ඊළග ජනාධිපති කිලී: වෙන්න යන ඇත්ත කතාව මෙන්න!


එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීම හරහා මෙරට නිල නොළත් ජනාධිපති වීමේ කුමන්ත්‍රණයක් කිලී මහරාජා විසින් දියත්කර ඇති බව තහවුරු වෙයි.

එජාප නායකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තුළ තවදුරටත් ජනාධිපති සිරිසේන තබා ගැනීම හරහා මේ කුමන්ත්‍රණය දියත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

එහිදී යම් ආකාරයකට එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත්කර ගන්නට නොහැකි වුවහොත් කිලී මහරාජාට හිතවත් එජාප පිරිසක් හා ශ්‍රීලනිපය සමඟ ගොඩනගන සන්ධානයක් හරහා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වියයුතු බවත් එහිදී එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත්කර ශ්‍රීලනිපයෙන් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ජනාධිපති සිරිසේන නම් කළ යුතු බවද කිලී මහරාජා ගේ දැනුම්දීම වී ඇති බවත් වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් මේ වන විටත් කිලී මහරාජා සිය දේශපාලන ගෝලයන් මෙහෙයවමින් සිටින අතර එහිදී සිය ගෝලයන්ගේ ප්‍රධානත්වයෙන් වෙනම "කල්ලියක්" බිහිකර ඇත. මේ වන විට වාර්තා වන කරුණු අනුව "සජිත් පාර්ශවය" ලෙස පෙනී සිටින මේ කල්ලිය පාලනය කර ගැනීමට පවා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවා අසමත්ව සිටියි. 

ඒ බව අනාවරණය වී ඇත්තේ පසුගියදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාවේදී ය.

එහිදී අග්‍රාමාත්‍යවරයා දෙසැම්බර් 05 වනදා ගොඩනැගීමට තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියමිත ආකාරයට ගොඩනගා ගැනීමට නොහැකි වීම සහ ඒ හේතුවෙන් ජනාධිපතිවරණ කැම්පේන් එක පොහොට්ටු පාර්ශවයට පසුපසින් ආරම්භ කරන්නට සිදුවීම පෙන්වා දී තිබේ. එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසා ඇත්තේ සන්ධානය බිහිවීම වැලැක්වීමට තමන් කිසිවක් නොකළ බවය.

එහෙත් අග්‍රාමාත්‍යවරයා තමන්ට ඒ වන විටත් සන්ධානය පිහිටුවීමේ කටයුත්ත අඩාල කිරීමට අදාලව ලැබී තිබුණු තොරතුරු , පුද්ගලයන් සම්බන්ධව විමසා ඇති අතර ඇතැම් පාර්ශවයන්ගේ හැසිරීම පාලනය කිරීමට තමන්ටත් දුෂ්කර බව පව සජිත් අමාත්‍යවරයා පිළිගෙන ඇත්තේ එහිදීය.

එසේම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදයක් ඇත්නම් එය පක්ෂ අභ්‍යන්තරයේ විසඳාගත යුතු බවත් එය ප්‍රසිද්ධ කරුණක් බවට පත්කර ගැනීම පාක්ෂිකයන් අධෛර්යමත් කරවන විරුද්ධ දේශපාලන පක්ෂ දිරිමත් වන්නක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරවා තිබේ.

ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බිම බලාගෙන ඇති බවත් දැනගන්නට ඇත.

ජනාධිපතිවරණයට මම එනවා : රනිල් සජිත්ගේ මූනටම  කියලා !

මෙහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක් වරම ඔබතුමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවාද යනුවෙන් එක් වරම අග්‍රාමාත්‍යවරයා වෙතින් විමසා ඇති බවත් එහිදී තමන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි.

එහිදී සජිත් අමාත්‍යවරයා තමන්ටද ජනාධිපතිවරණය සදහා අපේක්ෂකත්වය ලබාගැනීමට ඉදිරිපත් වන ලෙස ආරාධනා රැසක් ලැබී ඇතැයි පවසා තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ " ඔයා කියනවා ඔයා එනවා කියලා. මම කියනවා මමත් එනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කරූ ජයසූරියව එවන්න කියලා භික්ෂූන් අති විශාල ප්‍රමාණයක් ඉල්ලා තියනවා. ඒ නිසා තමයි කිව්වේ සන්ධානය හදාගෙන අපේක්ෂකත්වයේ ප්‍රශ්නය බේරගමු කියලා. කොහොම නමුත් සන්ධානය හදන්න ඕන . ඒ නැතුව ජනාධිපතිවරණය පරදින්න වෙන්නේ " යනුවෙනි.

