සජිත්ගේ මොළේ නිසා මණ්ඩලේ කචල් වෙලා!


(මඩ කිං -2019.අගෝස්තු.07, ප.ව.02.30)

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම ගැන ඩීල් දාගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය අල කිරීමට මුල්වූ පාර්ශව අතර මේ වන විට එකිනෙකා මරාගන්නා තැනකට පත්වෙලා.

බොහෝම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන විදියට මුලින්ම මේ මරාගැනිල්ල පටන් ගන්නේ "සජිත්ට මොළේ නෑ " කියන විවේචනය එක්ක.

කචල්  එකේ මුල රවී ගහපු ඩප්පිය 

ඊට ආසන්න සිදුවීම තමයි රවී කරුණානායක ගහපු ලිබරල් ඩප්පිය, ඒ කියන්නේ " ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගන්න නම් අපොස සාමාන්‍ය පෙළවත් සමත්ව තිබිය යුතුයි” යන ඩප්පිය සජිත් අරගෙන සාක්කුවේ දාගැනීම.

මේ ලිබරල් ඩප්පිය සාක්කුවට දාගෙන සජිත් පොරක් වෙන්න ගියේ තමන් එංගලන්තයේ උසස් පාසලක ක්‍රිකට් ගහපු බවට සාක්ෂියක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම හරහා. ඒත් ඒ උත්සාහය ලත්තැනම ලොප් වුනේ සජිත්ට  හරියට ක්‍රිකට් ගහන්නත් බැරි බව ඔප්පු වීමෙන්. 

සජිත්ගේ උපාධිය

"අහක යන මගුල් මොකට රෙද්ද අස්සේ දාගන්නවද ? නැති සුදුසුකම් මොකට පෙන්නන්න යනවද ? මේ යකාට මොළයක් නැද්ද ?" කියලා තමයි සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා කරට ගත්ත පිරිස මුලින්ම විවේචනය පටන් ගත්තෙ. 

බැරි මගුල් පෙන්නන්න ගිහින් චොර වෙලා ගිය  සජිත් ඒ වැටිච්ච වලෙන් ගොඩ එන්න කිව්වේ, " මගේ ලන්ඩන් ඩිග්‍රිය දැම්මාම ලොක්කගේ පැත්ත ඉවරයි" කියලා. පී. පෙරේරා තමයි මේ පණිවිඩය සජිත්ව කරට ගත්ත මලික් ඇතුළු පාර්ශවයට දන්වන්නේ. ඒ එක්කම පී.පෙරේරා මේ සජිත්ගේ ලන්ඩන් ඉකොනොමි ඩිග්‍රිය ගැන හිරු සලකුණ ප්‍රෝග්‍රෑම් එකේදී හරි උජාරුවෙන් කියන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි ගෙදර ගිය වෙලාවක සජිත් ඒක පෙන්නූ බවත් කියනවා.

අධ්‍යාපන සුදුසුකම් කෝ යකෝ 

ඒ එක්ක සජිත්ගේ මේ උපාධිය එළියට දාලා රවී ඇරපු කඩේ වහලම දාමු කියලා මලික් පාර්ශවයෙන් යෝජනාවක් එනවා. ඒත් සජිත් ඒ සහතිකය සමාජ මාධ්‍ය තියා මලික් කල්ලියටවත් දෙන්නේ නෑ. දිගින් දිගටම සජිත්ගේ විභාග සහ අධ්‍යාපන සුදුසුකම් රවී ප්‍රශ්න කරන්නේ ඔය අතරෙයි. රවීගේ ඒ ප්‍රශ්න කිරීම හමුවේ වැඩිපුරම අර්බුදයට යන්නේ මලික් කල්ලියේ මඩ මාධ්‍ය බලකාය.

ඒ නිසා ඔවුන් දිගටම බලකරමින් සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න මොකක් හෝ කොළ කෑල්ලක් , අඩුම ගාණේ උපාධි ප්‍රධානෝත්සවයේ ජායාරූපයක් හෝ ඉල්ලනවා. නමුත් සජිත් පිළ කියන්නේ " ඒක යථාකාලයේ තතාකාරව" එළියට දෙන්නම් වගේ උත්තරයක්.

