිසා විදුලි කප්පාදුවක් කරන්නට සිදුව තිබු පසුබිමකය. එසේම මේ විදුලි කප්පාදුව හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට ප්‍රබල විවේචනයක්ද එල්ලව තිබිණ. අනෙක් අතට අලුත් අවුරුදු උදාවට ඔන්න මෙන්නය. ඒ හමුවේ ආණ්ඩුව ප්‍රකාශ  තිබුණේ අවුරුද්දෙන් පසුව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන බවය.


එහෙත් ඒ කිසිවක්  සිරස ජඩ මාධ්‍යට අදාළ වූයේ නැත. ඔවුන්ට තිබුණේ වෙනත් අපේක්ෂාවක්ය. ඔවුන් ඒ අපේක්ෂාව ඉටුකර ගන්නට තවදුරටත් වෙහෙසෙන්නේ මෙසේය. 


අප්‍රේල් 11 වනදා ඉහත අග්‍රාමාත්‍යවරයාගේ ලිපිය විදුලි බල අමාත්‍යංශයට යොමුවන අතර එදිනම අමාත්‍යවරයා හදිසි විදුලි මිලදී ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වෙතින් විමසා ඇත. එහිදී සාමාන්‍යාධිකාරීවරයා අමාත්‍යවරයාට එදිනම ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ විශේෂඥ කරුණු දැක්වීම් ඇතුළත් ඇමුණුමක් සහිතවය.


එදිනම අග්‍රාමාත්‍යවරයා වෙත විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා පිළිතුරු ලිපියක් යොමුකරන අතර එහිදී විදුලිය මිලදී ගැනීමට ඇති අවස්ථා සහ කොතරම් විදුලි බලයේ  අඩුවක්  තිබේද යන්නත් එහි දක්වයි.


සිරස මෙහිදී අමාරුවේ වැටෙන්නේ  අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ලබාදුන් විශේෂඥ වාර්තාවද ඒ සමඟ යොමුකරන පසුබිමේය. 


පිටිගල හා චාමිකගේ අනාගැනිල්ල 

චාමික රොෂාන් නම් පරපීඩක කාමයෙන් පෙළෙන්නා මාර සැකයි, මොකුත් නැත්නම් මෙහෙම ඉක්මනට වැඩ වෙයිද ? මාර හදිස්සියක් කියමින්" මිනිසුන් තුළ මේ ක්‍රියාවලිය සම්බන්ධව සැකයක් මතුකරන්න උත්සාහ කරයි. ඔවුන්ට එහිදී විශේෂඥ උපදෙස් අමතක වෙයි.


එතැන් පටන් සිරස තටමන්න ගන්නේ හයියෝ මෙච්චර මොකටද ? සාමාන්‍ය ජනතාවටත් පැහැදිළි සැකයක් එනවා කියමින්ය. මේ පිටුපස කුට්ටියක් ලැබෙන බවත් සාමාන්‍ය ජනතාවට ඒ දැනෙන බව, සිරසටත් දැනෙනවා කියමින් පරපීඩක කාමුකත්වය ඉස්මුරුත්තේ ගොසින් දඟලයි. දැන් විශේෂඥ මත මොකුත් නැත. ඒ වෙනුවට සිරස විමර්ශන පිටපත ලියන පිටිගල පැමිණ "හයියෝ අපරාදේ, මොකටද ගත්තේ" ගාන්න ගනියි.


අනතුරුව විශේෂඥයාට අඳින පිටිගල නැවතත් ජනතාව අන්දන්න දන්නා තරම් පද කස්තිරම් අල්ලන්න ගනියි. ඒ ජනවාරි 21 වනදා මෙගාවොට් 100ක් සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ  බවත් ජනවාරි 22 කැබිනට් මණ්ඩලයට යොමුකලත් පසුව නැවත  අවලංගු  කිරීම, මාර්තු 13 මහජන උපයෝගීතා කොමිසම මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමාණය විමසයි, ඊට පිළිතුරු නොදීම. මාර්තු 26 නැවතත් හදිසි මිලදී ගැනීමක් එනම් මෙගාවොට් 100ක් අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසමට දැන්වීම, ඒ වන විටත් විදුලි අර්බුදයක් පැවතියෙන් කොමිසම ඊට අනුමැතිය දීම. 