පසුගිය අඟහරුවාදා පැවති මේ සාකච්ඡාව අවසන්ව ඇත්තේ පොදු සන්ධානයක් බිහිකරමු යන පොදු එකඟතාව ඇතිවය.

කිලීට මළ පනියි !

කෙසේ වුවත් මේ සාකච්ඡාව සම්බන්ධ තොරතුරු මාධ්‍ය වෙත වාර්තා වූයේ ඉතා අල්පයක් පමණි.  නමුත් මේ  කතාබහ ගැන පසුව කිලී මහරාජා දැනගෙන ඇත. එහිදී ඔහු දරාගත නොහැකි කෝපයකින් ඇලලීගොස් ඇත්තේ එජාප අපේක්ෂකයා නම් කිරීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනැගීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එකඟතාව පළකිරීම ගැනය.

ඒ අනුව ඔහු සජිත් පාර්ශවයට  දන්වා ඇත්තේ එම තීරණය වහාම වෙනස් කළයුතු බවටය. එසේම කිසිම විමසීමක් නොමැතිව සජිත් අමාත්‍යවරයා පැමිණි මේ එකඟතාව නිසා ඉදිරි වැඩපිළිවෙළ මුළුමනින්ම අසාර්ථක වන බවත් දන්වා ඇත.

කිලීගේ මේ විධානය හමුවේ සජිත් අමාත්‍යවරයා බලවත් දුෂ්කරතාවකට පත්ව සිටි බවත් වාර්තා වෙයි. කෙසේ වුවත් දිනය පුරා විවිධ පාර්ශව වෙතින් එල්ලවු බලපෑම් හමුවේ තීන්දුවක් ගැනීමට සජිත් අමාත්‍යවරයා ට සිදුව ඇත.

ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන තොරතුරු අනූව "තමන් සන්ධානය සෑදීමට ලක්ෂවාරයක් එකඟ නමුත් අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව එය සිදුකළ යුතු" බවට අමාත්‍යාංශ ලිපි ශීර්ෂයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ ඒ අනූවය. මේ මාධ්‍ය නිවේදනය නිකුත්කල වහාම එය "බ්‍රේකිං නිව්ස්" ලෙස රට පුරා ප්‍රචාරය කිරීමට කිලී මහරාජා නියෝග කර තිබූ අතර එයත් ඒ පරිදි සිදුවිය.

සජිත්ට exit නැති කරන කිලීගේ ගේම මෙන්න !

එයින් නොනැවතුණ කිලී මහරාජා අනතුරුව කොළඹ වැහෙන්න ඇලවිය යුතු පෝස්ටරයක් ගැනත් නියෝගයක් නිකුත්කර ඇත. ඒ "ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එලවා දමමු " යන මඩ පෝස්ටරයයි. රටේ ජාතික ආරක්ෂාව පවා අවදානමේ හෙළා සැකසුණු , නාමල් කුමාර නම් විපරීතයා ප්‍රධාන භූමිකාව දැක්වූ " ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ නාඩගම" යළිත් කරළියට ගෙන ඒමට දායක වූයේද ඒ කිලී මහරාජා ගේ කෝපයයි.

ඒ පෝස්ටරය කොළඹ පුරා ඇලවුණේ " සජිත් එනවා " , " 2020ට අපෙන් සජිත් " යන පෝස්ටර් සමගය. වාර්තා වන ආකාරයට ඉහත 
" ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එලවා දමමු " පෝස්ටරය ඇලවීම හරහා කිලී මහරාජා අපේක්ෂා කළේ අග්‍රාමාත්‍යවරයා ට මඩක් ගැසීමට පමණක් නොව සජිත් අමාත්‍යවරයා ට ජනාධිපති අපේක්ෂකත්වය නොළබා තවදුරටත් එජාපයේ ඉන්න නොහැකි තත්ත්වයක් ඇති කිරීමය.

ඊළග ජනාධිපති කිලී: වෙන්න යන ඇත්ත කතාව මෙන්න! ඊළග ජනාධිපති කිලී: වෙන්න යන ඇත්ත කතාව මෙන්න! Reviewed by Admin on 12:53 AM Rating: 5

No comments

Top Gossip

gossip