නායකතුමා සජියා වෙලා

දිගින් දිගටම සජිත් පිළ මේ අධ්‍යාපන සහතිකය එළියට දාන්න අදිමදි කරද්දී ඒ වෙනකොට සජිත්ට " එච්.ඊ" , (ජනාධිපති ), නායකතුමා  කියලා කතා කරමින් හිටපු මලික්ගේ මඩ මාධ්‍ය බලකායේ ලොක්කන්ට මළ පනිනවා. ඒ නිසා තමයි අගෝස්තුව පටන් ගන්නකොට එච්.ඊ සජිත් වෙනුවට නිකංම නිකං සජියා කියලා ඔවුන් අමතන්න අරගන්නේ. මුලින්ම සජිත් නැතිතැන කියවුණු "සජියා" නම, ඉන්න තැනම නිකංම නිකං "සජිත්" ටෝක් එකක් බවට පත්වෙනවා.

ඩිප්‍රෙෂන් පෙති වැඩි වැඩියෙන් 

ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන "අතිගරු ශ්‍රීමත් උතුමාණන්" වෙන්න හීන දැකපු සජිත්ට මේක ඇමතීම කොහෙත්ම දරාගන්න බැරි වෙනවා. ඒත් සජිත් "ඉඳපන් ජනාධිපති වෙනකල්" න්‍යායට ඉවසගෙන ඉන්නවා. ඩිප්‍රෙෂන් වලට ගත්ත ඖෂධ මාත්‍රාවත් ඔය වැඩිකර ගැනීමට සජිත්ට වුනේ ඔය නිසයි.

ඔය අතරේ යළිත් මලික් කල්ලියෙන් සජිත් පිළට පනිවිඩයක් එන්නේ " කැම්පේන් පටන් අරගමු.. ඒ නිසා මුලින්ම උපාධි සහතිකය එළියට දාමු " කියන යෝජනාව. ඒත් සජිත්ට උපාධිය එළියට ගන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. මොකද සජිත්ට ලැබුණු උපාධිය "අනුකම්පාවට" දුන්න උපාධියක් බවට පිළිගත් ලිඛිත සාක්ෂි සමාජ මාධ්‍ය හරහා අනාවරණය වූ නිසා.

මේක මඩක් කියලා හිතපු මලික් කල්ලිය ඊට එරෙහිව නීතිය හමුවට යන්න සජිත්ට ආරාධනා කරනවා. ඒත් සජිත් පිළ ඊට මැලිවෙනවා. ඒ ඇයි ? ඒ වෙන මොකුත්ම නිසා නෙවෙයි අදාල සාක්ෂිය ඇත්ත නිසා. සජිත්ට එක්සෑම් ෆෝබියා නිසා. කොහොම හරි මලික්ගේ කල්ලිය මේ ලිඛිත සාක්ෂිය සත්‍ය බව දැනගන්නවා.

සජියා ගෝඨාට හපන්

ඔන්න ඔතන ඉදලා තමයි මලික් කල්ලිය එක හෝසෙට මරාගන්න තැනට පත්වෙන්නේ.

" මොනවද බං අර යකා කරන වැඩ, රෙද්දක් ඇඳගෙන ඌව  ජනාධිපති කරන්න කියන්න පුළුවන්ද ? ඊට වඩා හොදයි ගෝඨා එක්ක ඩීල් කරානම් ..  උඹ තමයි මේ බහුභූතයා උස්සගෙන ආවේ. මම කිව්වේ මේ යකාට පිස්සු කියලා. අපරාදෙ මමත් හිතුවෙ නෑ මෙහෙම වෙයි කියලා. මුලින් දන්නවා නම් කීයටවත් ලොක්කව හලලා එන්නේ නෑ " ඔන්න ඔහොම විවාද ගොඩක් මලික් කල්ලියේ ඇතිවෙනවා.

