සජිත් ජනාධිපති - මෛත්‍රී අගමැති: පත්තරේ නොයන විස්තරේ මෙන්න


සන්ධානය සෑදීමට පෙර අපේක්ෂකයා නම් කරන්නැයි ඉල්ලමින් දියත් වූයේ බරපතල දේශපාලන කුමන්ත්‍රණයක් බව දැන් හොඳටම තහවුරු වෙමින් තිබේ. එහි මුලින්ම සිටින්නේ එජාප කල්ලියක් වුවත් ඔවුන් මේ දක්වා සිය සැබෑ කුමන්ත්‍රණය සගවා පාක්ෂිකයන් නොමග යැවීමේ කූඨ උපායක් අනුගමනය කරයි.

කෙටියෙන්ම කියනවා නම් සජිත් ජනාධිපති , අගමැති මෛත්‍රී කිරීමේ කුප්‍රකට කුමන්ත්‍රණය පරාජය කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා. ඒ ලේසි පහසු නොවේ. මෙසේ කීවත් ඇතමකුට විශ්වාස කිරීමටද නොහැකි විය හැකියි.

ඔබ කොතනද ?

නමුත් දෙයක් සිදුවූවාට පසුව අඬනවාට වඩා හැගීම් පැත්තකින් තබා බුද්ධියට ඉඩ දුන්නොත් මේ දුෂ්ට කුමන්ත්‍රණය පරාජය කිරීම දුෂ්කර නෑ. ඔබ සැබෑ එජාප පාක්ෂිකයෙක් නම්  ? ඔබ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වල ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්නෙක නම්  ? ඔබ සැබැවින්ම මේ රට මහා ආර්ථික අභියෝගයෙන් හා ජාතිවාදී පසුගාමී ගොහොරුවෙන් ඔසවා නිදහස් කරගන්න ප්‍රාර්ථනා කරන්නෙක නම් ? මේ කරුණු ඔබත් වැදගත් වෙයි.

අවසන් සටන !

ඔක්තෝබර් 26 දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය දියත්වීමට පෙර සිට සකස්වූ දේශපාලන කුමන්ත්‍රණයක් මේ වන විට සිය අවසන් සටනට පොළාපැනලා.

ඒ අවස්ථාවාදී කුහක දේශපාලන කල්ලියක බලලෝභීත්වය සපුරා ගනුවස් රටේ පාලනය උදුරා ගැනීමේ ප්‍රයත්නය, මහරාජා මාධ්‍ය ජාලය හිමි කිලී මහරාජා ගේ සිට මලික් සමරවික්‍රම නම් එජාප කීර්ති නාමය වැනසූ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නීලකාස හොරා දක්වා පිරිසක් මේ මෙහෙයවමින් සිටිනවා . ඒ විතරක් නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන නම් දේශපාලන කුහකයාගෙ සිට චන්ද්‍රිකා ගේ ගෝල ගැන්සියත් මේ පසුපස සිටිනවා.

කිලීගේ ආශාව !

එජාප කවුරුත් වරද්දාගත් තැන මෙතනයි. කිලීගේ ආශාව වූයේ මෙරට මාධ්‍ය ඒකාධිකාරය අල්ලාගෙන සිය ව්‍යාපාරික අවශ්‍යතාවයේ සිට සෝපාවේ ආශාව සංතෘප්ත කරගන්න අවශ්‍ය දේශපාලන බලය අත්කර ගැනීමය. ඒ වෙනුවෙන් සියමර බල්ලන් පාර්ලිමේන්තුව තුළ ස්ථාන ගත කිරීමය. ඒ සඳහා ඔහු අවකාශය  තෝරා ගත්තේ සමාජ - ලිබරල් පක්ෂයක් වූ එජාප යයි. ආරම්භයේ සිට ඔහු වෘක පක්ෂපාතීත්වයක් ඊට දැක්වූයේත් , ඒ වෙනුවෙන් සිය මාධ්‍ය ජාලය සක්‍රීය කර තැබුවෙත් ඒ සඳහා ය. නමුත් එජාප නායකත්වය හෙබවූ රනිල් වික්‍රමසිංහ කිලීගේ ආශාවට ඉඩක් දෙන්නේ නෑ. ඊට කාටත් මතක නිදසුන නම් කිලී ඉල්ලපු ආකාරයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදීම රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීමය.

