මචං හේෂා: කොන්ඩම් එකක් වෙන්න එපා!


(මඩ කිං -2019.අගෝස්තු.07, ප.ව.12.30)

දුෂ්කර කාල පරිච්ඡේදයක් අවසන් වීමට පෙර වුණත් ඒ දුෂ්කරතා නොතකා මඩකිං නැවතත් වැඩ ඇල්ලුවා. ඒ මොකක්වත් හින්දා නෙවෙයි රට මුහුණදී සිටින සැබෑ අභියෝගය ගැන පැහැදිලි අදහසක් අපිට තියන හින්දා.

මේ වෙනකොට නයි මල්ලේ දාගත්තු හාදයෝ දෙන්නෙක් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පතාගෙන ඉස්සරහට ඇවිත්. 

එක්කෙනෙක් ගෝඨාභය. එයා  ගැන කතා කරන්න වාද කරන්න දෙයක් නෑ. කොහෙත්ම රටක් පාලනය කරන්න ඔහු සුදුසු නෑ. ඒ නොසුදුසු බව ගෝඨා මේ වෙනකොට යලිත් ඔප්පු කරලා තියෙන්නේ ඇමරිකානු පුරවැසි භාවය සගවා හදාගත්ත පාස්පෝර්ට් එක හරහා. 2005 ඔහු ඒ පාස්පෝර්ට් එක ගන්නේ බලය අවභාවිත කරලා, හොර පාරෙන්. ඒ නිසා මේ ගෝඨාභය කියන ඇරලා තියන මල්ල ආය ලිහලා බලන්න දෙයක් නෑ.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාගෙන ඊලඟ ට ඇවිත් ඉන්නෙ සජිත් ප්‍රේමදාස . කට ඇරියොත් ඉවරයි. ඒ බව දැන් හොදටම ඔප්පුවී තිබෙනවා. UNP වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක නායකත්වයට තියා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු වීමටවත් ඔහු සුදුසු නැති බව ඔප්පු කරන්න අලුත් දේවල් හොයාගන්න ඕන නෑ. ඔහු කියන කරන සෑම දෙයින්ම ඒ බව තහවුරු කරනවා.

ඒත් දේශපාලන කුහකයන් පිරිසක් සහ ඔහුගේ පාර්ශවයේ වචන සෙල්ලම් වලට අහුවුණ පිරිසක් ඉන්නවා. ඒ පිරිස හැදෙන්න සූදානම් නම් අන්න ඒ සදහා පොඩි අදහස් දැක්වීමක් වෙනුවෙන් මේ කොටස වෙන් කරන්න අපි අදහස් කලා.

හේෂා කොන්ඩම් එකක් වෙන්න එපා


හේෂා විතානගේ කියන්නේ උන්ප් පසුපෙළ මන්ත්‍රීවරුන් අතරේ කැපීපෙනෙන චරිතයක්. ඒ වගේම අනාගතයක් තියන බව පෙන්නුම් කරන දේශපාලනඥයෙක්. මේ පාර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකත්වය සජිත්ට දෙන්න මුලින්ම යෝජනා කරන්නේ හේෂා. ඒත් හේෂා සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා රෝහල් ගතවෙනවා. ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ටිකක් බරපතල රෝගී තත්ත්වයක්. 

නමුත් මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් අංචි අදිමින් සිටින සජිත්ට ගානක් නෑ. ඒත් හේෂා විතානගේ මන්ත්‍රීවරයා ව බලන්න රෝහලට යන්නේ රවී ඇමතිතුමා සහ අගමැති රනිල්. 

සජිත් ප්‍රේමදාස ඇයි තමන්ගේ නම මුලින්ම යෝජනා කළ මේ මන්ත්‍රීවරයා ගැන සංවේදී නොවෙන්නේ. කෙනෙකුට හිතන්න පුලුවන් සජිත් බිසී නිසා නොගියා කියලා. රවී සහ රනිල් ගියේ හේෂව ගොඩදාන්න කියලා.