මූ ගැන අපිට ලියන්න බෑ - කට ඇරියොත් ගම කනවා 

 ඒ විතරක් නම් අවුලක් නෑ. සජිත්ගේ මොළය ගැන ඊලඟ ප්‍රශ්න ටික එන්න ගන්නේ මලික් කල්ලියේ මඩ මාධ්‍ය බලකායෙන්.

"මේ විදිහට නම් සජියා ගොඩදාන්න බෑ. සර්ගේ දර්ශනයට විරුද්ධව ඌ කියවන්නේ. හැම දේම නිකං දෙන්න කතා කරන්නේ. සර් කිව්වේ මාළු බාන්න පිත්ත දෙනවා කියලා. අර යකා කියන්නේ මාළු දෙන කතාවක්. හැම මගුලක්ම නිකං දෙන්න කතාව. ළඟ තියන එක විකුනගෙන ද දෙන්නේ ?"

"රටේ ණය ගැන , ආර්ථික තත්ත්වය ගැන මොකුත්ම නොබලා  ගොන් කතා කිව්වාම පාවෙන ජන්ද නෙවෙයි , පිස්සෙක්ගේ ජන්දයක්වත් ගන්න බැරිවෙයි. උන්ගේ එවුන්ට කියලා ලිපි ලියාගෙන වැඩ කරගන්න කියන්න. මේ මීහරකෙක් ගොඩදාන්න බෑ"

"අන්න අදත් රෙද්දෙම යවාගෙන. ලෝකයේ කාර්මික විප්ලව මෙහෙට ගේනවා කියලා. යකෝ ලෝකෙ නැනෝ ටෙක්නොලොජිත් පහුකරගෙන යනවා. මේ යකා පැපොළ හැදුනාම තොයිල් නටන්න කතා කරනවා."

PR වෙනුවට මඩ කැම්පේන් 

ඔය වාද නිසා අන්තිමට මලික් කල්ලියේ මඩ මාධ්‍ය නඩය සජිත් වෙනුවෙන් වෙනත් වැඩක් භාරගන්නවා. ඒ සජිත්ව ඉල්ලනවා, රටම සජිත් සමග, සජිත් නැතුව කෑමත් එපා වගේ කැම්පේන් කරන්න. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධාන නායකයන්ගේ චරිත ඝාතනය.

මලික්ගේ කල්ලියේ කතා ව්‍යාපාරික අන්කල්ගෙන් සජිත්ට 

කොහොමින් කොහොම හරි මලික් කල්ලියේ මේ සජිත් ගැන තියන අදහස්, විස්කි උගුරක් ගානේ සිදුවෙන ඔය කතා ගැන සජිත් දැනගන්නේ මලික් කල්ලිය සමග ගනුදෙනු කරන්න ඉන්න සජිත්ගේ සමීප ව්‍යාපාරිකයකු මාර්ගයෙන්. මලික් කල්ලිය සජිත් ගැන දරණ මේ අවඥා සහගත අදහස් ව්‍යාපාරිකයා සජිත්ට කියන්නේ බොහොම කළකිරීමෙන්. 

අන්තිමට මේ ප්‍රකට ව්‍යාපාරිකයා සජිත්ගෙන් අහනවා, සජිත් මේ අය එක්ක අපිට ගමනක් තියනවද? ඔයාට මේ අය විශ්වාසද කියලා.

 සජිත් ඒකට හිනා වෙලා මේ කතාව මඩකිංට දුන්න සභාපති තුමා දිහා බලලා කියනවා.. " එතන ඉන්න සේරම අගමැතිලා. මම ජනාධිපති වෙනකල් ඉවසීමෙන් බලායිමු" කියලා.

සජිත්ගේ මොළේ නිසා මණ්ඩලේ කචල් වෙලා! සජිත්ගේ මොළේ නිසා මණ්ඩලේ කචල් වෙලා! Reviewed by Admin on 1:32 AM Rating: 5

No comments

Top Gossip

gossip