මේ ආකාරයට කරුණු කියාගෙන යන පිටිගල අපට කොලේ වහන්න එන්නේ අප්‍රේල් 6 වනදා විදුලි අර්බුදයක් නැති බව විෂය භාර අමාත්‍යවරයා පැවසු බව කියමින්ය. ඉහත කරුණු දැක්වීම අස්සේ මේ බොරුව එතීමේ කලාව අපි හොඳින් දන්නා අතර ඒ ජිමික් අස්සේ මහජන මතය හැදෙන්නේ කොහොමද යන්න පිටිගලත් දනියි. කෙසේ නමුත් නින්දිතම වැඩේ කියන්නේ ජනතාව වෙනුවෙන් කියා ජනතාව ගොනා කර මහාරාජාට අවශ්‍ය ආකාරයට ජනමතය හසුරවන්න ඒමය.


එතැන් පටන් සිරසට අවුල වන්නේ මෙගාවොට් 100ක් වෙනුවට 170ක් මිලදී ගැනීමය. එසේම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 2019 සඳහා මෙගාවොට් 470ක් අවශ්‍ය බව පැහැදිළිව පෙන්වා ඇත. ඒ අනුව සිරස කියන්නේ දැනට 170ක් මිලදී ගෙන තිබෙනවා, තව 100ක් ගන්න යනවා තවත් 200ක් ගන්න තිබෙනවා, ඒ  200 ය  ගන්න තියන තැනුත් පෙන්වාදී තිබෙන බවය. 


එසේම තුර්කි විදුලි නැවක් ගැනද සිරස නන්දොඩවයි. ඔවුන්ට බදු සහන දීම,  මාරාන්තික ප්‍රශ්නයක් කර ගනියි. අවසානයේ සිරසේ මල්ලෙන් බළලා එළියට පනින්නේ මේ ගනුදෙනුව සඳහා "විෂය භාර ඇමතිට ඩෑෂ් ගැසීමට අගමැති රනිල් ලියුමක් එවමින් බෝලය උස්සා දී ඇති බව " කියන විටය.


විදුලි බල අවශ්‍යතාව වාර්ෂිකව ඉහළ යන බව සිරසේ අමන විශේෂඥයන් නොදන්නවා  නොහැක. එසේම පසුගිය අධික පෑවිල්ල හේතුවෙන් සිදුවූ ජලාශ හිඳී යාම සිරසේ විශේෂඥයන් නොදන්නවා විය නොහැක. නොරොච්චෝලේ බිඳ වැටීම ගැනත් එහෙමය. මේ බිඳ වැටුණු අවස්ථා වල මහරාජාගේ බලාගාරයෙන් විදුලිය එන්නේ නැත. එපමණක් නොව පසුගිය දශකයකට අධික කාලය තුළ එකඳු බලාගාරයක් හෝ සාදා නැත. විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස ජීවිත කාලයම ඉන්න සිටින බටගොඩ ලේකම්තුමත් LTL  වැනි මාෆියා සමාගම් සමඟ ටොම් ඇන්ඩ් ජෙරී සෙල්ලම් දැමුවා මිස දැනෙන වැඩක් කළේ නැත. මේ මොකා වැඩ නොකර සිටියත් විදුලි පරිභෝජනය ඉහල යන එකත් නවතින්නේ නැත. එසේම සිරසේ විශේෂඥයන් අපට නොකියන්නේ තුර්කි නැවෙන් ඔය මිලදී ගන්නවා කියන විදුලි ඒකකයක මිල, මේ වන විට කැළණිතිස්ස හෝ වෙනත් විදුලි බලාගරයකින් මිලදී ගන්නා ඒකකයක මිලට වඩා අඩුද වැඩිද යන්නය.