ඒත් ඒ හිතීම වැරදියි. මොකද එහෙම හිතන්නේ සජිත්ගේ අවිඥානය කියවා ගන්න බැරිවීම නිසා. ඒ නිසා අපි ඒ උදවියට අනුකම්පා කරනවා.

දැන් අපිට පුලුවන් ඇයි සජිත් හේෂා ගැන විශේෂ උනන්දුවක් නොදැක්වූයේ ? කියන ප්‍රශ්නයට උත්තර බඳින්න.

ඔබට මතකද "උස නම් සිකියුරිටි .. මිටි නම් කම්කරු " යන සජිත්ගේ ශ්‍රම න්‍යාය. ඒක වේදිකාවක හෝ සජිත් සමග ගමනක් වෙනුවෙන් මේ මොහොතේ වටවෙලා ඉන්න දේශපාලන කුහක නඩය හදාදුන් ස්ක්‍රිප්ට් එකක් අනූව වීඩියෝ කළ එකක් නෙවෙයි. ඒ තමයි නියම සජිත්.

හුළං එන්න මිනිස්සු පැත්තකට කරලා දාන. තමන් හෙවනේ ඉන්න අතර අර අසරණ පාක්ෂිකයන් ගිනි කාශ්ටකේ අවුවේ තියන, උස මිටි අනූව ශ්‍රම බලකායේ ස්ථානය තීරණය කරන ඒ තමයි නියම සජිත්. කොටින්ම කියනවා නම් ඒ මිනිස්සු හම්බන්තොට ඉන්න තමන්ගේ ජනතාව බවවත් නොදන්නා ගානට තමයි සජිත් එතන හැසිරෙන්නේ.

ඒ තුළ පැහැදිලි වෙනවාද දුප්පතාගේ හිතවතෙක් ? දුප්පත්කම උරුමයක් කිරීමට හෝ තිබෙන සමාජ ස්ථරයෙනුත් කිසිම හොයා බැලීමක් නැතිව තම නූගත් ග්‍රාම්‍ය ශ්‍රම න්‍යාය ගලප්පන්නෙකු හැර වෙනත් ගැලවුම්කාරයකුගේ සේයාවක් වත් එතැන දකින්න ලැබෙන්නේ නෑ.

ඔයා කවුද ? මම වෙනුවෙන් කතා කරාද ?

දැන් හේෂා කියන්නේ කවුද එතකොට සජිත්ට. සජිත්ගේ ශ්‍රම න්‍යාය අනූව හේෂා කියන්නේ මිටි හාදයෙක්. නැත්නම් ප්‍රබල අමාත්‍යවරයකු හෝ ලොකු මීඩියා පවර් එකක් තියන පොරක් නෙවෙයි. හරියට කිව්වොත් රාජපක්ෂ කඳවුරේ ජීවිතය පරදු තියලා සජිත් වෙනුවෙන් පෝස්ටර් ගහන්න එන අහිංසක පාක්ෂිකයෙක් වගේ.

ඒ පෝස්ටර් ගහන්න එන පාක්ෂිකයට කවදා හරි සලකන්නේ උස හෝ මිටි න්‍යාය අනූව කියලා සජිත් මැතිවරණ ව්‍යාපාරය අවස්ථාවේ කියන්නේ නෑ. ඒ වෙලාවෙ ගහන පෝස්ටර් වෙනුවෙන් , යන කැන්වසින් පාර, ගුටිදෙන්න රාජපක්ෂ වහල්ලු දත්මිටි කමින් සිටින විට ඒ නොතකා පෝලින් බූත් රැක්ක උදවියව ඒ ඒ අවස්ථාවේ ප්‍රයෝජනයට ගත්තා වගේ තමයි හේෂා වගේ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ජීවිතත්. 

නායකත්වය අල්ලන්න, ගෙදර බිරිඳ ආර්‍යාව කරන්න, අම්මව මව් බිසව කරන්න පමණක් හීන දකින ඕන කෙනෙකුට තමන්ගේ ඒ එකම සිහිනය වෙනුවෙන් අනෙකාව පාවිච්චි කරන්නේ කොහොමද යන්න ගැන පූර්ව අදහසක් තියනවා. ඒ වගේම සජිත්ට කටුව ගහලා ඊළඟ වටයේ මිටියෙන් දෙන්න ඉන්න උදවියටත් ඒ සදහම වූ න්‍යාය පත්‍රයක් තියනවා.