සිය ආශාව මර්දනය කළ රනිල් දඩයම් කිරීම වෙනුවෙන් කිලී මහරාජා තම මාධ්‍ය ජාලය මෙහෙයවීම අරඹන්නේ ඉන් අනතුරුවය. සිය පුවත් විකාශයන්හී ගුවන් කාලය මිනිත්තු 25 නම් ඇතැම් දිනවල මිනිත්තු 10-15 වැනි ප්‍රමාණයෙන් කිලී තම වෛරී මාධ්‍ය භාවිතය රනිල්ට එරෙහිව යොදවනු ලැබිණ. එහෙත් රනිල් සැලුණේ නැත. ඔහු දිගින් දිගටම කිලීගේ ආශාව තෘප්ත කරගන්න සිය පක්ෂයේ ඉඩක් නොදුන්නේ ඉතාලියේ බිහිවූ බර්ලුස්කෝනි වැනි මාධ්‍ය ආයතන හිමිකරුවෙක් රටේ පාලකයා වීම වැලැක්වීම සඳහාය. 

එළියේ සිට පහරදීම හරහා රනිල් නම් දේශපාලනඥයා විනාශ කළ නොහැකි බව තේරුම් ගත් කිලී මහරාජා පසුව සිය උපක්‍රමය තල දෙකක ප්‍රහාරයක් බවට පත්කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ද රනිල් විරෝධයක් අවුලුවා ලමින්. ඒ සදහා කිලීගේ තෝරාගැනීම වෙන්නේ, ඉක්මනින් කොටහලු වීමේ අපේක්ෂාවෙන් සිටින දැරියක් බඳු චේතනාවෙන් ඒ වන විටත් පක්ෂ අභ්‍යන්තරයේ සිටි සජිත් ප්‍රේමදාස.

සජිත් ඇම ගිලියි !

සජිත් අවස්ථා ගණනක් පක්ෂ නායකත්වය අල්ලන්න උත්සාහ කරනවා. ඒ ඉතිහාසය අපට මතකයි. ඉතා නිර්ලැජ්ජිත ආකාරයට සජිත් නායකත්වය අල්ලන්න පක්ෂ අභ්‍යන්තරයේ කැරලි ගහන්නේ කිලීගේ ආශාව වෙනුවෙන්. ඒ නිසා කිලී "සජිත් තමයි නායකයා " කියලා ලල් ටොපික් එක තමන්ගේ මාධ්‍ය ජාලය හරහා කෘතීම ලෙස මවා පානවා.

ඉක්මනින් කොටහලු වෙන දැරිවියෝ ඉක්මනින් බඩ වෙනවා කියලා ගම්මු කියන්නේ නිකං නෙවෙයි. ඒ වගේම දෙයක් තමයි නායකත්වය වෙනුවෙන් කැරලි ගහන්න ගිය සජිත්ට අත්වෙන්නේ. හැම කැරැල්ලක්ම අසාර්ථක වෙනවා. නමුත් මෙතන විශේෂ දෙයක් තියනවා. ඒ තමයි සජිත්ගේ මේ මොන කැරැල්ල අසාර්ථක වුනත් ඔහුට කිසිම හානියක් නොවීම.

සජිත් හැර සැමගේ පස්ස නැතිවීම !