 සිරසේ ජනතා ඇන්දිල්ල සහ අපූරු විමර්ශන

සම්බන්ධව ඉදිරියේදී විශේෂ අනාවරණයක් සිදුකිරීමට නියමිත බැවින් ඒ ගැන වැඩි විස්තර මෙතන ලියන්නේ නැත. නමුත් සිරස මේ ඉහත හදිසි විදුලි මිලදී ගැනීමක් ගැන පුවත් විශේෂාංගයක් සිදුකර ඒ හරහා යෙදුන ජඩ හැසිරීම අවබෝධ කරගත යුතුව ඇත. 


ජනාධිපති මෛත්‍රීපාලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රුපියල් කෝටි 20ක අල්ලසක් ඉල්ලා එයින් කෝටි දෙකක් ගැනීමට යාමේදී අත්අඩංගුවට පත්වූ පුවත සිරස වාර්තා කල ආකාරය ඔබට මතකද ? එතැන් පටන් දින 52 ක ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටුවීම දක්වා ජනාධිපති මෛත්‍රීපාල ගේ කිසිම අඩුවක් නැද්ද ? ජනතාව හිතන ආකාරය සිරසට දැනෙනවා කියමින් තොවිල් නටන මේ ජඩ මාධ්‍ය හැසිරීමක සිටින සිරස ජනතාව ජනාධිපති ගැන තියන තක්සේරුව වාර්තා කර තිබෙනවාද ? නැත. එසේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක එක ගමක් හදන්න පහක් හදන්න යන තරම් ප්‍රචාරක වියදමක් වැය කිරීම සිරස ප්‍රශ්න කර තිබෙනවාද ? මේ වන විට ජාතියේ නිවාස ඇමතිවීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වියදම් කර ඇති බිලියන ගණනක මුදල් ජනතා බදු මුදල් මිස සජිත් ඇමතිගේ අම්මා අප්පාගේ බූදලය නොවන බව සිරස නොදන්නවාද ? මේ කිසිවක් සිරස විමර්ශන වෙත හසුනොවන හේතුව ඔබ දන්නවද ? 


රූකඩ සහ කොන්ඩම් තියරිය 

එහෙයින් සිරස තටමමින් කරන මේ ඊනියා වාර්තා මහජන සුභසාධනය වෙනුවෙන් නොව මහරාජා ගේ දේශපාලන අජෙන්ඩාවට නටන රූකඩ නායකයන් බිහිකර ගැනීමට බව තේරුම් ගත යුතුව ඇත. මහජන සුභසිද්ධිය හෝ සුභසාධනය පෙන්වා අගමැති රනිල්ට  ගහන නරුම දේශපාලන ගේම් පිටුපස ඇත්තේ ඔහු මහරාජාව තඹ සතයකට මායිම් නොකිරීමය. දැන් එය නිම්හිම් නැති වෛරයක් දක්වා මහරාජා තුළ ඔඩුදුවා ඇත. අවසාන වශයෙන් අපට කියන්න ඇත්තේ මේවා ඔබලාට තේරෙනු ඇත. හැබැයි තේරෙන විට කල්ගොස් තිබෙන්න තියන ඉඩ වැඩිය. මන්ද මේ වන විටත් මහරාජා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා අවසන් අතර කොන්ඩම් ක්‍රමයට මෛත්‍රීපාල අත්හැර දමන්නටද තේරුම් ගෙන අවසන් නිසාය.  ජනතාවනි,අවධියෙන් සිටින්න.
සිරසේ තියෙන්නේ කොන්ඩම් අවස්ථාවාදයක් ! සිරසේ තියෙන්නේ කොන්ඩම් අවස්ථාවාදයක් ! Reviewed by Admin on 4:24 AM Rating: 5

No comments

Top Gossip

gossip