තේරීම් ගන්නවා නම් මලික් ඇති !

 ඔන්න ඔය දේ මැද තමන් කොතනද කොහොමද ස්ථාන ගතවෙන්නේ කියන නොදැනුම තමයි හේෂා , චමින්ද විජේසිරි මගේ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ කරන්නේ.

දැන් බලන්න මලික් සමරවික්‍රම කියන දේශපාලන කුහකයා. මෙච්චර කාලයක් මලික් කියන්නේ මෙලෝ දානයකට වැඩක් නැති පක්ෂයට ජන්ද 100ක් හදන්න බැරි විකාරයක් බවට පැහැදිලි විවේචනයක් තිබුනා. ඔහුව ආරක්ෂා කරන්නේ රනිල් කියමින් රනිල් අනේක වාරයක් දොස් ඇහුවා. මලික් දන්නවා තමන්ගේ වැඩබැරියාව ලොක්කට මාට්ටු වෙලා ඉවරයි කියලා. හැමදාම "සර් ලාස්ට් චාන්ස් " ඔට්ටු නෑ කියලත් මලික් දන්නවා. අන්න ඒ නිසා සේරටම කලින් ලොක්කට මාට්ටුව දාලා සජිත්ගෙන් ගොඩයන අදහසේ තමයි මලික් ඉන්නෙ. 

අපිට අද කැට තියන්න පුලුවන් සජිත් වටේ අද හිටගෙන ඉන්න කුහක නඩය කොයි මොහොතෙද සජිත්ව උඩදාලා පයින් ගහන්නේ, අන්න ඒ මුලින්ම පයින් ගහන සෙට් එකේ මලික් ඉස්සරහයින් ඉන්නවා. 

මේක තමයි හේෂා වගේ තරුණ උදවිය තේරීම් ගන්න ඕන. 

මචං හේෂා, 

පොඩ්ඩක් බලන්න සජිත්ව මරු කියාගෙන වටකරගෙන ඉන්න පිරිස. ආර්ථික දැක්ම, සමාජීයය ජීවිත, ජීවිතය එන්ජෝයි කරන විදිහ .. මේ කියන කිසිම කරුණකින් ඔවුන් එකිනෙකාට සමපාත නෑ. කිරි හොද්දේ බෝල්ට් ඇණ වගේ. කිසිම සහසම්බන්ධතාවයක් නෑ. සජිත්ට ඕන කෙක්කෙන්  හෝ කොක්කෙන් ජනාධිපති වෙන්න. ආර්‍යාව සිහින.. මව් බිසෝ සිහිනය උදාකරගන්න. වටේ ඉන්න කුහකයන්ට ඕන සජිත් වගේ විකාරයක් පාලකයා කරගෙන සිරිසේන එක්ක ඩීල් කළ ආකාරයට ඉස්සරහටත් ඩීල් ටික දාගෙන ඉන්න. ඒ හමුවේ සජිත්ට සහ කුහක නඩයට මේ මොහොතේ එකිනෙකා ඕන වෙලා තියනවා. ඒත් හේෂා උන් උන්ගේ ටාර්ගට් වලට ගියාම හේෂා කියන්නේ මිටි නිසා කම්කරුවෙක් විතරයි.

අඩුගානේ උඹ අද බය නැතුව තමන්ගේ අදහස බය නැතුව කියනවා.නමුත් හේෂා උන් උඹේ උස මිටි කම මණින මොහොතේ කට ඇරලා වචනයක් කියන්න ඔයාට චාන්ස් එකක් නෑ . ඒ උඹව උන් සෙට් කරගන්නකොටත් උන් උඹව කම්කරු කරන්න තීරණය කරලා ඉවරයි.

මචං හේෂා: කොන්ඩම් එකක් වෙන්න එපා! මචං හේෂා: කොන්ඩම් එකක් වෙන්න එපා! Reviewed by Admin on 9:39 PM Rating: 5

No comments

Top Gossip

gossip