කොහොමද එහෙම වෙන්නේ ? සජිත් කියන්නේ දුර්වල කිසිම දේශපාලන පෞරුෂයක් නැති, දැක්මක් නැති අප්පොච්චි නිසා ඔය දැන් ඉන්න තැනට පත්වෙච්චි කෙනෙක්. ඒ නිසාම ඔහුගේ දර්ශනය වන්නේම දරුණු පාවාදීමයි. ඒ සමයේ එජාප තරුවක් වූ දයාසිරි ජයසේකර ගේ සිට මේ වෙනකොට ජනාධිපති සිරිසේනගේ උපදේශකයකු වන ශිරාල් ලක්තිලක එජාප ය තුල සජිත්වාදී වෙන්න ගිහින් පස්ස නැතිකර ගත්ත ඉතිහාසය ඊට සාක්ෂි දරනවා.

 එකම ප්‍රශ්නයට උත්තර සමානයි !

අද කියලත් ලොකු වෙනසක් නෑ. සජිත්ව කරේ තියලා උස්සන්න ගිය කාටත් වෙච්ච සන්තෑසිය, මේ මොහොතේ සජිත්ව උස්සගෙන ඉන්න අයටත් සිදුවීමේ සම්භාවිතාව වැඩියි. මොකද සජිත් තවමත් පාඩමක් ඉගෙන නැති නිසා. තමන් දැන් සිටින තත්ත්වයට වඩා ටිකක් ඉහළ තනතුරක් ලැබුණොත් සජිත් කැරැල්ල අත්හරිනව. සජිත් නායකයා කරන්න කඩේගිය සේරම අත්හැර දමා සජිත් අර තනතුර ගන්නවා. ආය ඉතිං සජිත්ට පක්ෂ නායකත්වය අල්ලන්න මතක් වෙන්නේ "ඕයි මොකක් හරි ලෙඩක් ඇදලා රනිල් එලවනවා" කියලා කිලීගේ කෝල් එක ආවහම විතරයි.

 තක්කඩි කල්ලි !

ඔන්න ඔය වගේ ඉන්න සජිත්ව ගේන්න , නායකයා කරන්න , ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට වලිකන අලුත් අශුද්ධ සන්ධානය තමයි මලික්ගේ කල්ලිය. බැලූ බැල්මට මේ පාර්ශවයේ සමාජීයය , ආර්ථික දැක්ම විතරක් නෙවෙයි සංස්කෘතික කරුණු පවා එකිනෙක කොහෙත්ම ගැලපෙන්නේ නෑ.

සජිත් එජාප ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන කියලා මාරාන්තික නාඩගමක් නටන මලික් කල්ලියේ ආර්ථික දැක්ම නියෝලිබරල් . ඒත් සජිත් ඉන්නෙ රටේ ආර්ථිකය ගැන කිසිදු තක්සේරුවක් නොමැති හැම දෙයක්ම " නිකං දෙන්නං " " ශ්‍රීමත් අතිගරු මගේ පියානන් දුන්නා වගේ දෙන්නම්", "එල්ලා මැරුවාම අපරාධ අඩුවෙනවා " වැනි මැටි තැනක. ඉතිං මේ දෙපාර්ශව කොහොමද එකතු වෙන්නේ ? 

අගමැතිලා පොකුරු පොකුරු : ඇමැති ධූර බුරුතු බුරුතු !

මේ තමයි අපේ කාලයේ දේශපාලන මුග්ධත්වය. දේශපාලන නරුමත්වය , දේශපාලනයේ තක්කඩිකම. ඇත්තටම මලික් ඇතුළු කල්ලියට මෙතන රට හදන්න , ජාතික අභිලාෂ ඉටුකරන්න, ආර්ථික අර්බුදය ජයගන්න හෝ ජාතික සමගිය තහවුරු කරන්න වගේ අපේක්ෂා මොකුත්ම නෑ.

