සජිත්ගේ මුදල් ඇමති මලික්!


සජිත් - මෛත්‍රී සන්ධාන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය මලික් සමරවික්‍රම වෙත ලබාදීමට පොරොන්දුව අනූව ඔහු ඊට සහය පළකර ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙනවා.

අපේ තොරතුරු මූලාශ්‍ර වෙත මේ බව තහවුරු කර දන්වා ඇත්තේ පැරණි රගර් ක්‍රීඩකයෙකි.

මලික් සමරවික්‍රම සමග සමීප සම්බන්ධතාවක් ඇති මේ රගර් ක්‍රීඩකයා පසුගිය 12 වනදා මේ බව අනාවරණය කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ මලික් සර් ට ටිකක් වැඩිවූ අවස්ථාවක කනටම කර මේ කතාව කියූ බවයි. ඒ වගේම ඉදිරියේ මහ බැංකුව නිකුත්කරන රුපියල් 10000 නෝට්ටුවේ අත්සන තබන්නේ තමන් බවත් එයින් නිකුත්කරන පළමු නෝට්ටුව සිහිවටනයක් ලෙස අදාල රගර් ක්‍රීඩකයාට ලබාදෙන බවට මලික් එහිදී පොරොන්දු වී ඇති බවත් තොරතුරු වාර්තා වෙනවා.

මලික් කොහොමත් රගර් කොල්ලන්ට තෑගි දෙනවා !

කොහොම නමුත් මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලන්න අපි ඒ පාර්ශවය නියෝජනය කරන ප්‍රචාරක අංශ ප්‍රධානියකු ඇමතුවා.

ඔහු නම් කියන්නේ මලික් කොහොමත් රගර් ගහන කොල්ලන්ට දෙකක් දාගෙන ඉන්න වෙලාවට ඔහොම ආතල් දෙනවා කියලයි.

මලික් දන්න දේ මොකක්ද නොදන්නා දේ මොකක්ද යන්න ගැන තම පාර්ශවය හොදින් දැනුවත් බවත් රගර් ක්‍රීඩකයකු ඉදිරියේ මුදල් ඇමති වීමට මලික්ට ආසාව තිබුණත් රටේ මුදල් ඇමති වීමට මලික්ට ඉඩක් නොතබන බවත් ඔහු සඳහන් කලා.

 ඒ වගේම මුලදී සජිත් එන බව කටක් ඇරලා කියන්න කොන්දක් නොතිබූ රැසක් දැන් සජිත් සජිත් ගාගෙන විවිධ තනතුරු ඉල්ලමින් එකතුව සිටින බවත්, තමන් දන්න විදිහට මේ වන විට සජිත් ජනාධිපති ආණ්ඩුවේ අගමැතිවරුන් 3ක්, තරුණ කටයුතු අගමැති කෙනෙක් , මුදල් ඇමතිවරුන් 3ක් ආදී ලෙස ලයිස්තුවක් සිටින බව ඔහු පැවසුවේ සිනාමුසු ලෙසින්.

රනිල් එක්ක බෑ : ගමන නවත්වන්න ගේමක් !

එමෙන්ම එම පාර්ශවයේ වැඩිදුර තොරතුරු අනුව ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත් සැනින් පක්ෂ නායකත්වය ලබාගැනීමට සූදානමක් සජිත් - මලික් කල්ලියට තිබෙනවා.

ඔවුන් එය සැලසුම් කර ඇත්තේ "අපේක්ෂකයාට පක්ෂය : ජනාධිපතිට එජාපය" මැයෙන්. ඔවුන් මේ තීන්දුව ගෙන ඇත්තේ කුමන  හෝ ආකාරයකට එජාප ජනාධිපති  අපේක්ෂකයා ලෙස සජිත්ව නම් කරත් පක්ෂ යාන්ත්‍රණය අඩපණ කිරීමට පක්ෂ නායක රනිල් සූදානම් කරවයි යන දැඩි සැකය නිසයි. 

ඒ ගැන වැඩිදුරටත් සාක්ෂි ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට වෙනම සහය දෙමින් සිටින ජනාධිපති උපදේශකයකුගේ පාර්ශවය වෙතින්. ඔවුන් මේ බව කටමැත දොඩවා ඇත්තේ " සජිත්ට අපේක්ෂකත්වය ලැබිලා සතියක් ගියහම අපි සිරිකොත පැත්තේ එනවා කියමින්.

ඒ විතරක් නෙවෙයි එජාපය සතු සහයක සංවිධාන සියල්ල වෙනස් කරන බවටත් ඒවායේ ඉහළ තනතුරු දරණ සියළු දෙනා එළියට ඇද පාරේ දුවවන බවත් ඔවුන් සදහන් කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ සිරිකොතට ගල් ගැසූ දිනයේ තමන්ට සැලකූ ආකාරය අමතක නැති බව සදහන් කරමින්.

සජිත්ගේ මුදල් ඇමති මලික්! සජිත්ගේ මුදල් ඇමති මලික්! Reviewed by Admin on 9:15 PM Rating: 5

No comments

Top Gossip

gossip