ඒ කල්ලියේ කිහිපදෙනකුගේ තියෙන්නේ අගමැති සිහින, ඇමති සිහින, සිරිසේන සමග හවුලේ ජාතික ආණ්ඩුවක් හදාගෙන අමාත්‍යාංශ වැඩි කරගෙන ඉක්මනින් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වීම වගේ සිල්ලර කාරනා.

ඒ හැර එජාප ය දිනවන්න, පාක්ෂිකයන් ආරක්ෂා කරන්න , පුලුල් සන්ධානයක් හදන්න , මෛත්‍රීපාලගේ පළිගැනීම්වලට ලක්වූ සහෝදර දේශපාලන නායකයන්ට යුක්තිය ඉටුකරන්න වගේ කරුණු මතුවෙන කොට මේ අය පස්සෙන් හිනා යන්නේ  ඒ නිසා.

දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම වෙනුවට සිරිසේනගේ බත් බැලයන්ට අමාත්‍යාංශ තනතුරු දීගෙන ආරක්ෂා කලේ, එජාප අමාත්‍යාවරුන්ට තමන්ගේ ආයතනයක් සදහා අවශ්‍ය අයෙකු පත්කිරීම මෛත්‍රීපාල හරහා වලක්වාලමින් කටයුතු කළේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනැගීමට එක්වූ නායකයන් ඉලක්ක කර දරුණු මඩ ප්‍රචාර දියත් කර තිබෙන්නේ අන්න ඒ නිසා.

එජාප ප්‍රේමය මාරයි !

ඒ විතරක් නෙවෙයි , මලික් කල්ලිය පක්ෂයේ උන්නතියට කියාගෙන , පක්ෂය හැරගිය මාර පක්ෂ ප්‍රේමීන් සජිත් ආවොත් නැවතත් පක්ෂයට කියාගෙන උස්සලා පෙන්වන පිරිස කවුද බලන්න. එක පැත්තකින් කෝටි ගාණක් කඩාගෙන පසුගිය ජනාධිපතිවරණය අවස්තාවේ හොර ගිවිසුමක් ගැන කියලා රාජපක්ෂ කඳවුර ට එක්වූ තිස්ස , අනිත් පැත්තෙන් සිරිකොතට ගල් ගස්සවපු, අදටත් ජනාධිපති මෛත්‍රීපාල ළඟ ඉඳගෙන එජාප පාක්ෂිකයෙකුට රැකියාවක් හෝ නොදෙන්න අංචි අදින ශිරාල් ලක්තිලක වගේ ගුණමකු පාවදෙන්නන්. 

කුමන්ත්‍රණය හඳුනාගෙන ඉන්න !

පිසාචයෙකු පවා බිය ගැන්වෙන තරම් දරුණු පළිගැනීමක් පක්ෂය වෙතින් සිදුකරන , ඒ වෙනුවෙන් සෑම උදෑසනකම අංජනම් බලන මේ කඳවුර එජාප බලය ඇල්ලීම තමයි මේ සූදානම් වෙමින් තිබෙන්නේ. ඒත් නිකංම නෙවෙයි , මෛත්‍රීපාල කියන ගුණමකු පාලකයා අගමැති කරන පොරොන්දුවක් පිට.

ඒ කුමන්ත්‍රණය මේ වන විට කවුරුත් දන්න රහසක් වෙලා. තනියම හෝ ඉල්ලන තැනට දැන් සජිත්ව කොටු කරගන්නත් මේ අය සමත් වෙලා ඉවරයි. 

මුතූගේ කතාව !

ඒ නිසා තමයි නිශාන්ත මුතුහෙට්ටිගම පහුගියදා කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය ලබා නොදුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කරන බව.

එම ආරාධනාව පිලිගතහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සියළු දේ ඉටු කරාවි යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියන්නේ.

මුතුහෙට්ටිගම මොන දේශපාලන අබබ්බයෙක් වුනත් නිතර ජනාධිපති මන්දිරයට ගිහින් පොලිටිකල් ඈන්ගල් එක අහගෙන ඇවිත් මාධ්‍ය වෙත ටෝක් ඉශූ කරන බව දේශපාලන ක්ශේත්‍රයේ නොදන්නා කෙනෙක් නෑ.

සටන් පාඨය දන්නවද ?

මුතුහෙට්ටිගම කියූ නිසා විතරක් නෙවෙයි ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් රැසක් මේ ගැන දැනුවත්. මේ වෙනුවෙන් සජිත් - මලික් කල්ලිය දැනටමත් සටන් පාඨ පවා හදලා ඉවරයි. ඒ තමයි "සජිත් ජනපති-මෛත‍්‍රී අගමැති !".

සජිත් - මෛත්‍රී අවසන්  සාකච්ඡාව !

මේ ගැන එකඟතාව ඇතිකර ගෙන කාලයක් ගතවී අවසන්. ඔබට මතක නම් සජිත්ගේ උත්සවයක් ඇමතූ මෛත්‍රීපාල සජිත්ව වර්ණනා කළ අපූරුව. ඒ වගේම තමයි පසුගිය කාලයේ මෛත්‍රීපාල ගෙන් වැඩිපුර අමාත්‍යාංශ විෂය පථ ලබපු, අමාත්‍ය ධූර එකතු වූ, අගමැති නොදැන ඇමතිධූර ලැබූ මේ සියල්ල කුමන්ත්‍රණයක පෙර පියවර බව දැන් තහවුරුයි.

ඇත්තටම මේ කුමන්ත්‍රණය සාර්ථක කරගන්න අඩුවකට කියලා තිබුණේ මලික් කල්ලිය ගැන, ඒ කල්ලියේ සංයුතිය ගැන  සජිත්ට වගේම සිරිසේනට තිබුණ සැකය . නමුත් ඒ සැකය දැන් අවසන් වෙලා. ඒ සජිත් විසින් මෛත්‍රීපාල ට දුන්න සහතිකයක් එක්ක. ඒ සහතිකය තමයි සජිත් තවදුරටත් මලික්ගේ කල්ලිය කියන දෙර් නොඅසා වැඩ කිරීම. ඒ වෙනුවට වක්‍රව මෛත්‍රී චින්තනය වෙත සමීප වීම. 

අන්න ඒ නිසා තමයි රජිත් කීර්ති තෙන්නකෝන් කියන මෙතෙක් කලක් පැජට් පාරේ ජනාධිපති නිවසේ ඉඳුල් කා එජාපයට එරෙහිව උදේ හවස මාධ්‍ය නිවේදන නිකුත්කල  අපකීර්තිමත් ආණ්ඩුකාරයා, දැන්   එජාප බලය අල්ලන්න නම් ඇතුලේ ලොකු සටනක් කරන්න කියමින් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සජිත්ට උපදෙස් දෙන්නේ.

මේ ගැන තව බොහෝ තොරතුරු අපට ලැබෙමින් තියනවා. ඒ සියල්ලත් අපි තහවුරු කරගත් සැනින් නිකුත් කරනවා. අවසන් වශයෙන් අපි ඔබට කියන්නේ මඩකිං සිදුකළ මේ අනාවරණය සැක නම්, " ඉස්සරහට තේරෙයි - හැබැයි කල් මදිවෙයි" කියලා පමණයි. කුමන්ත්‍රණය පරාජය කිරීමට දැන් දැන් කඩිනමින් මැදිහත්වීමක් අවශ්‍යත් ඒ නිසයි.

සජිත් ජනාධිපති - මෛත්‍රී අගමැති: පත්තරේ නොයන විස්තරේ මෙන්න සජිත් ජනාධිපති - මෛත්‍රී අගමැති: පත්තරේ නොයන විස්තරේ මෙන්න Reviewed by Admin on 1:09 AM Rating: 5

No comments

Top Gossip

gossip